ඉසුරුමුණි කලාව

පැරණි ශ්‍රී ලාංකේය ශෛල කැටයම් ශිල්පීන්ගේ කලා කෞෂල්‍යයේ විශිෂ්ටත්වය පරික්‍ෂා කිරීමේදී සිහියට නැගෙන්නේ දොරටුපාල රූප, බහිරව රූප, සඳකඩ පහණ, කොරවක්‌ ගල, වාහල්කඩ කැටයම්, උළුවහු වැනි කලා නිර්මාණය. විශේෂයෙන්ම මේවායින් බොහොමයක්‌ යොදා ඇත්තේ භික්‍ෂු ආරාම හා නොයකුත් බෞද්ධාගමික ආයතනවල ප්‍රවේශ ස්‌ථාන අලංකරණය කිරීම සඳහා බව පෙනේ. එහෙත් පරිපූර්ණ ආගමික දෘෂ්ටියෙන් මඳක්‌ බැහැරව ලෞකිකත්වයට බරව කළ කැටයම් නිර්මාණයන්ද මෙරට දුර්ලභ වශයෙන් දක්‌නට ලැබෙන බව කිව යුතුය. ඒ අතර දක්‍ෂිණ ස්‌තූපයටත් රන්මසු උයනේ නැගෙනහිර දොරටුවත් අතර තිසා වැවට ආසන්නව පිහිටා තිබෙන දේවානම්පියතිස්‌ස රජු විසින් ඉදිකරවන ලද ඉසුරුමුණි විහාරයේ දක්‌නට ලැබෙන කැටයම්වලට හිමිව තිබෙන්නේ සුවිශේෂ ස්‌ථානයකි. දේශීය මෙන්ම පල්ලව, ගුප්ත, ඉන්දුනීසියානු යනාදී විදේශීය කලා ශිල්පවල සුසංයෝගයෙන් බිහිවී ඇති මෙම නිර්මාණ ක්‍රි.ව. 4-8 අතර කාල පරාසයකට නීර්ණය කළ හැක. ඉසුරුමුණි කැටයම් අධ්‍යයනය පහසුව තකා කොටස්‌ කීපයකට වර්ග කළ හැක. එනම්,

1. පෙම් යුවළ කැටයම්

2. මිනිසා හා අශ්ව හිස්‌ කැටයම

3. රජ පවුල කැටයම

4. වෙනත් කැටයම්

ඉසුරුමුණි පෙම් යුවළ

දැනට ඉසුරුමුණි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙන පෙම් යුවළ කැටයමට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ක්‍රි. ව. 5-6 අතර කාල සමය තුළ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි මෙහි පුරුෂයකු හා ඔහුගේ වම් කලවය මත ලයාන්විත ලෙස හිඳ සිටින තරුණ කාන්තාවක්‌ නිරූපිතය. මහැදුරු ඒ. වී. සුරවීරයන්ට අනුව ඉන්දියාවේ මිථුන අදහසට ළං කළ හැකි එකම නිදසුන වන්නේ මෙයයි. විශේෂයෙන්ම මේ හා සමාන මිථුන රූප ඉන්දියාවේ අජන්තා, කජුහාරෝ, බදාම් වැනි ස්‌ථානවල පිහිටි කෝවිල්වල දක්‌නට ලැබෙන බව කිව යුතුය. කෙසේ වෙතත් මෙමගින් පිළිබිඹු වන්නේ කවරෙකුදැයි යන්න මෙතෙක්‌ උගතුන් අතර නිශ්චිත එකඟතාවක්‌ නැත. එය ශිව හා පාර්වතී විය හැකි බවට සමහරෙකුගේ අදහසයි. සිද්ධාර්ථ කුමරු හා යශෝධරාවන්ගේ ප්‍රේමාන්විත අවස්‌ථාවක්‌ හෝ ධනයට අධිපති කුවේර දෙවිඳුන් ස්‌වකීය ප්‍රියම්බිකාව සමග සිටින ජවනිකාවක්‌ දැක්‌වෙන බව තවත් බුද්ධිමතුන් පිරිසකගේ මතයයි.

