2009 නොවැම්බර් 03 අගහරුවාදා
යළිත් සහල් හිඟයක් මවා පා සහල් මිල නැංවීමේ වෙළෙඳ මාෆියාවක් මහා පරිමාණ මෝල් හිමියන් කීපදෙනකු යළිත් වරක් සහල් හිඟයක් මවාපාමින් සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව වෙළෙඳපළ ආරංචි මාර්ග පවසයි. මේ වන විට ද වෙළෙඳපොළේ අවශ්‍ය තරම් සහල් තොග නැතිකමින් සහල් හිඟයක් සුළු වශයෙන් පවතී. පවතින තත්ත්වය මත සහල් තොග රජය මගින් පමණක් ගෙන්වීමට රජය තීරණය කර ඇතත් ඒ අනුව සහල් මිලෙහි අඩුවීමක් සිදු වෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි. එයට හේතුව රජය මගින් ගෙන්වනු ලබන සහල්වල මිල ගණන් ද ...
වප්පුර පසළොස්‌වක පොහොයෙන් ඇරඹි කඨින චීවර මාසය ඊයේට (02 වැනිදා) යෙදී තිබුණු ඉල්පුර පොහොයෙන් අවසන් විය. ඉල්පුර පොහොය නිමිත්තෙන් ඊයේ දිවයිනේ වෙහෙර විහාරස්‌ථාන බෞද්ධ සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිය අතර කොළඹ 12 ඡේතවනාරාම විහාරස්‌ථානයේ පෙහෙවස් සමාදන් වූ දැරියක් විහාරස්‌ථානය අසල සිටි යාචකයන්ට ආහාර පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. ඡායාරූප - කමල් වන්නිආරච්චි
උපාලි නිව්ස්‌පේපර්ස් ප්‍රයිවට් ලිමිටඩ් 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.