පළාත් පාලන නියෝජිත හමුව

රටට හිතැති නිවැරැදි තීන්දු ගන්න කිසිවිටෙක මා පසුබට වන්නේ නැහැ
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

රටේ සංවර්ධන ගමන්මගේදී අප සෑමවිටම ඡන්දයට වඩා රට ගැන හිතලා තීන්දු ගත්තේ. ඉදිරියටත් එහෙමයි. රට සංවර්ධනය කිරීමේදී ගත යුතු නිවැරදි තීන්දු ගැනීමට තමා කිසිවිටකත් පසුබට වන්නේ නැහැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ අරලියගහ මන්දිරයේදී ඉකුත් 27 වැනිදා පැවැති පළාත් පාලන නියෝජිතයන් හමුවේදීය.

එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

අද ඔබ මේ රැස්‌වී සිටින්නේ එAකීය රටක්‌ යටතේ. මීට ප්‍රථම අපි රැස්‌ වුණේ අපේ රටෙන් කොටසක්‌ ලියලා දීපු අවස්‌ථාවක. එය නිදහස්‌ කරගන්න සටන් කරන වෙලාවක. මේ රට නිදහස්‌ කරගන්න පුළුවන් වුණේ ඔබ කැප කිරීම් කළ නිසා.

එදා ජනාධිපතිවරණය වෙලාවේ ගමේ ඔබයි මගේ ජයග්‍රහණය උදෙසා වැඩ කළේ කියන එක අපට අමතක කරන්න බැහැ. අපේ කකුලෙන් අදිද්දී, සමහරු හැංගෙද්දී, සමහරුන් පිටරට යද්දී ඔබයි අපට ජයග්‍රහණය ලබාදුන්නේ.

එදා ඔබ මා කෙරෙහි විශ්වාසය තබමින් රට නිදහස්‌ කරගන්න වෙලාවේ ඔබ දැක්‌වූ දායකත්වය අගය කරනවා. මඟ නැගුම හරහා ඔබ ගමේ ඉටු කළ වැඩකොටස අමතක කරන්න බැහැ. ඉන් අනතුරුව පැවැත්වුණ සියලු මැතිවරණවල අපේ ජයග්‍රහණයට ඔබ ගමේ කරපු එA වැඩකොටස ඉවහල් වුණා යෑයි මම විශ්වාස කරනවා. මම ඡන්ද දායකයන්ගෙන් ප්‍රශ්න කළහම ඔවුන් මට කිව්වේ අද කොන්ක්‍රීට්‌ පාරක්‌ නැති ගමක්‌ නැහැ කියලා. ගමේ පාරවල් ටික හැදිලා. මේකේ දෙවැනි අදියර යටතේ ලබන මාසයේ ඉඳලා තමුන්නාන්සේලාට එA ප්‍රතිපාදන ලබාදීලා ඉතිරි වැඩ ටික අවසන් කරන්න කටයුතු කරනවා.

ගම නැගුම, මඟ නැගුම කියන මේ ක්‍රියාවලිය හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට නාමමාත්‍රිකව තිබුණු තත්ත්වය වෙනස්‌ කරලා ශක්‌තිමත් කෙනෙක්‌ බවට පත් කරන්න අපට පුළුවන් වුණා. එA නිසාම තමයි රණවිරුවෙක්‌ගේ මරණයක්‌ වුණහම එA රණවිරුවා වෙනුවෙන් ගමට ගිහිල්ලා රජය නියෝජනය කරන්න ඔබට ශක්‌තිය තිබුණේ. එA වගේම එය අපට ශක්‌තියක්‌ වුණා. රට නිදහස්‌ කරගැනීමේ සටනේදී රණවිරුවන් 84% ක්‌ ගමෙන් ආවේ. මේ සටනේදී ජීවිත පූජා කළේ අපේ ගම්වල තරුණයෝ. ගමකට රණවිරුවෙක්‌ගේ මරණයක්‌ එනකොට ඇතිවිය හැකි තත්ත්වය නැති කරන්න පුළුවන් වුණේ. එA ගෙවල්වලට ගිහිල්ලා දුක බෙදාගෙන එA රණවිරුවන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්න පුළුවන් වුණේ ඔබට.

මේ තත්ත්වය යටතේ අපට ගමට, රටට මුහුණ දෙන්න පුළුවන්කම තිබුණා. නැගෙනහිරෙන් පටන් අරගෙන වයඹෙන්, බස්‌නාහිරෙන්, ඌවෙන් එA වගේම දකුණෙන් 2/3 ක බලයක්‌, වැඩි ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගන්න අපට පුළුවන් වුණේ ඔබ දැක්‌වූ එA දායකත්වය නිසා.

අපට අද බොහොම පැහැදිලි ජයග්‍රහණයක්‌ ලැබිලා තියෙනවා. එA ජයග්‍රහණය අපි රැකගන්න ඕන. මේක ආපස්‌සට හරවන්න දෙන්න පුළුවන්කමක්‌ නැහැ. ජාති බේදයෙන් තොරව, වෙනත් කිසිම බේදයකින් තොරව මේ රට එAකීය රටක්‌ වශයෙන් ලබාගත් එA ජයග්‍රහණය රැකගැනීමේ වගකීම සියලුදෙනාට තියෙනවා කියලා අපි මතක තියාගන්න ඕන.

