තුඩපත් මඟින් හෙළිවන සිංහල උරුමය

බ්‍රි තාන්‍යයන් 1815 දී ශ්‍රී ලංකාව ගිවිසුමකින් පවරා ගැනීම පිළිබඳව සිංහල රදළවරු බොහෝ සුබවාදීව කටයුතු කළහ. වඩුග රජු බලයෙන් පහ කරලීම සඳහා මෙවැනි පියවරකට අවතීර්ණ වීම සිදුවීම දෛවයේ සරදමක්‌ විය.

ඉංග්‍රීසීහු රදළවරුන්ගේ බලය කප්පාදු කිරීමට පියවර ගත්හ. බුද්ධ ශාසනයට ලැබී තිබූ වරප්‍රසාද අභියෝගයට ලක්‌ කෙරිණි. 1818 ජාතික විමුක්‌ති අරගලයට ඇතිවූයේ සිංහල රදළවරුන් සහ භික්‍ෂූන් වහන්සේලාගේ අසහනය පුපුරා යැමෙනි.

ජාතික සටන නිභීන ලෙසට මෙල්ල කළ ඉංග්‍රීසීහු 1840 මුඩුබිම් පනත මගින් හරි හැටි ලියෑවිල්ලක්‌ නොමැති ඉඩකඩම් රාජසන්තක කර ගත්හ. සන්නස්‌ මගින් සෙල්ලිපි, තුඩපත් මගින් රදළවරුන්ටද, විහාරස්‌ථාන වලටද ලබාදෙන ලද ඉඩම් පිළිබඳ අයිතිය ඉංග්‍රීසි රජයට ඉදිරිපත් කර ගැනීමට එවක්‌ වන විට සිටියේ ප්‍රභූන් අතළොස්‌සක්‌ පමණි. ඉංග්‍රීසීන්ට බියේ වහංගු වී සිටි බොහෝ පිරිස්‌ සිය උරුමයද සමගින් සියලු අයිතිවාසිකම් අත්හළහ. පොදුවේ ජනතාව භුක්‌ති විඳි ඉඩම්වලට පවා පැහැදිලි තර්කානුකූල අයිතිවාසිකමක්‌ ඉදිරිපත් කළ හැකි කිසිවෙක්‌ ඒ වනවිට ඉතිරි වී නොසිටියහ. මේ නිසා ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය එහි සිංහල බෞද්ධ ජනතාවට තිබෙන උරුමය යටපත් කරලීමට ඉංග්‍රීසීන් ගත් තැත සාර්ථක විය.

1840 න් පසුව කීපවාරයක්‌ම ඉඩම් අණ පනත් කරළියට පැමිණිය ද ඒ කිසිවකින් සිංහලයිනට සාධාරණයක්‌ ඉටු නොවීය. 1931 දී පොදු ඉඩම් භුක්‌තියකින් යුතු හේන් වගාව තහනම් කරලීමට සහ සීමා කිරීමට කටයුතු යෙදුණි.

ශ්‍රී ලංකාවට නිදහස අත්පත් වීමෙන් පසුව ලංකාවාසීන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවක්‌ වූයේ සිංහලයන්ගේ උදුරා ගත් ඉඩම් නැවත ආපසු ගැනීමට කටයුතු කිරීමය. ඉඩම් පරිහරණය සඳහා වරින්වර නීති ගෙනා රජය ජනතාවට අවශ්‍ය ඉඩම් බෙදාහදා දුන්නද විහාරස්‌ථාන සතු ඉඩ කඩම්වල අයිතිය පිළිබඳ ගැටලුව තවමත් එලෙසමය. එසේම සන්නස්‌ තුඩපත් මගින් පවරා දුන් ඇතැම් ඉඩකඩම් නිරවුල්කර ගැනීමට බැරි තරම් මට්‌ටමකට පත් වී ඇත.

මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ වන පනත පල්ලෙ ඔය පත්තුවේ පිහිටි කුඹුක්‌ කඳන්වල නම් ග්‍රාමය මෙලෙස 1966 දී ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ උරුමකරුවන්ගෙන් බැහැර කොට රාජසන්තක කොට ගත්තකි. නිදහස ලැබීමෙන් අනතුරුව වුවද ක්‍රියාත්මක වී තිබෙන්නේ ඉංග්‍රීසි නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය බැවින් එහි පදිංචිව සිටි වෙදරාළගේ පරම්පරාවට තුඩපතක්‌ මගින් හිමිව තිබූ ඉඩම් රාශියක්‌ රාජ සන්තක විය.

මෙම ඉඩම් සහ එහි උරුමක්‌කරුවන් වන මිල්ලවානේ රත්තරන් ගෙදර වෙදරාළගේ පරම්පරාව සතු ඉතිහාසය විමර්ශනය කරන්නෙකුට ලංකා ඉතිහාසය තුළ එක්‌ සුවිශේෂී අවස්‌ථාවක්‌ හමුවෙයි. එම අවස්‌ථාව කිසිසේත්ම ඉඩම් නිරවුල් කිරීමේ නිලධාරීන් සලකා බලා නොමැත.

කුඹුක්‌කඳන්වල ග්‍රාමය සහ ඒ අවට වැදගත් ඓතිහාසික ප්‍රදේශයකි. කළුදිය පොකුණ පුරාවිද්‍යා ස්‌ථානයට ඉතාමත් නුදුරෙන් පිහිටා තිබෙන මේ ගම 1663 දී රිදී හැත්තෑපහකට මිල්ලවානේ රත්තරන් ගෙදර නයිදෙ හාමිට හිමි වූවකි. මේ ඒ තුඩපතයි.

"මිල්ලවානේ රත්ත්‍රං ගෙදර නයිදා හාමි වෙදරාළට පෙනලබඩේ මුහන්දිරම යන මගේ කුඹුක්‌කඳන්වල කියන නිද්දගම රිදී හැත්තෑ පහක්‌ දී බාරගනිමිං හතර මායිම් ඇතුළුව දෙන්ට යෙදුනේ ශතවරුශ එක්‌වා දහස්‌ ශශිය තුන්වෙනි අවුරුදු ඇසළ මස පෑල වියලත් ගුරුදින දවසේ කණ්‌ඩලමේ තේනා ආරච්චිල ලේනව මහකපුරාල නිකවටවන බුඩියන්නා මෙම ශාක්‌කි ඉදිරිපිට ලියා දුන්නේ කෝරල වන මාය.. මෙහි දෙන්ට යෙදුනේ කුඹුක්‌කඳන්වල ගමට හතර මායින් නම් බෙලං ගොල්ල හිංනෙන් කරඹවැල් යායෙ වැට වැරැල්ලෙන් කෙරටිය ගලෙන් පස්‌ හේනේ මත මීගහයෙන් රඹ වැවේ දිය ගිලුමෙන් මහ ගුරුළු හිංනෙන් ගල් ටැඹෙන් දුන්න විදි වැටෙන් අතුරු කෙටු ගලෙන් මහ කළු යායේ හීන්නට මෙම මායින් ඇතුළුව දෙන්නට යෙදුනේ පෙනෙලබඩ මුහන්දිරම වන මමය...

රිදී හැත්තෑපහක්‌ වැනි මුදලකට ගමක්‌ ලබා දෙන්නට තීන්දු කර ඇත්තේ එම මුදල ලබාදුන් නයිදෙහාමි එවක පභූවරයකු ලෙසින් සැලකූ නිසාවෙන් යෑයි සිතිය හැකිය. නයිදෙහාමි ඇතුළත් මිල්ලවානේ රත්තරන් ගෙදර පරම්පරා නාමය මගින් මේ පෙලැන්තිය වාංහුං හෙළිවේ.

