මඩකලපුව කරදියආරු බෝම්බ පිපිරුමකින් සිසුන් දෙදෙනකුට බරපතල තුවාල

ඒ. ඡේ. ඒ. අබේනායක

මඩකලපුව කරදියආරු ප්‍රදේශයේදී (30) පස්‌වරුවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පාසල් සිසුන් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබේ.

(30) පස්‌වරු 5.30 ට පමණ සිය නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී පුද්ගල නාශක බෝම්බයක්‌ පිපිරීමෙන් අවුරුදු 10-12 අතර වයසේ පසුවන එම සිසුන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් විසින් වහාම මඩකලපු ශික්‌ෂණ රෝහලට ඇතුළත් කළ එන්. සිවසංකර් හා ඒ. නිරෝෂන් නමැති එම සිසුන් දෙදෙනාට වහාම ශල්‍යකර්ම සිදුකිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණි.

31 දා පස්‌වරුව වනවිටත් එම සිසුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් තත්ත්වයට පත්වී නැතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සිද්ධිය පිළිබඳ මඩකලපුව පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.
 

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.