|
|
|
|
|

පුවතක පසුබිම
අතුරු සම්මත ගිණුම පෙර කතාව සහ අද
කතාව
පවතින රජය විසින් එළඹෙන වර්ෂය සඳහා සකස් කෙරුණු අයවැය
යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ. මෙසේ අයවැය
සකස් කිරීමේදී ප්‍රථමයෙන්ම විසර්ජන පනත් කෙටුම්පත සකස්‌කොට
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවේ. එA අනුව විසර්ජන පනත්
කෙටුම්පත ඔක්‌තෝබර් මස මුලදී පළමුවරට කියවීම සිදු කෙරෙන අතර
නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී දෙවැනි සහ තුන්වැනිවරට
කියෑවීම සිදු කෙරේ.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු කාරක සභා විවාදවලින් අනතුරුව විසර්ජන
පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සිදුවන අතර විසර්ජන පනතේ සඳහන්
නියමයන් අනුව ඉදිරි වර්ෂයේ අයවැය කටයුතු සකස් කිරීම සිදුවේ.
සම්ප්‍රදාය එසේ වුවද මෙවර අය-වැය යෝජනාවලියක් වෙනුවට අතුරු
සම්මත ගිණුමක් ඉදිරිපත් කෙරේ. එය අද සිට 5 වැනිදා තෙක් විවාදයට
ගැනීමට නියමිතය. අයවැයක් වෙනුවට අතුරු සම්මත ගිණුමක් ගෙනඑAමට
රජය ක්‍රියා කරන බව ප්‍රථමයෙන් ඉඟි පළ වූයේ සති අන්ත
පුවත්පතකිනි. එA පිළිබඳ එක්‌සත් ජාතික පක්‍ෂයේ රවී කරුණානායක
මන්ත්‍රීවරයා රාජ්‍ය ආදායම් පිළිබඳ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසූ කල්හි අමාත්‍යවරයා සඳහන් කළේ
අයවැයක් ගෙන එAමට රජය කිසි ලෙසකින්වත් බිය නොවන බවය.
අමාත්‍යවරයා එසේ සඳහන් කළද ලබන වසරේ මුල් මාස 4 ක කාලයක් සඳහා
මුදල් වෙන් කර ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම 2010 ඉදිරිපත් කෙරේ.
එA අනුව 3, 4 සහ 5 යන දිනයන්හිදී විවාදයට ගැනෙන අතුරු සම්මත
ගිණුම 5 වැනි දින සවස එහි ඡන්දය විමසා සිටීම සිදු කෙරේ.
විශේෂයෙන්ම විපක්‍ෂය කරන ලද ඉල්ලීමක් මත දින 3 ක කාලයක් තුළ
අතුරු සම්මත ගිණුම විවාදයට ගැනේ. රාජ්‍ය ආයතන සඳහා වියදම්, රජයේ
සේවකයන්ගේ ණය සඳහා ද, ආරක්‍ෂක අමාත්‍යාංශය, ජනාධිපති වැය ශීර්ෂය
සහ සෞඛ්‍ය ආදී අංශ වෙනුවෙන් වෙන් කිරීමට නියමිත මුදල රුපියල්
බිලියන 362.68 කි.
අතුරු සම්මත ගිණුමක් අවසන් වරට ඉදිරිපත් වූයේ 2002 වසරේදීය.
2001 වසරේදී පැවැති මහ මැතිවරණයේදී තේරී පත්වූ එක්‌සත් ජාතික
පක්‍ෂ රජයට අයවැයක් සකස් කර ගැනීමට පැවැති දුෂ්කරතා හේතුවෙන්
2002 පෙබරවාරි මාසයේදී අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත්කොට සම්මත
කර ගන්නා ලදී.
අතුරු සම්මත ගිණුම් කතාව ප්‍රථමවරට මෙරටදී ඉදිරිපත් කෙරුණේ 1931
දීය. එවකට පිහිට වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා ලෙස
කටයුතු කළ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා විසින් එය ඉදිරිපත් කර
තිබේ.
