වන්නි මෙහෙයුම ගැන ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත

ත්‍රස්‌තවාදයට එරෙහිව ක්‍රියාත්මක කරන ප්‍රිඩේටර් ගුවන් ප්‍රහාර මෙහෙයුම්වලදී මානව හිමිකම් ගැන කතා කරන්න එපා යෑයි ඔබාමා පාලනය මට පැවසුවා - එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන්
 

"ප්‍රිඩේටර් ෙඩ්‍රාaන් යානා මගින් ඉවක්‌ බවක්‌ නැතිව ප්‍රහාර එල්ල කිරීමෙන් ඇෆ්ගන්-පකිස්‌තාන් සිවිල් වැසියන් මරුමුවට පත්වීමෙන් ඇමරිකානු රජය ජාත්‍යන්තර නීතිරීති බිඳ දමලා." - එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන්

U.N. warns U. S. Govt breaking international Law Killing Afgan pak civilians using indiserninate air attack - U.N. special Rapporteur - Philip Alston

"සන්නද්ධ අරගලයකදී මානව හිමිකම් විමර්ශකයන්ට කිසිම දේකට මැදිහත්වන්නට බැහැ." ඔබාමා පාලනය

These are matters of Armed conflict There fore Human Rights investigators have no Role - Obama administration

ඇමරිකානු රජය පසුගිය මාස කීපය තුළ පකිස්‌තානය හා ඇෆ්ගනිස්‌තානයේ එල්ල කළ ප්‍රිඩේටර් නමැති නියමුවකු රහිත ගුවන් යානා ප්‍රහාරවලින් ළමා ලපටින් ඇතුළු සිවිල් වැසියන් දහස්‌ ගණනක්‌ මරුමුවට පත් විණි. එහෙත් එA ගැන කිසිම විමර්ශනයක්‌ සිදුවූයේ නැත. මේ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් හිටපු ජනාධිපති බුෂ් හා වත්මන් ජනාධිපති බරක්‌ ඔබාමාගෙන් කළ විමසීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් දැක්‌වූ ප්‍රතිචාරය මෙසේය. ඇමරිකානු නිලධාරීන් මා වෙත පැවසුවේ මෙය සන්නද්ධ අරගලයකට අදාළ කරුණු බවයි. එවැනි විටෙක මානව හිමිකම් විමර්ශකයන්ට කළ හැකි දෙයක්‌ නැතැයි ඔවුන් කියා සිටියා. එහි තේරුම නම් ත්‍රස්‌තවාදයට එරෙහිව ඇමරිකාව සිදු කරන දේ ගැන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සොයා නොබැලිය යුතු බවයි.

එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ දැන් ශ්‍රී ලංකාව වන්නි මෙහෙයුම දියත් කළ ආකාරය ගැන විමර්ශනයක්‌ අරඹා ඇත.

එසේ වුවත් පකිස්‌තානයේ හා ඇෆ්ගනිස්‌තානයේදී ඇමරිකානු ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් ගැන ඔහු මෙතෙක්‌ විමර්ශනයක්‌ අරඹා නැත. මේ නිසා මේ මිනිස්‌ ඝාතනවලට බ්ලේක්‌ ද වගකිවයුතු බැවින් ඔහුද අනිවාර්යයෙන්ම යුද අපරාධකරුවකු වේ.

මේ සතියේදී ඇමරිකානු අභ්‍යන්තර ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙරට එAකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකාව සාකච්ඡාවක්‌ සඳහා කැඳවනු ලැබීය. මේ ක්‍රියාදාමය මෙරට ස්‌වෛරීතාවට එල්ලවූ බරපතල තර්ජනයකි. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය විසින් යුද අපරාධ ගැන සෙවිය යුතු විටෙක ලෝකයේ ප්‍රධානතම යුද අපරාධකරුවකු වන ඇමරිකාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු ගැන විමර්ශනය කළ හැකිද?

එAකාබද්ධ මෙහෙයුම් ප්‍රධානියාව අමතා ඇත්තේ මයිකල් ටැරෙන්ටෝ නමැති අභ්‍යන්තර ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි. මොහු රටේ ආරක්‍ෂක සේනාධි නායකයා පවා කවුදැයි නොදන්නා අයෙක්‌ යෑයි හෙළි විය. එහෙත් කොටි ත්‍රස්‌තවාදයට අනුබල දුන් ඇමරිකානු කොටි එAජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන්ගෙන් පවා ඇමරිකානු අභ්‍යන්තර ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙතෙක්‌ කිසිම ප්‍රශ්න කිරීමක්‌ කර නැත.

