පකිස්‌තානයේ රාවල්පිණ්‌ඩි අධි ආරක්‍ෂක කලාපයේ
වාහන බෝම්බ පිපිරීමෙන් දහයක් මරුට
පකිස්‌තානයේ රාවල්පිණ්‌ඩි නුවර ෂාලිමාර් හෝටලයේ වාහන අංගනයේ තිබූ වාහන බෝම්බයක් පිපිරීමෙන් දස දෙනකු මියගොස් විසිපස් දෙනෙක් තුවාල ලබා ඇත.
මෙම හෝටලය පිහිටා ඇත්තේ අධි ආරක්‍ෂක කලාපය තුළය. ඊට යාබදව රාවල්පිණ්‌ඩි හමුදා මූලස්‌ථානය පිහිටුවා ඇත.
පසුගිය මාසය තුළ පකිස්‌තානයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 190 කට අධික පිරිසක් මරුමුවට පත්වූහ.
මේ සම්බන්ධයෙන් පකිස්‌තාන් නිල නොවන ආරංචි පවසන්නේ හිටපු ජනාධිපති මුෂාරෆ්ගේ සමයේ ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ නමුත් වත්මන් ෂර්දාරි රජය ඊට අසමත්වී ඇති බවය. මේ අතර අධි ආරක්‍ෂක කලාපයේ වාහන බෝම්බයක් පිපිරී ගියේ කෙසේද යන්න පකිස්‌තාන් හමුදා බලධාරීහු පරීක්‍ෂණ සිදු කරති.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.