|

ලංකෙම් පේන්ට්‌ස් බාසිලෝනා
ප්‍රදර්ශනයට සහභාගි වෙයි
ලංකෙම් පේන්ට්‌ස් ලිමිටඩ් සමාගම නොබෝදා "යුරෝකෝට් 2009
බාසිලෝනා" ප්‍රදර්ශනයට සහභාගි වූ යුරෝපයේ තීන්ත සහ ආලේප
ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සමාගම බවට පත්ව සිටී.
ලොවපුරා තීන්ත සහ ආලේප කර්මාන්තයේ විශේඥයන් බොහෝ දෙනෙකු සහභාගිවන
වඩාත් සුපතල ආලේප ප්‍රදර්ශනය ලෙස යුරෝකෝට් ප්‍රදර්ශනය
පිළිගැනීමට ලක් වී ඇත. 17 වැනි වතාවට පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය
උතුරු අප්‍රිකාව ඇතුළු දකුණු යුරෝපීය රටවල් වෙනුවෙන් යෙදූ බලවත්
ව්‍යාපාරික සහ ප්‍රදර්ශන වේදිකාවක් ලෙස හැඳින්විය හැක.
ව්‍යාපාරික ගනුදෙනුවලට පහසුකම් සැපයීම හැරුණු කොට මෙම යුරෝකෝට්
ප්‍රදර්ශනය අන්තර් ජාතික නව නිෂ්පාදනවලට සහ ප්‍රවණතාවලට
ප්‍රසිද්ධියක් ලබා දෙයි.
ලංකෙම් ලංකා සමාගමේ අධ්‍යක්‍ෂ රුවන් වීරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ
"ආලේප නිෂ්පාදනයේ සහ අලෙවියේ පුරෝගාමී සමාගම වන අපට දහස් ගණනක්
ප්‍රදර්ශකයන්ට සහ නරඹන්නන්ට මෙම ප්‍රදර්ශනයේදී සැබෑ ශ්‍රී ලාංකික
නිෂ්පාදනවල විශිෂ්ටත්වය පෙන්නුම් කිරීමට භාග්‍ය ලැබිණි. ගෝලීය
ආලේප කර්මාන්තයේ දැනුම් සම්භාරය සහ නව නිෂ්පාදන සඳහා වන එකම
අන්තර් ජාතික වෙළෙඳ සල්පිල ලෙස පිළිගැනීමට ලක්‌වී ඇති යුරෝකෝට්
ප්‍රදර්ශනයට සහභාගිවීමෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රසිද්ධිය සහ
නිරාවරණය සුළු කොට සැලකිය නොහැකිය. අප ඉදිරිපත් කළ නිෂ්පාදනවල
තත්ත්වය අතින් යුරෝපයේ පිළිගැනීමට ලක්‌වීම අපට විශාල ලෙස
තෘප්තියට හා ආඩම්බරයට පත්වීමට හැකි හේතුවකි. මෙහිදී නව අපනයන
ව්‍යාපාර අරඹීමේ හැකියාවන් සොයා බැලීමට පමණක් නොව අනාගත
ව්‍යාපෘති සඳහා ලෝකයේ වෙනත් කර්මාන්තකරුවන් සමග දැඩි සබඳතා
පිහිටුවා ගැනීමටත් අපට හැකිවිය. |