|
|
|
|

කාර්මික විද්‍යාල 9 ක් තාක්‍ෂණ
විද්‍යාල ලෙස උසස් කරයි
දිවයිනේ පළාත් මට්‌ටමින් ඇති කාර්මික විද්‍යාල 9 ක්
තාක්‍ෂණ විද්‍යාල වශයෙන් උසස් කිරීමට වෘත්තීය හා කාර්මික
පුහුණු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
කැබිනට් තීරණයකට අනුව මෙම උසස් කිරීම් සිදුකර ඇත්තේ
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ
ලිපියකින් ලද අනුමැතියෙන් තාක්‍ෂණ විද්‍යාලයන්හි පරිපාලන
කටයුතු සඳහා අධ්‍යක්‍ෂ, අතිරේක අධ්‍යක්‍ෂ වශයෙන් ශ්‍රී
ලංකා කාර්මික අධ්‍යාපන සේවයේ පළමු පන්තියේ නව තනතුරු 18
ක් ඇතිකර තිබීම නිසා බව වෘත්තීය හා කාර්මික පුහුණු
අමාත්‍යාංශයේ ලේකම් තිලක් හපන්ගම මහතා සඳහන් කරයි. උසස්
කර ඇති කාර්මික විද්‍යාල මෙසේය.
මරදාන කාර්මික විද්‍යාලය - ශ්‍රී ලංකා තාක්‍ෂණ විද්‍යාලය
ලෙසද, මහනුවර කාර්මික විද්‍යාලය - මහනුවර තාක්‍ෂණ
විද්‍යාලය ලෙස ද, රත්නපුර කාර්මික විද්‍යාලය - රත්නපුර
තාක්‍ෂණ විද්‍යාලය ලෙසද, අනුරාධපුර කාර්මික විද්‍යාලය -
අනුරාධපුර තාක්‍ෂණ විද්‍යාලය ලෙසද, බදුල්ල කාර්මික
විද්‍යාලය - බදුල්ල තාක්‍ෂණ විද්‍යාලය ලෙසද, ගාල්ල කාර්මික
විද්‍යාලය - ගාල්ල තාක්‍ෂණ විද්‍යාලය ලෙසද, යාපනය කාර්මික
විද්‍යාලය - යාපනය තාක්‍ෂණ විද්‍යාලය ලෙසද, කුරුණෑගල
කාර්මික විද්‍යාලය - කුරුණෑගල තාක්‍ෂණ විද්‍යාලය ලෙසද,
අම්පාර හාඩි කාර්මික විද්‍යාලය - අම්පාර හාඩි තාක්‍ෂණ
විද්‍යාලය ලෙසද උසස් කර ඇත.
|
|
|
|