බේරේවැව අසල පඳුරක්‌ යට ජංගම දුරකථන 100 ක්‌

ධම්මික සල්වතුර - හුණුපිටිය

කොළඹ කොටුවේ ජංගම දුරකථන අලෙවිසලක්‌ බිඳ කොල්ල කෑ කල්ලියක නායකයකු බස්‌නාහිර උතුර පොලිස්‌ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලකෑ දුරකථන සියයක්‌ කොළඹ බේරේවැව ආසන්නයේ පඳුරක්‌ යට සඟවා තිබියදී සොයාගෙන ඇත.

මෙම සොයාගත් දුරකථනවල වටිනාකම ලක්‍ෂ 30 ක්‌ වන බව එම මෙහෙයුම වැටලූ පොලිස්‌ මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නොයෙල් චන්දන කුඩාහෙට්‌ටි මහතා "දිවයින" ට පැවැසීය.
 

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.