මහජන බැංකුව වසරේ විශිෂ්ටතම වෙළෙඳ නාමය සහ
විශිෂ්ටතම සේවා වෙළෙඳ නාමය යන සම්මානයන්ගෙන් පිදුම් ලබයි


දේශයේ හෘදයාංගම බැංකුකරුවා සහ අපේක්‍ෂා සපිරි ශ්‍රී ලාංකිකයන්ගේ බැංකුව වන මහජන බැංකුව 2009 Sඛෂඵ වෙළෙඳ නාම විශිෂ්ටතම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකිකයන් සඳහා සිදුකරන ලද ප්‍රශංසනීය මෙහෙවර උදෙසා වසරේ විශිෂ්ටතම වෙළෙඳ නාමය සහ විශිෂ්ටතම සේවා වෙළෙඳ නාමය යන සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.

මෙලෙස මෙම සම්මාන හිමිකර ගැනීම තුළින් මහජන බැංකුව යළිත් වරක්‌ ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් හද දිනූ බැංකුව බවට තහවුරු විය. එමෙන්ම දේශීය බැංකු සේවා වෙළෙඳපොළ ජයගැනීමෙන් නොනැවතී විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘතීන් ඔස්‌සේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන අභිවෘද්ධිය උදෙසා ප්‍රබල දායකත්වයක්‌ සපයනු ලබන අති දැවැන්ත වෙළෙඳනාමය තමන්ට හිමි බව මහජන බැංකුව මෙහිදී ප්‍රකට කළේය.

මෙම සම්මානයන් මගින් මහජන බැංකුවේ අලෙවි සහ වෙළෙඳනාම විශේෂඥතාව මෙන්ම සේවා සම්පාදනයේදී විදහා දක්‌වන ලද පාරිභෝගික සත්කාරකත්වය යන කරුණු ඇගයුමට ලක්‌ විය. මෙලෙස වසරේ සේවා වෙළෙඳනාමය සම්මානය හිමිකර ගැනීම සඳහා දක්‍ෂ සිසුනට සරසවි අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය, දේශයේ වැඩිහිටි හා කාන්තා පරපුර සවිබල ගැන්වීම, නිවාස සහ අනෙකුත් අවශ්‍යතා සඳහා නම්‍යශීලී පදනමක්‌ යටතේ ණය ලබාදීම, පාම්ටොප් බැංකුකරණය සහ විදේශ මුදල් මාරු කිරීම වැනි නූතන තාක්‍ෂණික අංගයන් හඳුන්වාදීම, රන් භාණ්‌ඩ උකස්‌ සේවාවන් සැපයීම, ගොවි හා ව්‍යවසායක අභිවෘද්ධි වැඩසටහන් දියත් කිරීම, ආපදා සහන කටයුතු හා ආයතනික සංවර්ධන ව්‍යාපෘතීන් මෙහෙයවීම ආදී මහජන බැංකුව මගින් වසර ගණනාවක්‌ තිස්‌සේ සිදුකරන ලද සමාජ සත්කාකර ව්‍යාපෘතීන් රාශියක්‌ ඉවහල් විය.

දීප ව්‍යාප්ත ශාඛා ජාලය සහ නවීන සන්නිවේදන විධි ක්‍රමයන් ඔස්‌සේ දේශීය ජනතාව වෙත පරිපූර්ණ වූ බැංකු සේවාවක්‌ සපයමින් විවිධ ජීවන රටාවන් නියෝජනය කරන බහුතරයක්‌ ශ්‍රී ලාංකිකයන්ගේ හෘදයාංගම බැංකුකරුවා බවට පත්වීමට මහජන බැංකුව සමත් විය. මහජන බැංකුව නිරන්තරයෙන්ම සිය ගනුදෙනුකරුවන්ගේ බැංකු හා මූල්‍ය අවශ්‍යතාවන් ඉටුකරන අතරම දේශයේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ණය ලබාදෙමින් ඔවුන්ගේ දෛනික ව්‍යාපාරික කටයුතු සඳහා නොමඳ සහයෝගයක්‌ ලබාදෙයි. එයට අමතරව මෙවැනි ණය මුදල් රටේ දිර්ඝකාලීන සංවර්ධන ක්‍රියාවලිය කෙරෙහි සක්‍රීය දායකත්වයක්‌ සපයයි.

