ඊයේ සවස හමාගිය සුළි සුළඟින් නුගේගොඩ නිවාස රැසක් විනාශයි
"මහා හඬක් නංවමින් හමා ආ සුළඟ අවට නිවාස රැසක වහළ ගලවාගෙන ගියා" ශාන්ත ප්‍රනාන්දු ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් - ඇන්ටන් ප්‍රනාන්දු හවස 3.15 ට පමණ මහ හුළඟක් ආවා. ඒ සමඟම අපේ ආසන්නයේ තිබූ දෙමහල් නිවසේ වහලේ ශීට් අටක්‌ම හුළඟට ගහගෙන යනවා දැක්‌කා. අපේ වහළේ තිබූ උළුකැටද කඩාගෙන වැටුණා. අප බයවෙලා කෑගැහුවා. මං එළියටවිත් බලනකොට අවට ගෙවල් රැසකම වහළවල් හුළඟට ගසාගෙන ගොස් තිබුණා. නුගේගොඩ විඡේරාම ශ්‍රී ජයවර්ධනපුර සරසවිය ආසන්නයේ වූ රබර්වත්ත පාර හා වනාත පාරේ ඊයේ (02 දා) සවස හඹා ගිය ටොනාඩෝ සුළි සුළඟකට සමාන සුළි සුළඟකින් නිවාස 40 කට අධික සංඛ්‍යාවකට හානි සිදුවීමෙන් අසරණභාවයට පත් එම නිවෙස් හිමියෙකු වන ශාන්ත ප්‍රනාන්දු (45) මහතා එසේ පැවසීය. මෙම සුළි සුළඟ මහ වර්ෂාවත් සමඟ ඊයේ සවස 3.15 ට පමණ පැවතුන අතර එය විනාඩි දහයක් පමණ පැවති බව අසරණභාවයට පත් නිවෙස් හිමියන් සඳහන් කළේය. සිද්ධිය තවදුරටත් විස්‌තර කළ ශාන්ත මහතා මෙසේද කීය. මම කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයෙක්. ඊයේ මම නිවාඩු නිසා ගෙදරයි හිටියේ. ගෙදරට වෙලා ඉන්න අවස්‌ථාවේ එකපාරටම මහා වර්ෂාවක් සමඟ සුළඟක් හමා ආවා. එළියට ඇවිත් බලනවිට යාබද දෙමහල් නිවසේ වහලේ ෂීට් අටක්‌ම ගසාගෙන ගියා. සමන් පෙරේරා (35) - මම ගෙදර ඉදිරිපිට ඉන්න අවස්‌ථාවේදී විශාල පිපිරුම් සද්දයක් වගේ ඇහුණා. එතකොට වහිනවා හයියෙන්. බලනකොට එක නිවෙසක පැත්තකට කොස් ගහක් කඩාගෙන වැටුණා. ඒ ගෙදර අය කෑගහනවාත් ඇහුවා. නමුත් ඒ අයට තුවාල තිබුණේ නැහැ. ඒ අය බයටයි කෑගසා තිබුණේ. පසුව මම අවට ගමන් කරන විට නිවාස විස්‌සකට තිහකට වගේ ගොඩක් අලාභ වී තිබෙනවා දැක්‌කා. ඒ ප්‍රදේශවාසීන් අන්ත අසරණවෙලා අඬමින් සිටියා. ජයසේන සමරජීව (40) - මේ ප්‍රදේශයේ අය දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ජනාධිපතිතුමා ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ අසරණභාවයට පත් නුගේගොඩ රබර්ගහවත්ත පාරේ සහ වනාත පාරේ පදිංචිකරුවන්ට මේ නිවාස සාදා ගැනීම සඳහා රජයෙන් සුළු හෝ සහනාධාරයක් ලබාදෙන්න කියලයි. මේ මිනිස්‌සු සාමාන්‍ය පවුල්. පවුල් 60 ක් විතර දැනටමත් මේ සිද්ධියෙන් අනාථ වෙලා. ඒ නිසා රජයෙන් කඩිනමින් සහනයක් සලසා දෙනවා නම් එක ලොකු පිනක්. ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.