ජෙඩා පාලමක්‌ යට සිටින ශ්‍රී ලාංකික
350 දෙනා අතර ගැබිනියන් කීප දෙනකුත්

රන්ජන් රාමනායක කියයි

නෝමන් පලිහවඩන

සවුදි අරාබියේ ජෙඩා නගරයේ පාලමක්‌ යට අතරමංවී සිටින ශ්‍රී ලාංකික 350 දෙනා අතුරින් කාන්තාවන් කීපදෙනකු ගැබ් ගෙන ඇති බවට තමාට තොරතුරු ලැබී ඇතැයි සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායක රන්ජන් රාමනායක මහතා "දිවයින"ට ඊයේ ප්‍රකාශයක්‌ කළේය.

ශ්‍රී ලාංකිකයන් 350 දෙනාට අමතරව විදේශිකයන්ද මෙම පාලම යට සෙවණක්‌ කරගෙන ඇතැයි කී රාමනායක මහතා "රන්ජන් පදනම" මෙම ශ්‍රී ලාංකිකයන් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලධාරීන්ට බලපෑම් කර ඇතැයි කීවේය.

ශ්‍රී ලංකාවේ පිහිටි ඇතැම් රැකියා ඒජන්සි මාර්ගයෙන් සවුදි අරාබියේ රියෑදුරු තනතුරුවලට ගිය තරුණයන් බොහෝ දෙනකු මහ අව්වේ ගොවිපළවල රැකියාවලට යොදවා ඇති අතර සමහරු බැටලුවන් බැලීමේ වෘත්තීන්වලට යොදවා ඇති බවද රන්ජන් රාමනායක මහතා පැවසීය.

මෙම අසරණ තත්ත්වයට පත්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තමා නාම ලේඛනයක්‌ සකස්‌ කරමින් පසුවෙන බවත් ඒ පිළිබඳ 045-2231358 අංකයෙන් විමසන ලෙස ඔවුන්ගේ පවුල්වල ඥතීන්ගෙන් ඉල්ලා සිටින බව ද රන්ජන් රාමනායක මහතා පැවසීය.

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.