සපති සාපති සා දිසාපති ශ්‍රී නාරායන බ්‍රාහ්මණ මුදියන්සේ යන නාමය මේ පරම්පරාවට ලබාදී තිබෙන්නේ දෙවැනි රාජසිංහ රජතුමා විසිනි. රාජසිංහ රජු වෙස්‌වලාගෙන ගම් නියම් ගම් වල ඇවිදින කළ එක්‌ මහලු කාන්තාවකගේ නිවසට පැමිණ නවාතැන් ගෙන සිටින විට ඇය පිළිගැන්වූ උණු උණු සුනු සහල් බත ලහි ලහියේ කෑමට යැමෙන් අත පිච්චීම නිසා මහලු කාන්තාව පවසා ඇත්තේ මේ ගුරුහාමිගේ සුත් සල් බත් කෑමත් රාජසිංහ දෙවියන්ගේ කොටු ඇල්ලීමත් එක වගේ යෑයි කියාය. සුන සල් බත ගුලි කොට නිවාගෙන කන හැටි ඉගැන්වූ මහලු කාන්තාවගෙන් පාඩමක්‌ ඉගෙනගත් දෙවැනි රාජසිංහ එවකට ලන්දේසින් සමඟ සිදුවූ සටන් වලින් ජය ලබාගෙන ඇත. පසුව මේ මහලු කාන්තාව රාජසභාවට කැඳවූ රජතුමා ඒ පරම්පරාවට පෙරකී නම්බූ නාමය ප්‍රදානය කළේ ඇයවිසූ මිල්ලවානේ නිවස රත්තරන් වටින ගෙදරක්‌ වශයෙන් හඳුන්වාදෙමිනි.

කල්යැමෙන් පසු ඒ පරපුරේ නයිදෙහාමි සිය අඹුදරුවන් සමඟ මඩුමුගම නම් ප්‍රදේශයේ පදිංචිව සිටින අවස්‌ථාවේ. එවක එම ගමෙන් පිටත්ව ඉනාමළු කෝරලයේ වන පනහපල්ලෙසිය පත්තුවේ යටකී පෙනලබඩමුහන්දිරමට අයත් ඉඩම රිදී හැත්තෑපහකට මිලදී ගත් බව පැවැසේ.

මිල්ලවානේ රත්තරන් ගෙදර පරම්පරාව බ්‍රාහ්මණයන්ගෙන් පැවතෙයි. ඔවුහු පණ්‌ඩුශාක්‍යගේ දුවණිය වූ භද්දකච්චානා කුමරිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පරිවාර සේනාවට අයත්ය. මේ පරම්පරාවේ මුල් පුද්ගලයා නමින් සිරිනාග බ්‍රාහ්මණ වෙයි. අනුරාධපුරයට නැගෙනහිර දිසාවෙන් නිවසක්‌ ලැබී වාසස්‌ථානය කළ මොහුගේ නමින් ඒ ගමද සිරිනාග විය. පසුකාලයේදී ඒ ග්‍රාමය නැදුන්ගම විය. මේ ගම් වරය එම බ්‍රාහ්මණ රාළට පරිත්‍යාග කළ රජු රාජයද්ම යන නම්බු නාමයද හිමිකර දුන්හ.

මෙකී සිරිනාග රාජපද්ම බ්‍රාහ්මණ පෙළපතේ අය දුටුගැමුණු රජ කාලයේ විජිතපුර සටනට උරදුන්හ. මේ වකවානුවේ මේ පරපුරේ තිදෙනක්‌ම රාජ සේවයට එක්‌වී සිටියහ. ඉන් බාලම සේනාධිපතිවරයා අනුරාධපුර අසල පොතුවිල නම් ග්‍රාමයේ පදිංචිව සිටියේය.

දුටුගැමුණු රජු විජිතපුර බලකොටුව බිඳිනවර මේ පොතුවිල රාළ නොහොත් සිරිනාග රාජපද්ම බ්‍රාහ්මණ කුමරුද සටනට එක්‌වී සිටියේය. රජු යුද්ධයෙන් දිනා බල සෙනඟ සටනට එක්‌වී සිටියේය. රජු යුද්ධයෙන් දිනා බල සෙනඟ ආන්බාන් කරන ප්‍රස්‌ථාවේ විහාර මහා දේවි අටල්ලේ සිටියේය. ඒ අවස්‌ථාවේ සිරිනාග පොතුවිල රාළ අටල්ලට පැමිණ විහාරදේවිය සිය අසුපිට නන්වාගෙන පොතුවිල ගම බලා පිටත්ව ගියබව පැවැසේ.