1960 දී ෆීලික්‌ස් ආර්. ඩයස් බණ්‌ඩාරනායක මහතා මුදල්
අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවධියේදී දෙවැනි වරට අතුරු සම්මත
ගිණුමක් ඉදිරිපත් අතුරු සම්මත ගිණුමේ තුන්වන අවස්‌ථාව ලෙස
වාර්තා වන්නේ 1971 දීය. එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ
ඇන්. ඇම්. පෙරේරා මහතා විසින් එය ඉදිරිපත් කර ඇත.
ඉන් අනතුරුව 1982 දී ද අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් වී ඇත. එය
රොනී ද මැල් මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ජනමත විචාරණය සහ
ජනාධිපතිවරණය හේතුකොට ගෙන අයවැය යෝජනාවලිය වෙනුවට එය ඉදිරිපත්
විණි.
එසේම 1988 දී එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ එම්. එච්.
එම්. නයින මරික්‌කාර් මහතා විසින් අතුරු සම්මත ගිණුමක්
ඉදිරිපත්කොට ඇත්තේ ජනාධිපතිවරණය හේතුවෙනි.
අයවැය ලේඛනයක් සකස් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබීම මත
පොදුජන එක්‌සත් පෙරමුණු රජය බලයට පත්වීමත් සමග 1994 දී ද අතුරු
සම්මත ගිණුමක් ඉදිරිපත් විණි.
ඉන් අනතුරුව 2000 වසර වෙනුවෙන් ද අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත්
වූයේ ජනාධිපතිවරණය හේතුවෙනි. එය 1999 නොවැම්බර් මස 12 වැනිදා
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 2000 ඔක්‌තෝබර් මස බලයට පත්වූ
රජයට මෙසේ අතුරු සම්මත ගිණුමක් සම්මත කරගෙන තිබේ.
අයවැය යෝජනාවලියක් වෙනුවට බොහෝවිට අතුරු සම්මත ගිණුම් සම්මතකොට
ඇත්තේ පවතින රජයට කාලය පිළිබඳ මතුවූ දුෂ්කරතා හේතුවෙනි.
වත්මන් රජය ද 2010 වසර සඳහා අය-වැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට
සූදානමක් තිබී ඇත. එA සඳහා රංජිත් සියඹලාපිටිය මහතා විසින්
දිනයක් ලබාදෙන්නැයි කථානායක වි.ජ.මු. ලොකු බණ්‌ඩාර මහතාට ද
දැනුම් දී තිබූ බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
මීට ප්‍රථමයෙන් අතුරු සම්මත ගිණුම් ඉදිරිපත් කරන ලද රජයන් පත්වූ
අපහසුවන්ට වත්මන් රජයට මුහුණපාන්නට සිදුව නැත. පැහැදිලිවම අයවැය
යෝජනාවලියක් ඉදිරිපත් කිරීමේ හැකියාව වත්මන් රජයට පවතී. එසේ
නොහැකිවීම රජය අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම විපක්‍ෂ නායක
රනිල් වික්‍රමසිංහ මහතාට අනුව නම් ඉදිරි වසර සඳහා වන අයවැය
ලේඛනයේදී රජය විසින් ආදායම් උපද්දවා ගැනීම සහ වියදම් පාලනය
සම්බන්ධව රටට හෙළි කිරීමට අපොහොසත්වීම නිසා මෙසේ අතුරු සම්මත
ගැටයක් ගසන බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්වීමට සිදුවීම මත රජය
අයවැයක් ඉදිරිපත් නොකරන බවට ද ඇතැම් අය මත පළ කර සිටී.
කෙසේ වෙතත් රජය සඳහන් කර සිටින්නේ ඉදිරි වර්ෂයේදී (2010)
අප්‍රේල් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට
නියමිත වන බැවින් ඉන් තේරීපත් වන නව පාර්ලිමේන්තුවට අවශ්‍ය පරිදි
සංවර්ධන සැලසුම් සකස් කරගැනීම පිණිස මෙලෙස අතුරු සම්මත ගිණුමක්
ගෙන එන බවකි.