හැඩි දැඩි ශරීරය, ඝන තොල් සඟල, අසිපත් මිට වැනි අංග හේතු කොටගෙන මෙම පුරුෂ රූපයෙන් සොල්දාදුවකු නිරූපණය වන බවත්, එබැවින් මෙහි දීර්ඝ කාලයක්‌ යුද්ධ සේවයේ යෙදී සිටි අයකු තම ප්‍රියාව මුණගැසුණු උද්වේගකර අවස්‌ථාවක්‌ කැටයම් වී තිබෙන බව යන්න මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතයයි. එහෙත් මීට වඩා විප්ලවකාරී මතයක්‌ දරන මහැදුරු සෙනරත් පරණවිතානයන් පවසන්නේ සාලිය හා අශෝකමාලාවන්ගේ ඓතිහාසික ප්‍රේම වෘතාන්තය මෙහි දැක්‌වෙන බවයි. ස්‌වකීය මතය සනාථ කිරීම සඳහා දීර්ඝ ලෙස කරුණු දක්‌වන ඔහු පුරාවෘත්තවල සඳහන් වන ආකාරයට පෙම්වතුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවන් මඟුල් උයනක සිදුවීමත්, අශෝක මාලාවන්ගේ උපන් ගම වන හෙල්ලෝලිය ඉසුරුමුණිය ආසන්නයේ පිහිටා තිබීම යන සාධක පදනම් කොට ගනී.

එහෙත් මහැදුරු චන්ද්‍රd වික්‍රමගමගේ, මහැදුරු සෙස්‌ටියර්, දොහානියන් ඇතුළු උගතුන් රැසකගේ අදහස වන්නේ මෙහි මඤ්ජු ශ්‍රී බෝධිසත්වයන්ගේ වේෂයක්‌ වන ස්‌ථිර චක්‍ර හා ඔහුගේ භාර්යාව වන ප්‍රඥ නිරූපිත බවයි. විශේෂයෙන්ම කඩුව හා ඒ වටා තිබෙන රැස්‌ වළල්ල හේතුකොටගෙන ස්‌ථිර ලෙසටම මෙය මඤ්ජු ශ්‍රී බෝධිසත්වයන්ගේ ලෙස හඳුනා ගත හැකි බවත්, එසේම කඩුවෙන් හා රැස්‌ වළල්ලෙන් පිළිවෙළින් ප්‍රඥව, ප්‍රඥ ආලෝකය සංකේතවත් වන බව ඔවුහු පවසති. එහෙත් ඩී. ටී. දේවේන්ද්‍රයන් මෙම මතය තරයේ ප්‍රතික්‍ෂේප කරයි.

මෙම මූර්ති නිර්මාණකරුවන්ට බලපා ඇති විදේශීය කලා ආභාෂයන් පිළිබඳ විමසන විට මහැදුරු පරණවිතානයන් පෙන්වා දෙන්නේ ගුප්ත මූර්තිවල අන්තර්ගත ආවේණික කලා ලක්‍ෂණ ආංගික කඩවසම් බව හා ප්‍රසන්නභාවය විශිෂ්ට ලෙස දක්‌වා තිබෙන බවයි. එහෙත් මේවා ඉන්දුනීසියානු ජාවා මූර්ති හා සැසඳිය හැකි බවත්, ඉන්දුනීසියානු කැටයම්කරුවකුගේ කෘතියක්‌ විය හැකි බවත් මහැදුරු වික්‍රමගමගේ මහතාගේ මතයයි. කෙසේ වෙතත් උක්‌ත මිථුන රූපවල ඇතුළත් කලා ලක්‍ෂණ පරීක්‍ෂා කරන විට විශදවන වැදගත් කරුණක්‌ වන්නේ ඉතාමත් තාත්විකව හා උද්වේගකර ලෙස ස්‌ත්‍රී-පුරුෂ ප්‍රේමය කැටයම් කර තිබීමයි. විශේෂයෙන්ම ඔහු ප්‍රේක්‍ෂක සිත් වසඟ කරවන සුළු ලෙස ස්‌ත්‍රී රූප නිරූපණයේ විශේෂඥයකු බව පෙනේ. ඒ බව මනාව පසක්‌ වන්නේ පෙම් යුවළ කැටයමේ ඇති ස්‌ත්‍රී රූපයේ ස්‌වභාවික ලෙස පුළුල් උකුල, සිහිනිඟ,

