ජනරාල්ගේ ඉල්ලා අස්‌වීම සහ
කොටි ජාත්‍යන්තර ජාලයේ සතුට
* කැනඩා රජය 2003 දී පිටුවහල් කළ කන්නන් කල්ලියේ නියෝජ්‍ය නායක
ඇලෙක්‌ස්‌ව මෙරට රජය මුදාහැරලා
* ජනරාල්ව යුද අපරාධකරුවකු කිරීමට දැඩි උත්සාහයක් ගත් ජර්මනියේ
ඡේ.ඩී.එස්. කණ්‌ඩායම දැන් කිඹුල් කඳුළු හෙළයි
ජනරාල්
සරත් ෆොන්සේකා මියන්මාර් ජනාධිපති පිළිගැනීමේ උත්සවයට සහභාගි වූ
අයුරු.
* සාවද්‍ය යුද අපරාධ චෝදනා මෙහෙයවන්නේ කොළඹ
සිට
* වන්දි නඩුව නිසා රජ් රාජරත්නම් මෙරට වත්කම් විකිණීමට ඉදිරිපත්
වේවි
* අහිංසක තමිල් සෙල්වම් සමරන්න එන්න යෑයි මඩ වෙබ් අඩවිය ශ්‍රී
ලාංකිකයන්ගෙන් ඉල්ලයි
* සාගර හා සයුරළ යුද්ධ නැව් ආපසු දෙන්නැයි ඉන්දියාව ඉල්ලීමක් කර
නැහැ
* කොටි සමග එක්‌වූ නෝර්වේ මාධ්‍යවේදී පෝල් රෙප්ස්‌ඩෝල් ගැන
හෙළිවේ
* මනෝ ගනේෂන්ගෙන් ජනරාල් වෙත ප්‍රශ්නාවලියක්
තමිල්
සෙල්වන් නම්වූ ඝාතකයාව සමරන්න එන්නැයි ප්‍රංශයේ කොටි හිතවාදීන්
කළ ඇරයුම
"ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව වීරෝදාර
වියට්‌කොං හමුදා දියත් කළ මෙහෙයුම්වල සංකේතය වන්නේ අපේ යුද
උපාංගයි" - ජනරාල් වෝ ගියප් වියට්‌කොං හමුදා නායක වියට්‌නාම්
ජනරාල් ගියප්ගේ හමුදා, බලගතු ඇමරිකානු හමුදාව පරාජයට පත්
කිරීමෙන් පසු යුද්ධය අවසානයි කියා යුද්ධෝපකරණ විකිණීමට ක්‍රියා
කළේ නැත. වියට්‌නාමයේ කිසිම නායකයෙක් රටේ ආරක්‍ෂක හමුදාවේ අවි
විකුණා දමන ලෙස ඉල්ලීමක් ද නොකළේය. රුසියානු ජනාධිපතිව සිටි
වැලඩ්මීර් පුටින් චෙච්නියානු ත්‍රස්‌තයන්ට එරෙහිව දියත් කළ යුද
මෙහෙයුම ජය ගැනීමෙන් පසු රුසියාවේ දේශපාලනඥයන්ගෙන් ද යුද
අවිවලින් වැඩක් නැති බවට හඬක් නැඟුණේ නැත. එහෙත් පසුගියදා මෙරට
විපක්‍ෂයේ දේශපාලනඥයකු ප්‍රහාරක මිග් යානා සහ ප්‍රහාරක යාත්‍රා
ඇතුළු යුද්ධෝපකරණ විකුණා දමන්නැයි රජයෙන් ඉල්ලා ඇත.
ප්‍රභාකරන්
ඝාතකයා වෙනුවෙන් තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්‍ෂ සීමන්ගේ ප්‍රභා
රංගනය
මෙරට ඉදිරි ආරක්‍ෂාව සඳහා යුද අවි
තිබිය යුතු අවස්‌ථාවක එවා විකුණා දමන්නැයි කළ ඉල්ලීම රජය එකහෙළාම
ප්‍රතික්‍ෂේප කර තිබේ. යුද අවි විකුණන්නැයි ඉල්ලූ දේශපාලනඥයා රටේ
හමුදා සෙබළු වැඩක් නැති නිසා වෙනත් රටකට විකුණන්නැයි නොඉල්ලීම
පුදුමයකි.
මෙලෙස විකුණා දමන්නැයි විපක්‍ෂයේ බලධාරීන් ඉල්ලා සිටියේ කොටි
ඝාතක සමාගමට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව දුෂ්කරතා රැසක්
මැද ලබාගත් සාඩම්බර ජයග්‍රහණයට උරදුන් සංකේතයයි.
මේ අතර ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතක කණ්‌ඩායම බේරා ගැනීමට දැඩි
උත්සාහයක් ගත් ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුච්නර්ගේ සගයකු වූ
මානව හිමිකම් කටයුතු තානාපති ප්‍රාන්කොයිප් සිට්‌රේ මෙරටට
සම්ප්‍රාප්ත වී තෙදිනක් තිස්‌සේ මානව හිමිකම් ගැන රජයේ බලධාරීහු
සමග සාකච්ඡා කළේය.
