මහජනයාට පොලිසියෙන් සිදුවන අඩුපාඩු
ඉදිරියේදී අනිවාර්යයෙන්ම නැති කරනවා

නව පොලිස්‌පති කියයි

නෝමන් පළිහවඩන

පොලිස්‌ නිලධාරීන් අතින් මහජනතාවට සිදුවන අඩුපාඩුකම් නැති කිරීමට තමා අනිවාර්යයෙන්ම පියවර ගන්නා බව නව පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතා "දිවයින"ට පැවැසීය

මහින්ද බාලසූරිය මහතා නව පොලිස්‌පතිවරයා වශයෙන් පත්වීමෙන් පසු පොලිස්‌ මූලස්‌ථානයේදී ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් අමතා ඊයේ (2 වැනිදා) දහවල්  විශේෂ සාකච්ඡාවක්‌ ද පවත්වන ලදී.

නව පොලිස්‌පතිවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද හමුවිය. මේ අනුව පොලිස්‌ නිලධාරීන්ගේ විනය පිළිබඳවද ඉතාමත් සැලකිලිමත් වන අතර පොලිසියට විරුද්ධව එල්ල වෙන චෝදනා ඉදිරියේදී නැතිවී යන බවද ඔහු කීය.
 

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.