|
|
|
|

වර්ජනයකට මුහුණදීමට
වරාය සූදානම්
"දිවයින" ප්‍රවෘත්ති අංශයෙනි
වැටුප් වැඩි කිරීම මුල්කරගෙන ඉදිරි සතියේදී ආරම්භ කරන්නට
නියමිත වැඩවර්ජනයට සාර්ථකව මුහුණදීම සඳහා තමන් සූදානම්
බවත් බඩු ගොඩබෑම, පැටවීම ඇතුළු නැව් කටයුතු සියල්ල යථා
පරිදි සිදු කරන්නට සියලු කටයුතු යොදා ඇති බවත් ශ්‍රී ලංකා
වරාය අධිකාරිය පවසයි.
වරාය අධිකාරියේ සේවකයන් මේ වන විට මෙරට ඉහළම වැටුප් ලබන
අතර කෙසේ වෙතත් වැටුප් ප්‍රශ්න විසඳීමට මේ වන විට
කමිටුවක් ද පත්කර තිබේ.
වරාය සේවකයකුගේ අවම වැටුප රුපියල් තිස්‌තුන් දහසක් වන අතර
අනෙකුත් දීමනා සහිතව වරාය සේවකයකු ලබන මාසික අවම වැටුප
රුපියල් 45,000 - 50,000 ත් අතර වේ. මීට අමතරව ආහාර, නිල
ඇඳුම් ආදිය ද වරාය සේවකයන්ට හිමිවේ. එසේම වරාය සේවක
වැටුපෙන් අයකරන ආදායම් බදු හා උපයන විට ගෙවන බද්ද ද
සේවකයන් වෙනුවෙන් රජයට ගෙවන්නේ ශ්‍රී ලංකා වරාය
අධිකාරියයි.
වරාය සේවකයන් හයදහසකට අධික පිරිසකගේ මාසික වැටුප රුපියල්
අනූදහසත් එක්‌ලක්‍ෂ විසිදහසත් අතර වේ.
|
|
|
|