බලපත් නොමැති විදේශ රැකියා ආයතන හිමියන්ට උපරිම දඬුවම්

චමින්ද සිල්වා

බලපත්‍ර නොමැතිව විදේශ රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන යන ආයතන හිමියන්ට රුපියල් ලක්‍ෂයකට නොඅඩු දඩ මුදලක්‌ සහ උපරිම වසර හතරකට යටත් වූ සිරදඬුවමක්‌ පැනවීමට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය කටයුතු කරමින් සිටී.

මේ සඳහා 2009 සැප්තැම්බර් 24 දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් නව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ පනත මගින් බලය හිමිකර දී ඇති බව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති කිංස්‌ලි රණවක මහතා පැවැසීය.

විදේශගත වන ශ්‍රමිකයන්ගේ ආරක්‍ෂාවත්, රැකියාවේ සුරක්‍ෂිතතාවයත්, රැකියා සඳහා පිටත්වන්නන්ගේ සුබසාධනයත් තහවුරු කිරීමේ අරමුණින් බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන ආයතන හිමිකරුවකු වෙත රුපියල් ලක්‍ෂයක දඩ මුදලක්‌ සහ උපරිම වසර හතරකට යටත් වූ සිර දඬුවමක්‌ මහෙස්‌ත්‍රාත්වරයකුගේ නඩු විභාගයකින් පසුව නියම කිරීමටත් ඕනෑම අවස්‌ථාවකදී ව්‍යාජ ලෙස පවත්වාගෙන යන ආයතන හිමිකරුවන් සෘජුවම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමටත් නව පනත මගින් නීතිමය බලතල ලබාදී ඇති බව ද සභාපතිවරයා පැවැසීය.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.