හමුදාව යුද අපරාධ කළ බවට බ්ලේක්‌ට ව්‍යාජ තොරතුරු සැපයුවේ එන්ජීඕ තිදෙනෙක් කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධ කළ බවට මෙරට එන්ජීඕ ප්‍රධානීන් තිදෙනකු ඇමරිකානු හිටපු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්‌ට සාවද්‍ය තොරතුරු සපයා ඇතැයි ශ්‍රී ලංකා රජය සොයාගෙන ඇත. මේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් තිදෙනා කවුරුන්දැයි හමුදා බුද්ධි අංශ විසින් හඳුනාගෙන තිබේ. මින් දෙදෙනකු ඇමරිකාවට ගොස් රොබට් බ්ලේක් හමුවී ඇති අතර අනිත් ප්‍රධානියා මෙරටදී සාකච්ඡා පවත්වා තිබේ. රොබට් බ්ලේක් මෙරටින් සමුගැනීමට පෙර පැවැත් වූ සාදයට පවා මොවුන් තිදෙනා සහභාගිවී තිබෙනවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක් පැවසීය.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.