|

දොන් කරෝලිස් සමාගම නව
කර්මාන්ත ශාලාවක් අරඹයි
ශ්‍රී ලංකාවේ දේශීය ගෘහ භාණ්‌ඩ නිෂ්පාදකයන් අතර පුරෝගාමී නාමයක්
හිමි දොන් කරෝලිස් සමාගම සිය ව්‍යාපාර ඉතිහාසයේ නව
පිටුවක්‌පෙරළමින් "නිපැයුම් ශ්‍රී ලංකා" - කර්මාන්ත 300 වැඩසටහන
යටතේ, නව කර්මාන්ත ව්‍යාපාරයක් ආරම්භ කරයි. කළුතර ගල්පාත
ඉදිකෙරුණු මෙම නව ගෘහ භාණ්‌ඩ නිෂ්පාදන කර්මාන්තශාලාව පසුගියදා
(27.10.09) ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය නවීන් දිසානායක අතින් විවෘත
කෙරුණි. මෙම අවස්‌ථාවට බණ්‌ඩාරගම ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක
ටියුඩර් දයාරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි
වූහ.
වසර 1860 දී ආරම්භය සනිටුහන් කරන දොන් කරෝලිස් ව්‍යාපාරය රාජ්‍ය
හා පුද්ගලික දෙපාර්ශ්වයේම ගෘහභාණ්‌ඩ අවශ්‍යතා සපුරාලීමට සමත් වූ
දේශීය සමාගමකි. 1948 දී බ්‍රිතාන්‍ය මහරැජිනගේ පරිහරණය සඳහා
කොටස් 17 කින් යුතු නිදන කාමර ලී බඩු කට්‌ටලයක් නිෂ්පාදනය කර
යෑවීම, ප්‍රථමවරට 1886 දී ගෘහ භාණ්‌ඩ තොගයක් ඔස්‌ටේ්‍රලියාවට
අපනයනය කිරීම සහ වසර 1900 දී පැරීසියේ පැවැති අන්තර්ජාතික
ප්‍රදර්ශනයකින් සම්මාන පදක්‌කම් ලැබීම යනාදී ක්‍ෂේත්‍රයෙහි
ගෞරවයට පාත්‍ර වීම් හා ජයග්‍රහණ පිළිබඳ දොන් කරෝලිස් සමාගම සතුව
ඇත්තේ වාර්තාගත ඉතිහාසයකි.
වර්තමාන සීමාසහිත දොන් කරෝලිස් (පුද්ගලික) සමාගමේ නව
කර්මාන්තාගාරය විශේෂයෙන්ම වෙන්වන්නේ ලෝකයේ විශිෂ්aටතම ගෘහභාණ්‌ඩ
හා තරග කළ හැකි ගෘහභාණ්‌ඩ නිෂ්පාදනය කර අපනයන කිරීමට හා දේශීය
වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමටයි.
ලෝකයේ අති නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයත් දේශීය ශිල්ප ඥනයත්
එක්‌තැන් කෙරෙන මෙම ගෘහභාණ්‌ඩ නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා දොන්
කරෝලිස් සමාගම රු. මි. 185 ක් ආයෝජනය කරයි. ප්‍රදේශයෙහි රැකියා
විරහිත තරුණ තරුණියන් 204 කට රැකියා අවස්‌ථා උදා කර දෙනු ඇත. |