දේශීය ව්‍යාපාරිකයා ජාත්‍යන්තරයට
ගෙන යන්න HSBC බැංකුව සූදානම්


HSBC බැංකුවේ ව්‍යාපාරික බැංකු කටයුතු පිළිබඳ කළමනාකාර කැලූම් එදිරිසිංහ

"ලෝකයේ දේශීය බැංකුව" ලෙස විරුදාවලි ලබමින් ලොව පුරා රටවල් 86 ක ගනුදෙනුකරුවන්ට එකම ජාත්‍යන්තර සේවාවක්‌ සලසන හොංකොං ඇන්ඩ් ශැංහයි බැංකුව (HSBC) එකම ව්‍යාපාරික බැංකුව ලෙස මෙරට ඕනෑම මට්‌ටමක ව්‍යාපාරිකයකුට ජාත්‍යන්තර බැංකුවක අත්දැකීම් ලබමින් ක්‌ෂේත්‍රයේ ඉහළටම යන්නට අත්වැලක්‌ වන්නට දැන් සූදානම්. ඒ පිළිබඳ අදහස්‌ දැක්‌වීමට "දිවයින" ව්‍යාපාර පුවත් අංශය හා සාකච්ඡාවට එක්‌ වූයේ හොංකොං ඇන්ඩ් ශැංහයි බැංකුවේ ව්‍යාපාරික බැංකු කටයුතු පිළිබඳ කළමනාකාර කැලුම් එදිරිසිංහ මහතායි.

ප්‍රශ්නය - HSBC බැංකුවේ ව්‍යාපාරික බැංකු සේවාව සැපයෙනුයේ කෙබඳු ව්‍යාපාරිකයන්ට ද?

පිළිතුර - මෙහිදී අප හඳුනාගන්නේ රුපියල් මිලියන 500 ට වඩා අඩු ආදායම් උපයන ව්‍යාපාර ක්‌ෂේත්‍රයන්. එය පෞද්ගලික ව්‍යාපාරයක්‌ හෝ සමාගමක්‌ විය හැකියි. HSBC බැංකුව මෙම අංශයන් හරහා ඉතාමත්ම ශක්‌තිමත්ය. යටිතල පහසුකම්, වෙළෙඳ (ආනයන සහ අපනයන) ගමනාගමන.

ප්‍රශ්නය - ණය ලබාදීමට ප්‍රථම HSBC බැංකුව මෙම ගණුදෙනුකරුවන් තක්‌සේරු කරන්නේ කෙසේද?

පිළිතුර - දැනට පවතින විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන දැනට භාවිතයේ ඇති ආරක්‍ෂිත ඇපකර මෙබඳු ව්‍යාපාරයක විශේෂ කාරණා කීපයක්‌ පිළිබඳ අප සැලකිළිමත් වනවා. එම ව්‍යාපාරය කොයිතරම් කාලයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබෙනවාද? ව්‍යාපාරික අත්දැකීම් කෙබඳු ද, ඔවුන් සමඟ කටයුතු කරන පාරිභෝගිකයන් හෝ ගනුදෙනුකරුවන්ගේ ස්‌වාභාවය කෙබඳු ද? සහ බැංකුවක්‌ සාමාන්‍යයෙන් සොයාබලන අනෙකුත් කාරණා ද ඊට ඇතුළත්.

ප්‍රශ්නය - එබඳු ව්‍යාපාරිකයන්ට HSඊC බැංකුව සලසන පහසුකම් මොනවාද?

පිළිතුර - HSBC බැංකුව සමග ගණුදෙනු කරන සමාජිකයන් අයත් වන ඉතාමත්ම වැදගත් සහනයන නම් අනෙකුත් ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු කිරීමට පහසුකම් සහ එම ආයතනවල පිළිගැනීම නිසැකව ලැබීමයි. එමගින් මෙම දේශීය වෙළෙඳකරුවනට ශක්‌තියක්‌ ලැබෙනු ඇත. අපේ ශාඛා ලොව පුරා විවිධ ආර්ථික හා ව්‍යාපාරික ක්‌ෂේත්‍රයන්ගෙන් යුතු රටවල් 86 ක පිහිටා ඇති නිසා දේශීය ව්‍යාපාරිකයන්ට එම ව්‍යාපාරික අත්දැකීම් හා දැනුම ලබාදීමට අපට හැකියාවක්‌ තිබෙනවා. තමන්ගේ ව්‍යාපාරය විදේශ වෙළෙඳපොළට ගෙන යන්නේ කොහොමද, එහිදී කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද ආදී මූල්‍ය සේවා ඉක්‌මවා ගිය උපදෙස්‌ සේවාවක්‌ ලබාදීමට අප ක්‍රියා කරනවා. විදේශ වෙළෙඳපොළ සමග කටයුතු කිරීමේදී මුදල් පරිහරණයේ සුවිශේෂතා පවතිනවා. විවිධ රටවල මූල්‍ය ස්‌වභාවයන් පිළිබඳ අත්දැකීම් ඇති HSBC බැංකුව ඒ සියලු අත්දැකීම් අපේ ගනුදෙනුකරුවන් සමග ද බෙදාහදා ගැනීමට සූදානම්.