කොටින්ට ඵ-16A වර්ගයේ ප්‍රහාරක අවි ලැබුණේ කෙසේද යන්න අවියක අනුක්‍රමික අංකය සහිතව අපි ඇමරිකානු නිලධාරිනියකගෙන් විමසූවිට ඇය කළු කඩයේ ඕනෑ තරම් ඇමරිකානු අවි ඇතැයි කියා නිහඬ විය.

කොටින්ගේ නාවික යාත්‍රාවල ඇමරිකානු රේතියොන් රේඩාර් තිබූ බව මෑතකදී හෙළි විය. එA සම්බන්ධයෙන් ද ඇමරිකාව සෙවීමක්‌ කළේ නැත.

මෙයට දින කීපයකට පෙර කොටි ත්‍රස්‌තයන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා ඇමරිකානු යූ.එස්‌ එAඩ් සංවිධානය ඉදිරිපත් විය. එA කුමක්‌ සඳහා ද?

ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය සොයාගත් රහස්‌ ලියවිලිවලින් කොටින්ට ඩොලර් මිලියන පහක්‌ දුන් මිස්‌ටර් "බී" හෙවත් රාඡ් රාජරත්නම් ගැන තොරතුරු හෙළි විය. එහෙත් ඇමරිකානු අභ්‍යන්තර ආරක්‍ෂක දෙපාර්තමේන්තුව රාඡ් රාජරත්නම් ගැන කිසිම විමර්ශනයක්‌ කළේ නැත.

මෙම තත්ත්වය මත ඇමරිකානු බලධාරීන් දැන් ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ කොටි ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට ක්‍රියා කළ හිටපු හමුදාපතිවරයාගෙනි.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඇමරිකානු බලධාරීන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිවය.

මෙයට පෙර සිටි ආරක්‍ෂක බලධාරීන් බටහිර තානාපතිවරුන්ට හිස නැමුවත් වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා ඔවුන්ට යටත් වූයේ නැත.

හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේaක්‌ කීප වතාවක්‌ම කොටි නායකත්වය බේරා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත්තත් එකී උත්සාහයන් අසාර්ථක විය. ඔහු කීපවිටක්‌ම මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය.

කොළඹ බලගතු එන්.ජී.ඕ. ජාලයට ද ආරක්‍ෂක ලේකම්වරයා සවන් දුන්නේ නැත.

බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුච්නර් ද ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතක කණ්‌ඩායම බේරා ගැනීමට මෙරටට පැමිණි නමුත් එම උත්සාහයන් ද ව්‍යර්ථ විය.

කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් ද අවසාන මොහොතේ කොටි නායකත්වය බේරාගැනීමට උත්සාහ ගනු ලැබීය.

එකී උත්සාහයන් අසාර්ථකවීම නිසා මේ කොටි ආධාරකරුවන් සිටින්නේ දැඩි කෝපයෙනි.

මේ නිසා හිටපු හමුදාපති හා එAකාබද්ධ මාණ්‌ඩලික ප්‍රධානියාගෙන් ප්‍රශ්න කිරීමට ඇමරිකානු බලධාරීන් තීරණය කිරීමේ පසුබිම පැහැදිලිය.

මෙම ක්‍රියාදාමයේ පසුබිමේ සිටින්නේ වෙනින් කවුරුත් නොව එරික්‌ සෝල්හයිම්ය. එසේම රජය මෙරට සිටින ෙද්‍රdaහීන් ද හඳුනාගත යුතුව ඇත. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනකු මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ සමග සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි බුද්ධි අංශවලට වාර්තා විය. රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ වාර්තාව සකස්‌ කිරීමට පෙර මින් දෙදෙනෙක්‌ ඇමරිකාවට ගොස්‌ තිබේ. ඔවුන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී බ්ලේක්‌ සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇතැයි වාර්තා විය.

එසේම හිටපු හමුදාපතිවරයා නොකළ ප්‍රකාශයක්‌ ද ඇමරිකානු විමර්ශන වාර්තාවට ඇතුළත්ව තිබේ. මේ ප්‍රකාශය මාධ්‍ය වාර්තාවක්‌ බවට ද ඇමරිකානු බලධාරීහු ප්‍රකාශ කර ඇත. එසේම විමර්ශන වාර්තාවේ එන කරුණු නිවැරදිදැයි යන්න නිගමනයක්‌ ද වී නැත.

