|
|
|
|

රටට එල්ලවන බලපෑම්වලට
එරෙහිව එකා වගේ මුහුණ දෙමු
ජනපති කියයි
චමින්ද සිල්වා
මේ රටට එල්ලවන බලපෑම් පිළිබඳව ඇහැ ඇරගෙන සිට මාතෘ භූමියට
යම් බලපෑමක් සිද්ධ වෙනවා නම් අපි සියලු දෙනා ජාති, ආගම්,
පක්‍ෂ බේදයෙන් තොරව එකාවගේ එයට මුහුණ දෙන්න සූදානම් විය
යුතු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ කොළඹ 12 සෙබස්‌තියන් හිල්හි
ඉදිකිරීමට නියමිත නීතිඥ සංගම් කාර්යාලයට මුල්ගල තැබීමේ
උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මෙම උත්සවය
ඊයේ (02 වැනිදා) පැවැත්විණි.
මෙම අවස්‌ථාවට අධිකරණ හා නීති ප්‍රතිසංස්‌කරණ ඇමැති
මිලින්ද මොරගොඩ, නියෝජ්‍ය ඇමැති එම්. පුත්‍රසිගාමනි, අපනයන
ප්‍රවර්ධන හා අන්තර් වෙළෙඳ කටයුතු ඇමැති ජී. එල්. පීරිස්,
අගවිනිසුරු අශෝක ද සිල්වා, නීතිපති මොහාන් පීරිස් යන
මහත්වරුන් සමඟ මහාධිකරණ හා අධිකරණ ක්‌ෂේත්‍රයේ
විනිසුරුවරුන් හා නීතිඥයන් රැසක් සහභාගි වී සිටියහ.
|
|
|
|