රජයේ මතයට අනුව ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින්
අත්වෙන්නා වූ රජයේ වියදම් අඩු කරගැනීම ප්‍රධාන සාධකයකි. එහිදී
වර්තමානයේ තිබෙන අමාත්‍ය මණ්‌ඩලයේ සංඛ්‍යාව අඩු කිරීම වැදගත්ය.
එA සඳහා අලුතින් පත්වන රජයකට ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගැනීමට
සිදුවේ.
අයවැය වෙනුවට අතුරු සම්මත ගිණුමක් සම්මත කරගත්ත ද එය බිලියන
362.68 ක වන මුදල 2010 වසරේ අවසානයේදී ඉදිරිපත් කෙරෙන විසර්ජන
පනත් කෙටුම්පත ඇතුළත් කරගත යුතුය.
එසේම පසුගිය වසරේ පැවැති අයවැය හිඟයටද මෙම මුදල එකතුවේ. එසේ වූ
විට අයවැය පරතරය තවත් ඉහළ යැම වැළැක්‌විය නොහැකිය.
ඉදිරියේදී පැවැත්වෙන්නා වූ මැතිවරණ ඉලක්‌ක කරගනිමින් අයවැයක්
ඉදිරිපත් නොකර සිටීම රජය දැඩි අපහසුතාවකට පත්වීමට සිදුවේ.
එක් අතකින් අයවැය පරතරය ඉහළ යැමකි. අනෙක් අතින් ඉදිරියේදී
පත්වන රජයකට මේ සියලු පව්වලට කරගැසීමට සිදුවේ. අමාත්‍යාංශ
කිහිපයකම වියදම් සඳහා පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේදී පරිපූරක
ඇස්‌තමේන්තු ගණනාවක්‌ම ඉදිරිපත් කරන ලදී. එයින් රුපියල් කෝටි
5000 ක වැඩි අමතර මුදලක් රජය විසින් ලබාගත්තේය.
එම මුදල් ප්‍රමාණයන් උපද්දවා ගැනීමේ අභියෝගය අලුතින් පත්වන රජයකට
භාරවේ. ඉදිරියේදී පැවැත්වෙන්නා වූ මැතිවරණ ඉලක්‌ක කර ගනිමින්
ජනතා විශ්වාසය දිනාගත හැකි වන අයුරින් සකස් කළ අයවැයක් සම්මත
කර ගැනීමේ හැකියාව සහ වාසිය ද වත්මන් රජයට පවතී.
රාජ්‍ය සේවකයන්, පෞද්ගලික සේවකයන්ට පඩි වැඩි කිරීම් මෙන්ම
අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල අඩු කිරීමට අයවැයකදී යෝජනාකොට එමගින්
ඡන්ද ලබාගැනීමේ වාසියක් තිබෙද්දී රජය අතුරු සම්මත ගිණුම නමැති
ගැටය ගැසුවේ එදාවේල සරිකර ගැනීමටදැයි සැකයක් උපදී.
රජය මොන ගැට ගැසුවත් එහි බර පැටවෙනුයේ රටේ ජනතාවටය. රජය ඇඟ බේරා
ගැනීමට අතුරු සම්මත ගෙනඑන්නේ නම් මෙරට දුක් විඳින ජනයා තව තවත්
කබලෙන් ලිපට වැටීමකි. එසේම රාජ්‍ය වියදම් සඳහා මෙසේ වෙන්කර ගන්නා
මුදල් ඉදිරියේදී පියවා ගන්නා ආකාරය සම්බන්ධව මෙතෙක් රජයෙන් නිසි
වැඩපිළිවෙළක් ද යෝජනා කර නොමැතිවීම ද අවිනිශ්චිත තත්ත්වයකි.
අකිත පෙරේරා
|
|
|
|