මොන මැතිවරණයක්‌ තිබ්බත් තමුන්නාන්සේලා මගෙත් එක්‌ක ඉන්නවා කියලා මම පැහැදිලිව දන්නවා. මොන බලවේග ආවත් අපට පැහැදිලි ලෙස මේ ජයග්‍රහණය ලබාදෙන්න ඔබ ක්‍රියාකරනු ඇතැයි දැඩි විශ්වාසයක්‌ තියෙනවා. අප සියලු දෙනා එක්‌වෙලා කටයුතු කරමු. ඔබ අප එක්‌ව රටේ ජනතාවගේ වුවමනාවන් ඉටු කරමු. අපේ ජනතාවට ආර්ථික සංවර්ධනයක්‌ ලබාගත හැකි පරිදි අපේ රාජ්‍ය බැංකු වහාම ක්‍රියාත්මක විය යුතු යෑයි කියලා මම ඔවුන්ට උපදෙස්‌ දුන්නා. මේ රටේ ආර්ථිකය ශක්‌තිමත් කරලා ගම සංවර්ධනය කරන්න අප ගත යුතු පියවරයන් නොපමාව ගන්නවා කියන එක ඔබට මතක්‌ කරනවා.

අපට පුළුවන්කම තිබුණා මේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයන්න. ගමේ සංවර්ධනය විතරක්‌ නොවේ පළමුවැනි වතාවට මේ රටේ වරායන් 05 ක්‌ හදන්න පටන් ගත්තේ අපේ රජය. මේ මහා යුද්ධයක්‌ තියෙද්දී කොළඹ ගෝල්ෆේස්‌ පිට්‌ටනියට ගිහිල්ලා බැලුවම දැන් පේනවා කොළඹ වරායේ සංවර්ධනය, ඊටපස්‌සේ හම්බන්තොට වරාය, නැගෙනහිර වරාය, කන්කසන්තුරේ වරාය. මේ දැවැන්ත වරායන් 05 ක්‌ එකවර හැදුවා.

එදා පාරවල් හදන්න සල්ලි දුන්නේ නැහැ යුද්ධය කියලා. රැකියාවල් දුන්නේ නැහැ, අපි එA තත්ත්වය වෙනස්‌ කළා. අද රාජ්‍ය අංශය තුළ විශාල රැකියාවල් ප්‍රමාණයක්‌ ලබාදීලා තියෙනවා. සෑම 17 දෙනෙක්‌ගෙන්ම එක්‌කෙනෙක්‌ රාජ්‍ය සේවකයෙක්‌. අද රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 12 කට ආසන්න වෙනවා.

අද මේ ආකාරයෙන් රට සංවර්ධනය වෙනවා. අලුතින් විදුලි යෝජනා ක්‍රම ඇති කරලා තියෙනවා. එදා අතහැරලා දාලා තිබුණ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ වැඩ අපි පටන් ගත්තා. ඉහළ කොත්මලේ වැඩ පටන් ගත්තා. මේ රටේ සංවර්ධන ගමන් මඟේදී ඡන්ද ගැන හිතනවට වඩා රට ගැන හිතලා තීන්දු ගන්න අපට සිදු වුණා. අපි එදා වගේම අදත්, හෙටත් එA තීන්දු ගන්නවා. එA රට වෙනුවෙන්. රට ගොඩනැඟීමේ දී ගත යුතු තීන්දු ගන්න අපි කිසිවිටෙකත් පසුබාන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ වුවමනා අනුව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට දියත් කරනවා.

අපට මේ රටේ ජාතික ආරක්‍ෂාව අමතක කරන්න පුළුවන්කමක්‌ නැහැ. අද සමහරුන්ට ජාතික ආරක්‍ෂාව නැති වුණාට කමක්‌ නැහැ. ජාතික ආරක්‍ෂාව රැකගන්න අපි පියවර ගන්න ඕන. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට දියත් කරනවා. අපි අදට වඩා හෙට ගැන හිතන්න ඕන. ඔබට වඩා නූපන් දරුවන් ගැන හිතලා අපි මේ රට සංවර්ධනය කරන්න කටයුතු කරන්න ඕන.

අඩුවෙන් ලැබිලා, වැඩියෙන් වැඩ කරන මිනිස්‌සු ටිකක්‌ වෙනුවෙන් විශ්වාසය තියලා මේ රට සංවර්ධනය කරමින් ඉදිරියට යන්න ඔබගේ සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

අලව්ව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙක්‌ වන එච්. එම්. ධර්මරත්න පෙරේරා, කේ. එA. සුමතිපාල යන මහත්වරුන් ද මෙහිදී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හා එක්‌වූහ.

ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රෝහිත අබේගුණවර්ධන, ගුණරත්න වීරකෝන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පා. ම. බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ද මීට එක්‌ව සිටියහ.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.