මේ පිළිබඳව සිය ප්‍රසාදය පළකරමින් අදහස්‌ දැක්‌වූ මහජන බැංකුවේ සභාපති ඩබ්ලිව්. කරුණාජීව මහතා මෙසේ පැවසීය. "මෙම සම්මාන උළෙල සැබැවින්ම දේශයේ විශිෂ්ට වෙළෙඳනාමයන් ඇගයුමට ලක්‌ වන්නක්‌ ලෙස සැලකිය හැකියි. සෙසු සියලු වෙළෙඳ නාමයන් අභිබවා යමින් මහජන බැංකුව වැඩිම ලකුණු සංඛ්‍යාවක්‌ හිමිකර ගැනීම නිසා අප වෙත "වසෙරේ විශිෂ්ටතම වෙළෙඳ නාමය සහ වසරේ විශිෂ්ටතම සේවා වෙළෙඳ නාමය" යන සම්මාන දෙකම දිනා ගැනීමට හැකිවීම ඉමහත් සතුටට කරුණක්‌ වෙනවා. අප විසින් මූල්‍ය වෙළෙඳපොළ තුළ දක්‌වන කැපවීම අවධානය සහ විශිෂ්ට ක්‍රියාකාරීත්වය යන කරුණු වෙළෙඳනාම විශිෂ්ටත්ව සම්මාන ජූQරි සභාව වෙතද ඒ අයුරින්ම විදහා දැක්‌වීමට අපගේ නිලධාරීන් කටයුතු කළා. මෙම සම්මානයන් දිනා ගැනීම මගින් බැංකුවේ වර්තමාන ගනුදෙනුරුකවන් අනාගත ගනුදෙනුකරුවන් මාධ්‍ය සැපයුම්කරුවන් ආයෝජකයන් සහ කාර්ය මණ්‌ඩලය වෙත මහජන බැංකුවේ විශිෂ්ට තත්ත්වය පිළිබඳ ප්‍රබල සහතිකයක්‌ සහ නිර්දේශයක්‌ හිමිවෙනවා. අපගේ අලෙවිකරණ හා ප්‍රවර්ධන ක්‍රියාකාරකම්, වෙළෙඳනාම හඳුන්වාදීම් සහ සේවා තත්ත්වයන් මහජන බැංකුවේ විශිෂ්ටත්වය සඳහා ජීවමාන සාධක බවට පත් වුණා. එම විශිෂ්ටත්වය උදෙසා අප වසරින් වසර මෙසේ බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබීම සැබවින්ම සතුටට කරුණක්‌ වෙනවා."

"මෙම ජයග්‍රගහණයන් හිමිකර ගැනීමට අපට උපකාර කළ අපගේ ආදරණීය ගනුදෙනුකාර භවතුන්ටත්, පසුගිය කාල වකවානුවල අප වෙනුවෙන් ශ්‍රමය කැපකොට විශ්‍රාම ගිය අප කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාටත්, දැනට සේවයේ නියුතු ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්‌ඩලයටත්, අපගේ නිලධාරි සංගමය, ලංකා බැංකු සේවක සංගමය සහ සියලු වෘත්තීය සංගම්වලටත්, අප විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ ආයතනික සමාජ සත්කාරයන් සංවිධානය කරන අප බැංකුවේ සියලු සමිති සමාගම්වලටත් විශේෂයෙන් අපගේ අලෙවිකරණ අංශයේ කාර්ය මණ්‌ඩලටයත් අපගේ අවංක ස්‌තුතිය පුද කරනවා යෑයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

වසර 7 ක්‌ වැනි කෙටි කලකට පෙර ශ්‍රී ලාංකිකයන් විසින් මහජන බැංකුව හඳුනාගෙන තිබුණේ රටේ එක්‌තරා ක්‍ෂේත්‍රයන් කිහිපයක්‌ වෙත පමණක්‌ සේවා සලසනු ලබන ආයතනයක්‌ වශයෙනි. කෙසේ වුවද ඉන් අනතුරුව එළැඹුණු වසරවලදී සැමට සේවා සලසන ආයතනයක්‌ වශයෙන් සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මහජන බැංකුව මගින් මහත් පරිශ්‍රමයක්‌ දරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ගතවුණු වසර කිහිපය තුළ අඛණ්‌ඩව වසර තුනක්‌ "වසරේ බැංකුව" වශයෙන් ජනතා තේරීම, "හොඳම සේවා වෙළෙඳනාමය" වශයෙන් ජනතා තේරිම සම්මානයන් ඇතුළුව බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්‌ ශ්‍රේණිගත කිරිම් මගින් බැංකු හා මූල්‍ය කාණ්‌ඩයේ ඉහළම ශ්‍රේණිය අත්පත් කර ගැනීමට මහජන බැංකුව සමත් විය.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.