බිම්බෝම්බ ඉවත් කිරීමට තවත් යන්ත්‍ර 5 ක්‌

චමින්ද සිල්වා

ත්‍රස්‌තවාදීන් විසින් වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා තවත් යන්ත්‍ර 05 ක්‌ ස්‌ලෝවැකියාවෙන් මෙරටට ආනයනය කරනු ලැබිණි.

මෙම යන්ත්‍රවල වටිනාකම රුපියල් මිලියන 250 ක්‌ පමණ වන අතර මීට පෙර ද මෙවැනි යන්ත්‍ර 14 ක්‌ ගෙන්වීමට රජය පියවර ගනු ලැබීය.

ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය යටතේ මීට පෙර ගෙන්වනු ලැබූ යන්ත්‍ර මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ යෝධවැව ආශ්‍රිත ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල යොදවා ඇති අතර නව යන්ත්‍ර පහ මන්නාරම හා වවුනියාව දිස්‌ත්‍රික්‌කවල බිම්බෝම්බ ඉවත් කිරීම යුද හමුදා අධීක්‍ෂණය යටතේ සිදු කෙරේ.

මෙම එක්‌ යන්ත්‍රයකින් වර්ග මීටර් 5000 ක පරාසයක බිම් බෝම්බ ඉවත් කෙරේ. එසේම මිලි මීටර් 250 ක්‌ ගැඹුරින් ඇති බිම්බෝම්බ ඔසවා ඉවත් කිරීමේ හැකියාව මෙම යන්ත්‍ර සතු වේ. මෙම යන්ත්‍ර ස්‌වයංක්‍රීය වශයෙන් ක්‍රියාත්මක කරන අතර මීටර් 2000 ක පමණ දුර සිට රිමෝට්‌ කොන්ට්‍රොaලයක්‌ මගින් ක්‍රියාත්මක කෙරේ.

මෙරටට ගෙන්වනු ලැබූ නව යන්ත්‍ර කටුනායක ගුවන්තොටුපළේදී නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන අයුරු මෙහි දැක්‌වේ.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.