පිරුණු කලවා, පරිපූර්ණ පයෝධර වැනි ශාරීරාංගවලිනි. තවද මෙවැනි ආනන්දජනක අවස්‌ථාවක ස්‌ත්‍රිය වෙතින් පිළිබිඹු වන ලැඡ්ජාව මුසු ආදරය කැටයම්කරු ඇයගේ මුහුණින් මනාව ඉදිරිපත් කර ඇත. එසේම ඇයගේ වස්‌ත්‍රය පාදයේ වළලුකර දක්‌වාම දීර්ඝ කිරීමෙන් ස්‌ත්‍රියගේ විනීතකම වගේම කැටයම් ශිල්පියාගේ සංයමයද කියාපාන බව මහැදුරු සුරවීරයන්ගේ අදහසයි. නිර්භීත ලෙස දකුණු පයක්‌ පෙරට තබා සිටින හැඩිදැඩි පුරුෂ රූපයෙන් උදාරතරභාවයක්‌ දිස්‌වන අතර, ප්‍රේමයේදී හෙතෙම ස්‌වකීය සහකාරිය කෙරෙහි දක්‌වන නොවිසිලිවන්තභාවය මුහුණින් හා අනෙකුත් ශරීර ඉරියව්වලින් මැනවින් දක්‌වා ඔප් නංවා ඇත.

මිනිසා හා අශ්ව හිස කැටයම

මීළඟට ඉසුරුමුණි විහාර භූමියේ පිහිටි කැපීපෙනෙන නිර්මාණය වන්නේ එහි ගල් පර්වත කපා හාරා සකසා තිබෙන මිනිසා හා අශ්ව හිස කැටයමයි. ඉඟේ සිට හිස දක්‌වා අඩි 2 ක්‌ හා අඟල් 7,2/1 ක්‌ උසැති උක්‌ත මිනිස්‌ රුව තේජාන්විතව හා ආත්ම ශක්‌තියෙන් යුතුව ඉදිරිපස නිරීක්‍ෂණය කරන විලාශයක්‌ පෙන්නුම් කෙරෙන අතර මුහුණෙහි කල්පනාකාරී හා වෙහෙසකර ගතියක්‌ ඇත. නහය දිගු වන අතර තොල් සඟල් කුඩාය. මහා රාජ ලීලාසන ලීලාවෙන් හිඳ සිටින මෙහි මනා සංයමයක්‌ සහිත ශරීර ඇඳුම් පැළඳුම්වල දුබලභාවයත් පාද, අත් සිහින්ව හා දිගටි ලෙස වාත්තු කළ ආකාරයට තනා තිබීම යන සාධක පදනම් කරගෙන මහැදුරු පරණවිතානයන්ගේ අදහස වන්නේ කාංචියේ පල්ලවයන්ගේ අනුදැනුම මත ගොඩනංවන ලද මුර්ති සිහිකැඳවන බවයි. දළ වශයෙන් ක්‍රි.ව. 8 සියවස්‌වල නිමවන්නට ඇතැයි සිතිය හැකි මෙහි මිනිස්‌ රූපයෙහි ඇතුළත් චාම් ඇඳුම් පැළඳුම් අතර කර්ණාභරණ, ගෙල පැළඳි මාලය, වළලු, දිගු කෙස්‌ කළඹ, පාසිලම්බුව කැපී පෙනේ. එහෙත් මෙම මූර්තියෙහි අන්තර්ගත වී ඇත්තේ මිථ්‍යා හෝ ඓතිහාසික චරිතයක්‌ද යන්න උගතුන් අතර පවා නිශ්චිත එකඟතාවයක්‌ නැත.

මුලින්ම මෙහි කලාත්මක වටිනාකම පරීක්‍ෂා කළ ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා විශ්වාස කරන්නේ මෙහි කපිල Rෂිවරයා නිරූපණය වන බවයි. හින්දු මිථ්‍යා කතාවල ඇතුළත් කපිල Rෂිවරයා පාතාල ලෝකයට යැම මෙමගින් ඉදිරිපත් කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. එහෙත් වෝගල්, සෙනරත් පරණවිතාන ඇතුළු උගත්හු මෙම මතය තරයේම ප්‍රතික්‍ෂේප කරති. උක්‌ත මිනිස්‌ රූපය යෝගාසන ක්‍රමයට නොහිඳීම, කුමාරස්‌වාමි මතය බිඳ දැමීම සඳහා පරණවිතානයන් පෙන්වා දෙන ප්‍රධාන තර්කය වේ. පරණවිතානයන්ගේ අදහස වන්නේ මෙහි අග්නි හා පර්ජන්‍ය යන වෛදික දෙවිවරුන් මූර්තිමත් වී තිබෙන බවයි.

