o

 
 
 
 
 

 

ආනන්ද නව විදුහල්පති හෙට වැඩ බාරගනී

නිලන්ත මදුරාවල

කොළඹ ආනන්ද විදුහලේ වැඩබලන නව විදුහල්පති එල්. එම්. ඩී. ධර්මසේන මහතා හෙට (04 වැනිදා) වැඩ භාරගන්නා අතර වැඩබලන විදුහල්පතිවරයාව සිටි ලාල් දිසානායක මහතා විදුහලෙන් ඉවත් වන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක්‌ තීරණය කර නැත.

එල්. එම්. ඩී. ධර්මසේන මහතා මෙම මස 7 වැනිදා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියට පත්වෙයි. ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් හා කැනඩාවේ බ්‍රොක්‌ (ඊරදජන) විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධි ලබා ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස්‌, නියෝජ්‍ය විභාග කොමසාරිස්‌ හා විභාග කොමසාරිස්‌ යන තනතුරුවල කටයුතු කර ඇති ධර්මසේන මහතා පාදුක්‌ක සිරි පියරතන විදුහලේ විදුහල්පතිවරයා ලෙස වසර නවයක්‌ කටයුතු කළේය. විද්‍යා උපාධි ගුරුවරයකු ලෙස වසර 3 ක්‌ කටයුතු කර ඇති හෙතෙම ජාතික ශිෂ්‍ය භට බළකායේ නිලධාරියකු ලෙස ද පුහුqණුව ලබා සිටියි.

ආනන්ද විදුහලේ බලහත්කාරයෙන් රැඳී සිටීමේ අවශ්‍යතාවක්‌ තමන්ට නැතැයි අප කළ විමසුමකට පිළිතුරු දුන් ලාල් දිසානායක මහතා සඳහන් කළේය. වැඩබලන නව විදුහල්පතිවරයාට වැඩ භාරදීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව ද හෙතෙම පැවැසීය. විදුහලෙන් ඉවත් වන්නේදැයි අප කළ විමසුමට පිළිතුරු දුන් දිසානායක මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳ මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නොමැති බවය.

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.