ඊනියා මානව හිමිකම් ගැටලූ ඇති කිරීමට ඇමරිකාව උත්සාහ දරනවා - විමල් වීරවංශ අකිත පෙරේරා රට නියෝජනය කරමින් ඇමරිකා එක්‌සත් ජනපදයට ගිය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් මෙරට රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇමරිකානු බලධාරීන්ට කිසිදු අයිතියක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (02 වැනිදා) පැවැසීය. සරත් ෆොන්සේකා මහතා සම්මුඛ සාකච්ඡාවකට කැඳවන මුවාවෙන් ගෙන්වා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා මානව හිමිකම් ගැටලු ඇති කිරීමට උත්සාහ දරන බවත් වීරවංශ මහතා සඳහන් කර සිටී. ජෙනරාල්වරයාගෙන් ආරක්‍ෂක ලේකම්ට එරෙහිව ප්‍රකාශයක් ගෙන ඔහු අධිකරණ ක්‍රියාමාර්ගයකට ගෙන ඒමටත් පසුව සරත් ෆොන්සේකා මහතාටත් එරෙහිsව අනියමින් කටයුතු කිරීමට සැරසීමක් බවට මෙම සිද්ධිය අර්ථ ගැන්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය. එබැවින් මෙම සම්මුඛ සාකච්ඡාවට ෆොන්සේකා මහතා සහභාගි වීමට අවශ්‍ය නොවන බවත් එවැනි සාකච්ඡාවක් පැවැත්වීමට ඇමරිකානු ආගමන විගමන නිලධාරීන්ට කිසිදු බලයක් නැති බවත් ඒ මහතා කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.