ප්‍රශ්නය - HSBC ව්‍යාපාරික ණය පහසුකම් ලැබෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්‌ක කරන ව්‍යාපාරිකයන්ට පමණක්‌ද?

පිළිතුර - ජාත්‍යන්තර වෙළෙඳපොළට තම ව්‍යාපරය ගෙන යැමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයන්ට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසනවා සේම, දේශීය වෙළෙඳපොළේ පමණක්‌ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයන්ටත් ඔවුන්ගේ ව්‍යාපාර ස්‌වාභාවය අනුව අවශ්‍ය මූල්‍ය පහසුකම් හා ව්‍යාපාරික උපදෙස්‌ ලබාදීමටත් අප සූදානම්.

ප්‍රශ්නය - HSBC ව්‍යාපාරික බැංකුවේ ගනුදෙනුකරුවන්ට හිමිs වන සුවිශේෂ පොලී අනුපාත ඇතුළු පහසුකම් මොනවාද?

පිළිතුර - ඉතාමත් අඩු ගාස්‌තු හා අඩු පොලී ප්‍රතිශතයක්‌ යටතේ ණය පහසුකම් සැලසෙනවා. ගනුදෙනුකරු වෙළෙඳපොළේ කොයිතරම් කාලයක්‌ රැඳිලා තිබෙනවාද? ණය සුරැකුම කොයි වගේද යන කාරණා ගැන අවධානය යොමු කරනවා. සියලුම ගනුදෙනුකරුවන්ට අපේ අන්තර්ජාල බැංකු සේවාව හා ගනුදෙනු කිරීමේ පහසුකම් සැලසෙනවා. ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය ඔස්‌සේ තමන්ගේ ගනුදෙනු පිළිබඳ සොයාබැලීමට අවස්‌ථාව ලැබෙනවා සේම තමන්ගේ ණය මුදල එම ටෙලර් යන්ත්‍රයෙන් ලබාගැනීමේ සුවිශේෂී පහසුකම් ද ලැබෙනවා. ණය පිළිබඳ ගිවිසුම් සකස්‌ කිරීමේදී ඉතාමත් පහසු හා ඉක්‌මන් සේවාවක්‌ සැලසීම HSඊC බැංකුවේ ක්‍රම වේද යයි. මුදල් ඇපයක්‌ තබා ණය ලබාගත යුතු නම් ගනුදෙනුකරුට අත්සන් කිරීමට ඇත්තේ එක්‌ ලියෑවිල්ලක්‌ පමණයි.

ප්‍රශ්නය - ව්‍යාපාරික බැංකු කටයුතුවලදී HSBC බැංකුව අනෙකුත් බැංකුවලින් වෙනස්‌ වන්නේ කොහොමද?

පිළිතුර - ජාත්‍යන්තර බැංකුවක්‌ ලෙස අප ලබාදෙන ව්‍යාපාරික හා මූල්‍ය විසඳුම් ලබාදීමේ හැකියාවක්‌ අනෙකුත් බැංකුවලට නැහැ. HSBC ශාඛා ව්‍යාප්ත සියලු රටවල ව්‍යාපාරික දැනුම අපේ ගනුදෙනුකරුවන්ට ලබාදීමේ සුවිශේෂී හැකියාව ද අපේ තරගකරුවන්ට ඇත්තේ නැහැ. ඒ වගේම HSBC ව්‍යාපාරික බැංකුව හා ගනුදෙනු කරන සියලුම ගනුදෙනුකරුවන්ට ලැබෙන තවත් විශේෂ සේවාවක්‌ වන්නේ තමන්ගේ ගනුදෙනු පිළිබඳ සියලු කටයුතු සඳහා තමන්ටම වෙන් වූ බැංකු නිලධාරියකු ලැබීම. මේ පහසුකම නිසා ගනුදෙනුකරුට ඕනෑම වේලාවක රස්‌තියාදුවක්‌ නැතිව තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය - HSBC ව්‍යාපාරික බැංකුවේ අනාගත සැළසුම් මොනවාද?

පිළිතුර - අප විශ්වාස කරනවා මේ රටේ කුඩා හෝ මහා පරිමාණ යන සියලු මට්‌ටම්වල ව්‍යාපාරිකයන් රටේ ආර්ථිකය ගොඩනැඟීමට විශාල දායකත්වයක්‌ ලබාදෙන බව. ඉදිරියේදී ඔවුන්ගේ ව්‍යාපාරික ක්‌ෂේත්‍රය අනුව අපේ නිෂ්පාදන තෝරාගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදීමට බලාපොරොත්තු වෙනවා. දිවයින පුරා සිටින ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සැළසීමට HSBC බැංකුව සූදානම්.

ප්‍රශ්නය - උතුරු නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාපාරිකයන් වෙත යැමට HSBC සූදානම් ද?

පිළිතුර - එම ප්‍රදේශවල මේ වන විට ඇති වී තිබෙන යහපත් වාතාවරණය තහවුරු වූ පසු ව්‍යාපාරිකයන් ළඟටම ගොස්‌ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න අප බලාපොරොත්තුවෙනුයි සිටින්නේ.

සාකච්ඡා සටහන - නිරෝෂන් හැඳලගේ
 

 
Powered By -