එනම් අශ්ව හිසෙන් අග්නිද මිනිස්‌ රූපයෙන් පර්ජන්‍ය හෙවත් වර්ෂාවට අධිපති දෙවිඳුන්ද සංකේතවත් වන බවත් පුරාණ අනුරාධපුරය කෘෂිකාර්මික පුරවරයක්‌ බවත් ගොවියෝ වර්ෂා ජලයෙන් ගොවිතැන් කළ බවත් එහෙත් නියං කාල පරිච්ඡේද වල ගොවීහු වර්ෂාව ලබා දෙන ලෙස දෙවියන්ගෙන් අයෑද සිටි බවත් එබැවින් මෙහි වර්ෂාව ලබා දෙන පර්ජන්‍ය මූර්තිමත් කර තිබෙන බවත් පරණවිතාරණ වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මීට අමතරව ඇතැම් උගත්හු මෙහි සිදුහත් කුමරුන්ගේ අභිනිෂ්ක්‍රමණය හෝ විහාරමහාදේවියගේ දොලදුක සංසිදුවීම පිණිස කාවන්තිස්‌ස නියමය පිට අනුරාධපුරයට ප්‍රයානය කළ වේළුසුමනයන් හෝ අශ්වාරෝහක සොල්දාදුවකු මූර්තිමත් වී තිබෙන බවට මත පල කරති. ආචාර්ය ඊ. එම්. රත්නපාලයන්ගේ මතය වන්නේ අයියනායක දෙවිඳුන් මෙහි වස්‌තු බීජය වී තිබෙන බවයි. අයියනායක දෙවිඳුන් අසකු පිට නැගී සංචාරය කළ බවට පවතින ගැමි පුරාවෘත්ත ඔහු ස්‌වකීය මතය සනාථ කිරීම සඳහා උපයෝගී කර ගනී.

රජ පවුල කැටයම

ඉසුරුමුණි විහාර කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබෙන කිසියම් වැදගත් ප්‍රභූ පිරිසක්‌ දැක්‌වෙන සමූහ කැටයම් සුවිශේෂී වේ. අතිශය ලෞකිකත්වයට බර මෙහි දුටුගැමුණු රජ පවුල හෝ සිදුහත් කුමරු ප්‍රමුඛ රජ පවුල නිරූපිත බව බොහෝ උගතුන් කල්පනා කරති. නමුත් ඉහත කී මත සියල්ලක්‌ම නිෂ්ප්‍රභා කරන මහැදුරු වික්‍රමගමගේ විශ්වාස කරන්නේ මෙහි දෙව්ලොව වාසය කරන බෝධිසත්වයකුගේ හා ඔහුගේ ප්‍රියම්බිකාව ඇතුළු පිරිවර අන්තර්ගත වන බවයි. ස්‌වකීය මතය තහවුරු කිරීම සඳහා හෙතෙම උක්‌ත ප්‍රධාන පුරුෂ රූපයෙහි ඇතුළත් දිව්‍යමය කිරුළ ඉදිරිපත් කරයි. තවද මෙහි ඉන්දුනීසියානු කලා ලක්‍ෂණ දැක්‌වෙන බවත්, විශේෂයෙන්ම මෙහි ප්‍රධාන පුරුෂ රූපයෙහි පාද තබා සිටින ආකාරය හා සමාන ලෙස බොරෝබුදුර්හි මහායාන බෞද්ධ කැටයම්වලද මූර්තිමත්ව තිබෙන බව වික්‍රමගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ප්‍රධාන වශයෙන් මෙම සමූහ ප්‍රභූ කැටයමෙහි ප්‍රධාන පුරුෂ රූපයට අමතරව ඔහුගේ ප්‍රියම්බිකාව, පුත්‍රයා යෑයි සිතිය හැකි රූප දෙකකුත් චාමර සලන සේවිකාවකගේ රූපයක්‌ හා අතිරේක පුරුෂ රූපයකුත් අන්තර්ගතය. විශේෂයෙන්ම දකුණු අතෙහි කිසියම් හස්‌ත මුද්‍රdවක්‌ සහිත ප්‍රධාන පුරුෂ රූපයකුත් අන්තර්ගතය. විශේෂයෙන්ම දකුණු අතෙහි කිසියම් හස්‌ත මුද්‍රdවක්‌ සහිත ප්‍රධාන පුරුෂ රූපයෙහි වම් අත යාබද කාන්තා රුවෙහි වම් කලවය මත තබා සිටින අතර මුහුණෙහි සොම්නස්‌ භාවයක්‌ ආරෝපිතය. සෑම වැඩිහිටි කැටයමක්‌ම ආභාරණවලින් පරීක්‌ෂේපිතය. විශේෂයෙන්ම මෙහි සෑම කලා නිර්මාණයක්‌ම සියුම් ලෙස නිමවා ඇති බව පෙනේ. මෙම ප්‍රභූ කැටයම ඉපැරණි ගොඩනැඟිල්ලක සවිකර තිබුණු එකක්‌ විය හැකි බව ආචාර්ය ඊ. ඇම්. රත්නපාලයන්ගේ අදහසයි.

