|
|
|
|
|

අතක් නැතත් හිත සවිමත් චමින්දට
උපකාරයක් කළ හැකිනම් ලොකු පිනක්
සේයාරුව හා සටහන නොච්චිකුලම - ආනන්ද ජී. චන්ද්‍රසේකර
උපතින්ම
දකුණු අත අහිsමිව මෙලොව එළිය දුටු දිරිමත් තරුණයෙක් ලෙස තිරප්පනේ කරබෑගම ග්‍රාමයේ
වෙසෙන බී. කේ. චමින්ද බාලසූරිය තරුණයා හැඳින්විය හැක. හිතේ තිබෙන ධෛර්යවන්ත කම
නිසාම කාටවත් අත නොපා ජීවන ගමන ගෙනියන්න ස්‌වයං රැකියාවක නියුතු වන්නේ පාපැදියකින්
දිනකට කිලෝ මීටර් හැටක පමණ දුර ගෙවමිනි.
අම්මයි තාත්තයි එකතු වෙලා හදන තලටොපි, තල දෝසි පාපැදියේ පිටිපස්‌සේ බැඳ ගත්තු ලෑලි
පෙට්‌ටියේ අහුරගෙන හිමිදිරි පාන්දර ගෙදරින් පිටත්වෙන චමින්ද ඒවා වෙළෙඳ සල්වලට අලෙවි
කර ආපසු පැමිණෙන විට හැමදාම සවස හය පසුවයි. ඒත් මේ ක්‍රියාවලිය ඔහු කරන්නේ සතුටින්
උද්යෝගයෙන්. "දිවයින" හමුවේ දෙඩමළු වෙමින් ඔහු පැවසුවේ මගේ වයස දැන් අවුරුදු විසි
නවයයි. අපේ පවුලේ පස්‌දෙනයි. අම්මයි තාත්තායි නංගියි මල්ලියි මමයි. මම පවුලේ
වැඩිමලා නංගියි මල්ලියි දෙන්නම බැඳල. අම්ම තාත්ත ඉන්නෙ මගෙ ළඟ ඒ දෙන්න හදන කෑම තමයි
මම විකුණන්නෙ. අම්මයි තාත්තයි දෙන්නම දැන් ඉන්නෙත් අසනීපයෙන්. පවුලේ බාලය හින්දා මහ
ගෙදර අයිති මල්ලිට මම ආබාධිතයෙක් වුණාට ගල් වැලි ගඩොල් මම එකතු කරගෙන තියෙනවා.
මටත් මගේම කියල නිවහනක් හදාගන්න ආසයි, ඒත් ඒකට මට තනියම ආබාධිතයෙක් වශයෙන්
හයියක් නෑ. කවුරු හරිමට නිවස සදා දෙන්න උදව් කරනවානම් ලොකු පිනක්.
මෙම සටහන අවසන් කරන්නට ප්‍රථම තවත් එක් කරුණක් සටහන් කළ යුතුයි. ඔහුගේ වදන්
පෙළකින් මම තවම බැඳලා නෑ. මට ආදරය අනුකම්පාව දෙන්න පුළුවන් මට ස්‌වයං රැකියාවට
ධෛර්ය දීල හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. මගෙ වයසට ගැලපෙන කෙනෙක් ආබාධිත
තරුණියක් ලැබුණොත් මම විවාහ වෙන්න කැමැතියි යනුවෙන් පැවැසීය.
බී. කේ. චමින්ද බාලසූරිය කරබෑගම, මරදන්කඩවල ඔහුගේ ලිපිනයයි.
|
|
|
|