මේ නිසා සනාථ වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව කොටි හිතවාදී බටහිර රටවල් කුමන්ත්‍රණයක්‌ දියත් කර ඇති බවයි.

මෙකී වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ඉයන් කෙලී පැවසුවේ වන්නි මෙහෙයුම ක්‍රියාත්මක වූ ආකාරය ගැන දැනගත යුතු බවයි.

ඉයන් කෙලීගේ ප්‍රකාශයෙන් පැය විසි හතරක්‌ ගතවීමට පෙර ඇමරිකානු ටැමිල් පොලිටිකල් ඇක්‌ෂන් කමිටුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්‌ කරමින් යුද අපරාධවලට සම්බන්ධ වූවන් අධිකරණය වෙත ගෙන එන්නැයි කියා සිටියේය. (ඊරසබට aකක චැරචැඑර්එදරි aබා සබිඑසට්‌එදරි දෙ sමජය ජරසපැs එද Jමිඑසජැග - ඕපසක චදකසඑසජ්ක Aජඑසදබ ජදමබජසක)

එසේම ඇමරිකානු කොන්ග්‍රසය තුළත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේත් කොටි හිතවාදීන් සිටින බව පැහැදිලිය. ඇමරිකානු කොටි එAජන්ත රුද්‍රකුමාරන්ගේ සගයන් කොංග්‍රසය තුළ සිටින බව කලකට පෙර වාර්තා වී තිබිණි. මේ නිසා හිටපු හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇමරිකානු බලධාරීන් සූදානම් වන්නේ කාගේ අවශ්‍යතාවන් මතද යන්න සනාථවේ.

ඇමරිකානු රජයේ මෙම ක්‍රියාදාමය ඔවුන්ගේ දෙබිඩි පිළිවෙතට නිදසුනකි. "මගේ රටේ කිසිම හමුදා නිලධාරියෙක්‌ යුද අධිකරණයට හෝ ප්‍රශ්න කිරීමකට ලක්‌ කිරීමට ඉඩ තබන්නේ නැහැ"යෑයි හිටපු ජනාධිපති ජෝර්- බුෂ් වරක්‌ කියා සිටියේය. ඔහු එA සඳහා දේශප්‍රේමී පනත (ඡ්එරසදඑ ACඔ) නමින් පනතක්‌ ගෙන අවුත් සම්මත කර ගත්තේය. ත්‍රස්‌තවාදයට එරෙහිව ක්‍රියා කරන අපේ සෙබළුන් මේ පනත මගින් ආරක්‍ෂා වන බව බුෂ් එදා පවසා තිබිණි. මෙලෙස තම රටේ හමුදාවට රැකවරණයදීමට ඉදිරිපත් වූ ඇමරිකානු රජයට හා රොබට්‌ බ්ලේක්‌ වැන්නවුන්ට ශ්‍රී ලංකාවේ වන්නි මෙහෙයුම ක්‍රියාත්මක වූයේ කෙසේද හා ඊට දායක වූ හමුදා ප්‍රධානියකුගෙන් ප්‍රශ්න කිරීමට සදාචාරමය අයිතියක්‌ තිබේද?

වියට්‌නාමයේ සිට සර්බියාව දක්‌වාත් එතැන් සිට ඇෆ්ගනිස්‌තානය සහ ඉරාකයේත් ඇමරිකානු හමුදාව කළ මිනිස්‌ සංහාර රැසකි. මේ නිසා යුද අපරාධ ලෝකයේ අංක 1 හිමිවන්නේ ඇමරිකාවටය. යුද අපරාධකරුවන් විසින්ම සිදුවූයේ යෑයි කියන යුද අපරාධ ගැන සෙවීම විහිළුවක්‌ නොවේද?

මෙහිදී මෙරට ජනතාව අපි එක්‌සත් වුවොත් නැගිටිය හැකිය. භේද වුවොත් ඇද වැටෙනු ඇත. යන කියමන සිහිපත් කළ යුතුය. ප්‍රභාකරන්ව බේරා ගැනීමට උත්සාහ කළ රොබට්‌ බ්ලේක්‌ බලා සිටින්නේ ද අප ඇදවැටෙන තුරුය.


කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


     සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.