ඇත් රූප සමූහ කැටයම

ඉසුරුමුණි විහාරස්‌ථානයට දකුණෙහි පිහිටි ගල් පර්වතය පාමුල තිබෙන පොකුණෙහි දිය මට්‌ටමට ඉහළින් ස්‌වභාවිකත්වය රැකෙන පරිදි නෙළා තිබෙන ඇත් රූප පෙළ පිළිබඳ මීළඟට විමසා බලමු. ගණනින් හතරක්‌ වන මේවා තනා ඇත්තේ පොකුණේ ජල මට්‌ටමට ඉහළින් ජල ක්‍රීඩාවේ යෙදෙන ආකාරයටය. එබැවින් මේවායේ පාද නිර්මාණය කර නැත. මක්‌නිසාද යත් පොකුණේ ජලය පිරුණු අවස්‌ථාවක ඇත්රූප අර්ධ වශයෙන් ජලයෙහි ගිලී පවතින ආකාරයට සජීවී ලෙස ප්‍රේක්‍ෂකයාට පෙන්වා දීමට කලාකරුවාට අවශ්‍ය වූ බැවිනි. තවද මෙහි ජල ක්‍රීඩාවේදී ඇතුන් අනුගමනය කරන විවිධ ඉරියව් මැනවින් ඉදිරිපත් කර තිබෙන බව කිවයුතුය. ඒවා අතර එක්‌ ඇතකු සොඬින් සිය ශරීරයට ජලය ඉසගන්නා ආකාරත්, තවකෙකු, පොකුණෙහි ජලය සොඬින් ගෙන ඈතට විදිමින් සිටින ආකාරයත්, නිරූපිතය. එමෙන්ම එකෙකු තම ශරීරයේ හිස හා කඳ කොටස ජලයෙහි ඔබාගෙන පසුපස කොටස වලිගය සමග ඉහළ ඔසවා සිටින අවස්‌ථාවක්‌ද මෙහි නිරූපිතය. මීට අමතරව මෙම දර්ශනයෙහි සජීවී ගතිය තවදුරටත් ඉස්‌මතු කරලීම සඳහා කැටයම්කරුවා විසින් ඇත් රූප අතරට ජලයෙන් එසවුනු නෙළුම් මල්, නෙළුම් කොළ හා කැකුළු රූප මනහර ලෙස ඇතුළත් කර තිබේ. තවද ඇතුන්ගේ තේජස්‌සම්පන්නභාවය ජවසම්පන්නභාවය මැනවින් දක්‌වා තිබෙන බව පෙනේ. නමුත් පරිපූර්ණ වශයෙන් මෙහි දේශීය කලා ලක්‍ෂණ පෙනෙන්නට නැත. සමකාලීන දක්‍ෂිණ භාරතීය පල්ලව කැටයම් කලා ආභාෂය ලැබී ඇති බව කිව යුතුය. විශේෂයෙන්ම මාමල්ලපුරම්හි විශාල පර්වතයක නෙළා තිබෙන කලක්‌ අර්ජුනගේ තවුස්‌දම යනුවෙන් වරදවා හැඳිනගෙන තිබුණු "ගංගාවතරණය" නම් අද්විතීය කැටයම් නිර්මාණය හා ඉසුරුමුණි ඇත්රූප පෙළ කැටයම් අතර ඇත්තේ මහත් සමානතාවකි.

