|
|
|
|
|

ප්‍රතිගාමිත්වය හිස එසැවීම
මේ රටේ විශ්වවිද්‍යාලවල දැනට ඇති නවක වධය සහ රට පුරා ක්‍රියාත්මක
වෙමින් පවත්නා වැඩ වර්ජන රැල්ල අතර පැහැදිලි සම්බන්ධයක්
පවතින්නේ යයි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති අනුර
වික්‍රමසිංහ පවසයි. නවක වධය සිදුකරන වධකයා එක්‌තරා ආකාරයක මානසික
රෝගියෙකි. ඒ බව ප්‍රසිද්ධියේ කීමෙන් වැළකී සිටිය යුත්තේ මානසික
රෝගීන් මුහුද මැදට ගෙන ගොස් පොලුවලින් පහරදීමේ වැඩපිළිවෙළක්
පොලිසිය විසින් ආරම්භ කර ඇති බව පෙනී යන හෙයිනි. නවක වධකයා තුළ
ඇති මානසික ව්‍යාකූලත්වය පරපීඩා කාමුකත්වය සමඟ එක්‌වෙයි. නවක වධය
දීමේදී සිසු සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් බැනීම, ඔවුන්ට අපද්‍රව්‍ය
කැවීම, නොයකුත් කාමුක ක්‍රියා ප්‍රසිද්ධියේ රඟ දක්‌වන ලෙස බල
කිරීම යනාදී දේවලින් ඒ බව පැහැදිලි වෙයි. මහාචාර්ය වික්‍රමසිංහගේ
මතයට අනුව නවක වධය නිසා විශ්වවිද්‍යාල වැසේ. එවිට ශිෂ්‍යයෝ
එක්‌කෝ ගෙවල් බලා යතිá නැතහොත් තැන තැන රංචු ගැසී සමාජ විරෝධී
ක්‍රියා සඳහා දායක වෙති. මෙවිට වැසී ඇති විශ්වවිද්‍යාල කෙරෙහි
ජනතාව තුළ වෛරයක් හට ගනී. ශාස්‌ත්‍රවේදී උපාධිය කළ යුතු
ශිෂ්‍යයා හොර පොල් කඩන විටත්, විද්‍යාවේදී උපාධිය කළ යුතු
ශිෂ්‍යයා බලාගත් අතේ බලාගෙන සිටින විටත් තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්
පිරිසක් සිනමා ශාලා සහ උද්‍යාන ගානේ රස්‌තියාදු වන විටත් එවැනි
වෛරයක් ජනතාව තුළ හට ගැනීම ස්‌වාභාවිකය. මේ වෛරය ඊළඟට ආණ්‌ඩුව
වෙතට හැරෙයි. ඒ අනුව මිනිස්‌සු ආණ්‌ඩුවට හෙණ ඉල්ලන්නට පටන්
ගනිති. ඒ වූ කලී රට වට්‌ටන කුමන්ත්‍රණයට විශ්වවිද්‍යාල පද්ධතිය
සම්බන්ධ වන ආකාරයයි.
වරාය, විදුලිබල මණ්‌ඩලය, තෙල් සංස්‌ථාව සහ ජල සැපයුම් මණ්‌ඩලය
නොවැම්බර් 11 වැනිදා සිට අකුරට වැඩ කිරීමට තීරණය කරන ලදැයි දැන
ගන්නට තිබේ. තෙල් සංස්‌ථාව දෙදිනක් අකුරට වැඩ කිරීමෙන් මේ රටේ
ජනතාව කොතරම් විපතකට පත් වීදැයි මෙයට සති එකහමාරකට පමණ පෙර අප
අත්දැකීමෙන් මැන ගත්තෙමු. පෙර කී ආයතන හතරම එකවර අකුරට වැඩ කරන
විට රට ඉතා නරක ලෙස අකර්මණ්‍ය වීම නොවැළැක්‌විය හැකිය. මෙයටම
සරසවි නවක වධයද එකතු කළ විට ආණ්‌ඩුවේ කරටියටම ගැසිය හැකි
මර්මස්‌ථාන මතුවිය හැකිය. ඒ නිසා නවක වධය සහ වර්ජන රැල්ල එකම
උල්පතකින් ඉපිද මගදී වෙන්වී රට හරහා ගලා යන බව අපි ද විශ්වාස
කරමු.
ශ්‍රී ලංකාව තිස් අවුරුද්දක් තිස්‌සේ තමන්ට වින කළ සතුරා
පසුගියදා විනාශ කර දැම්මේය. ඒ සතුරා විනාශ කිරීම යුද අපරාධයක්
සේ සළකා කටයුතු කිරීමට ජාත්‍යන්තර බලවේග කටයුතු කරමින් සිටිති.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත්
කිරීම පිණිස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රජයේ සාක්‍ෂිකරුවකු කර
ගැනීමට ඇමරිකාව මේ දිනවල කටයුතු කරගෙන යන බවක් දැන ගන්නට තිබේ.
ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීමට බාහිර බලවේග උත්සාහ කරන මේ මොහොතේදී
අපගේ වැඩිමහලු සොහොයුරා වන ඉන්දියාව අප සමග සිටින බව අපි දනිමු.
එය විශාල ශක්‌තියකි. මේ රට අස්‌ථාවර කරන්නට කිසිදු බලවේගයකට ඉඩ
නොදෙන බව ඉන්දියාව පසුගියදා පවසා තිබිණ. එහෙත් ඉන්දියාව එසේ කරනු
වැළැක්‌වීම සඳහා විවිධ උපක්‍රම එන්නට පුළුවන. මේ රටේ ඉදිරි ගමන
කෙරෙහි වෛරයෙන් පසුවන ප්‍රතිගාමී බලවේග සහ බලලෝභී කණ්‌ඩායම් මේ
මොහොතේ වියරු වැටී සිටිති. සරසවි සිසුවෝත්, වෘත්තීය සමිතිත් ඒ
බලවේගවල ඉත්තන් වී හමාරය.
|
|
|
|