ඒ කුමන හේතුවකටද යන්න පැහැදිලි නැති නමුත් මේ සිද්ධිය සඳහන්ව තිබෙන්නේ මිල්ලවානේ රත්තරන් ගෙදර පරම්පරාවේ ඇත්තන්ගේ පුස්‌කොළ පත් ඉරුවකය. ඒ පත්ඉරුවේ වැඩිදුරටත් සඳහන්ව ඇති පරිදි විහාර දේවියගේ මේ පළඳනාව පොතුවිල රාළගේ ඇඹේනිය වූ වන්නි තිලකාට තිළිණකොට දී ඇත. මේ කතාව අප්‍රකට ප්‍රවෘත්තියක්‌ වූවද පොතුවිල ගම අසල දේවී විල - දේවී තොට ආදී වශයෙන් වූ ස්‌ථාන නාම පවතින බව අසන්නට ලැබේ.

පොතුවිල රාළගේ දරුවන් දෙදෙනා අතරින් බාලම දරුවා වූ කුඩාරාළ අනුරාධපුරයේ සිට මලයරට බලා රජ පයිංඩ තකා එන අතර මගදී සෙංකඩගල මහනුවරට නුදුරු කඳුකරයේ සරුසාර ප්‍රදේශයක්‌ ඇත. එම ඉසව්ව වාසස්‌ථානයක්‌ වශයෙන් තෝරාගත් බවද පෙරකී පුස්‌කොළ පත් ඉරුවේ සඳහන්ව ඇත. මිල්ල ගස්‌ වලින් ගැවසීගත් ඝනවනාන්තරයක්‌ වූ මේ ප්‍රදේශය පසු කාලයේදී මිල්ලවාන නම් විය.

මිල්ලවානේ රත්තරන් ගෙදර බ්‍රාහ්මණ පරම්පරාවේ අතීත ප්‍රවෘත්තිය මෙලෙස වූ අතර ඔවුහු දෙවැනි රාජසිංහ රජුගේ කාලයෙන් පසු ඉනාමළුව කෝරළයට සහ අනුරාධපුරයේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයට සංක්‍රමණය වූ බව සන්නස්‌ සහ තඹපත්වලින් පෙනේ. කැබැතිගොල්ලෑව ප්‍රදේශයට සංක්‍රමණය වූ ඥාති පරම්පරාවන්ද රිදී වලින් ගම් මිලකොට හුරුළු පළාත කරවූ හුරුළු විදානේ ගෙන් කුංචුට්‌ටු කෝරළයේ ගමක්‌ ලබාගෙන පදිංචි වූ බව පෙනේ. මේ ගම පිළිබඳ යෑවූ තුඩපතක්‌ද ඒ පුරාණ ගම් වැසියන් සතුව තිබේ. කොටස්‌ අන්සන්තක කර තිබේ.

මිල්ලවානේ රත්තරන් ගෙදරසිට මහනුවර අණසක එතරම්ම නොලබන ප්‍රදේශයන්ට යන්නට යෙදුණු හේතුවද මේ කතා ප්‍රවෘත්තියේ විශේෂතාවකි. මහනුවර වාසල කැළඹූ වඩුග නායක්‌කර් බලපතට මීට හේතුවන්නට ඇත.

මේ ගම කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බෙහෙවින් බැට කෑ ගම්මානයකි. සිංහලයන්ගේ උරුමය නුවරකලාවියේ පවතින බවට ලේඛන මගින් තහවුරු කළ ගම්මානයකි. මෙවැනි ගම්මාන පිළිබඳ ඉතිහාසය මගින් හෙළිවන්නේ උතුරුමැද පමණක්‌ නොව උතුරේද පැවැති සිංහල ශිෂ්ඨාචාරයයි.

මතුගම සෙනවිරුවන්.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v