වෙනත් කැටයම්

ඉහත කී කැටයම්වලට අමතරව ඉසුරුමුණියෙන් හමුවූ කලාත්මකභාවයෙන් අගතැන්පත් අවශේෂ කැටයම් රාශියකි. ඒවා සැකෙවින් සඳහන් කළොත් ඉසුරුමුණි ලෙන් විහාර දොරටුවේ මකර තොරණ, ප්‍රවේශ දොරටුවේ පහළ පිහිටි මුරගල, සඳකඩ පහණ, තිරස්‌ අතට ඇත්රූප සහිත කොරවක්‌ ගල් කැටයම් මෙන්ම සඳකිඳුරු කැටයම්, විවිධ සෞන්දර්යාත්මක ඉරියව් රැගත් වාමන කැටයම් පුවරු වැදගත් වේ. විශේෂයෙන්ම ඉසුරුමුණි කෞතුකාගාරයේ තැන්පත්කර තිබෙන මිනිස්‌ ශරීරය හා පක්‍ෂියකුගේ පාද සහිත කිඳුරු රූප ත්‍රිත්වය කැපී පෙනේ. බැලූ බැල්මට ඔවුහු කිසියම් නර්තනයක හා සංගීත භාණ්‌ඩ වාදනයක යෙදී සිටින බවයි. මීට අමතරව මටසිළිටි ලෙස කැටයම් කර තිබෙන වාමන රූප පිළිබඳව ද විමසීම සුදුසුය. ඇතැම් විට දෙව්ලොව ගාන්ධර්වයින් ලෙස උපකල්පනය කළ හැකි මෙම වාමන රූප අතර නර්තනයෙහි යෙදෙන වාමන රූප මෙන්ම සංගීත භාණ්‌ඩ වාදනයෙහි යෙදී සිටින වාමන රූපද අන්තර්ගතය.

සමස්‌තයක්‌ වශයෙන් ගත්කල්හි ගුප්ත පල්ලව වැනි විදේශීය කලාංගයන්ගෙන් සුසංයෝගව පැවතියද ඉසුරුමුණි කැටයම් ශ්‍රී ලාංකේය කැටයම් ශිල්පයේ උදාරතරභාවය පෙන්වන කැඩපතක්‌ වැනිය. විශේෂයෙන්ම තත්කාලීන ස්‌ත්‍රී පුරුෂයන් භාවිත කළ ඇඳුම් පැළඳුම් වර්ග, කොණ්‌ඩ මෝස්‌තර, සැරසිලි වර්ග යනාදිය සමාජීය තොරතුරුද මෙම කැටයම් අනුසාරයෙන් හඳුනා ගත හැකිය. එපමණක්‌ නොව එකල සමාජ චර්යා රටාවන් පිළිබඳ තොරතුරු මේවා අනුසාරයෙන් අධ්‍යයනය කළ හැකි බව නිගමනය කිරීම සාධාරණය. තවද අප මේවා ලෞකික කැටයම් වශයෙන් වර්ග කිරීමට හැකි වුවද මේවාට මහායානික අදහස්‌ බලපා ඇති බව පැවසීම තර්කානුකූලය. අවසාන වශයෙන් කිව හැක්‌කේ ඉසුරුමුණි කැටයම් යනු අනුරාධපුර යුගයේ දක්‌නට ලැබෙන විශිෂ්ට ගණයේ ලෞකික කැටයම් නිර්මාණය වන බවයි.

ආශ්‍රිත ග්‍රන්ථ

1. අනුරාධපුර සංස්‌කෘතිය - ඒ. වී. සුරවීර

2. අසිරිමත් අනුරාධපුරය - ඊ. ඇම්. රත්නපාල

3. අනුරාධපුර පූජනීය හා රාජකීය ස්‌ථාන - චන්ද්‍රd වික්‍රමගමගේ

4. අනුරාධපුර යුගය - අමරදාස ලියනගමගේ, රණවීර ගුණවර්ධන

එච්. එම්. අයි. හේරත්
රජරට විශ්වවිද්‍යාලය.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v