නියඟය හමාරවී මොනරාගලට වැසි ලැබේ

කතරගම - කේ. ඩී. දේවප්‍රිය

මොනරාගල දිස්‌ත්‍රික්‌කයට දරුණු ලෙස බලපා තිබූ නියඟය හමාර කරමින් මේ දිනවල දිනපතාම වැසි ලැබෙමින් පවතී. සියඹලාණ්‌ඩුව, තණමල්විල, ඇතිමලේ, බුත්තල යන ප්‍රදේශවල ජනතාව මෙම නියඟයෙන් බැට කෑහ.

මේ වන විට වැසි ලැබුණ නමුත් විපතට පත් ජනයාට පානීය ජලය, ආහාර ඇතුළු සහනාධාර තවත් මාස කීපයක්‌ යන තෙක්‌ ලැබිය යුතු බව ජනතාව පවසති.

මේ වන විට මෙවර වගා කන්නයෙන් හරි අඩක්‌ ගෙවී ඇත. වෙනත් වසර වලදී මේ වන විට අස්‌වැන්න නෙළමින් පැවතුණත් මෙවර වැසි නොලැබීම නිසා එය අසාර්ථක විය. මේ දිනවල පවතින වර්ෂාවත් සමග හේන් ගොවියන් බඩඉරිඟු, මුං, කව්පි, මිරිස්‌ වැනි කෙටි කාලීන බෝග හිටවීම ආරම්භ කර තිබේ. මේ දිනවල පවතින වැසි කතරගම ප්‍රදේශයට ද නිසි අයුරින් ලැබෙමින් පවතී.
 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.