ගුවනින් පැමිණි පකිස්‌තානුවාගේ බඩේ හෙරොයින් ගුලි 51 ක්‌

චමින්ද සිල්වා

උදරය තුළ සඟවා මත්කුඩු මෙරටට ගෙනඒමේ ජාවාරමක නිරත වූ පකිස්‌තානු ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පකිස්‌තානු ජාතිකයා 31 වැනිදා රාත්‍රි ඩුබායි සිට ඊ. කේ. 650 දරන ගුවන් යානයෙන් පැමිණ සිටියදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙරොයින් ගිල පැමිණ ඇති බව අනාවරණය කරගෙන තිබේ.

පසුව සැකකරු ද මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01 වැනිදා) වන විට හෙරොයින් ඇසුරූ ගුලි 51 ක්‌ පිටකර ඇති අතර සැකකරු තවදුරටත් රෝහල්ගත කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිමල් මැදිවක මහතා පැවැසීය.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.