මෙම සාකච්ඡාවලදී ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය නිමා කළ බවට ලොවට
පෙන්නුම් කිරීමට නම් රජය කළ යුත්තේ හදිසි නීතිය වහාම අවසන් කිරීම
යෑයි සිට්‌රේ කියා සිටියේය.
ප්‍රංශය මෙලෙස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන හඬ නඟන්නේ
රුවන්ඩාවේ අටලක්‍ෂයක් ජනතාව සමූල ඝාතනය වීම ගැන ප්‍රංශ රජය
වගකිවයුතු යෑයි රුවන්ඩා බලධාරීහු පවසා සිටියදීයි.
මෙලෙස ප්‍රංශ මානව හිමිකම් තානාපති සිට්‌රේ ශ්‍රී ලංකාවේ
ත්‍රස්‌තවාදය අවසන් යෑයි කියමින් හදිසි නීතිය ඉවත් කරන්නැයි රජයට
බල කරද්දී පසුගිය සෙනසුරාදා පැරීසියේ ටොරනාඩෝ චතුරස්‍රයේදී කොටි
ඝාතක තමිල් සෙල්වන්ව සැමරීමේ උත්සවයක් පැවැත්වීය.
ඝාතක තමිල් සෙල්වන්ගේ ගුණ සමරුවක් පැවැත්වෙන බවට ප්‍රචාරක
මෙහෙයුම දියත් කළේ ප්‍රංශයේ සහ ජර්මනියේ සිට ක්‍රියාත්මක වන මඩ
වෙබ් අඩවි මෙහෙය වන්නායි.
එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම්ගේ ගුණ සමරුව
නොවැම්බර් 7 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර ටොරනාඩෝ චතුරස්‍රයේදී
පැවැත්වෙන බවත් ප්‍රංශයේ දෙමළ ජනතා කමිටුවට ශ්‍රී ලාංකික ඔබට
ආරාධනා කරන බවත් දක්‌වමින් කළ ප්‍රචාරයෙන් කොටි හිතවාදීන් මෙම මඩ
වෙබ් අඩවියට ඇති සබඳතාව මෙරට බුද්ධි අංශවලට තහවුරු විය.
සිට්‌රේ ශ්‍රී ලංකාවේ රජයට මානව හිමිකම් ගැන ක්‍රියා කරන්නැයි
ඉල්ලන අවස්‌ථාවේ ප්‍රංශ සිංහල කොටි හා ද්‍රවිඩ කොටි එක්‌ව තමිල්
සෙල්වම්ගේ ගුණ ගායනා කිරීමේ රැස්‌වීමට ප්‍රංශ බලධාරීහු ඉඩදීම
හාස්‍යජනක කරුණක් නොවන්නේද?
මේ වන විට ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන එස් ජී (Sගඨ) නමින්
හඳුන්වන කොටි හිතවාදියා පිළිබඳ සියලු තොරතුරු මෙරටට ලැබී ඇත.
මෙයට වසර කීපයකට පෙර ඔස්‌ටේ්‍රලියානු වැප් නමැති සංවිධානය නෝර්වේ
නුවරදී ත්‍රස්‌ත විරෝධී සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා
තිබියදී එවකට සිටි ඇමැතිවරයකුගේ සහාය මැද පරිගණක ශිල්පියකු
විසින් මොහු මාධ්‍යවේදියකු යෑයි දන්වා නෝර්වේ වෙත යවනු ලැබීය.
මොහුට කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් ලබාදී තිබූ උපදෙස් නම් මෙම
ත්‍රස්‌ත විරෝධී සමුළුව ගැන තොරතුරු සපයන ලෙසයි. දෙදිනකට පසු මේ
ඔත්තුකරු නෝර්වේ රාජ්‍යයෙන් අතුරුදන් විය. දැන් මොහු ප්‍රංශයෙන්
මතුවී ඇත.
එහෙත් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් පැරිස් නුවරට පැමිණ මඩ ප්‍රචාර
දියත් කරන මේ තැනැත්තා කවුරුන්දැයි හඳුනා ගත්හ.
මෙලෙස ඝාතකයකුගේ ගුණ ගැයීමට කොටි හිතවාදීන් ක්‍රියා කරන
අවස්‌ථාවේ පසුගිය 9 වැනිදා ගි්‍රනිච් වේලාවෙන් 5.50 ට යුරෝපා
කොටි වෙබ් අඩවිය විසින් කොටි මූලස්‌ථානය ප්‍රකාශයට පත් කළ බව
දක්‌වන නිවේදනයක් විකාශනය කෙරිණි.
මේ නිවේදනයෙන් කියාසිටියේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවක්
පිහිටුවීමත් විවිධ රටවලදී ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ජනමත
විචාරණයක් පැවැත්වීම සඳහා ද්‍රවිඩ ඩයස්‌පෝරාව (ඊළාම් ප්‍රජාව)
විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සාදරයෙන් පිළිගන්නා බවයි.
මෙරට කොටි මූලස්‌ථානයක් නැති විටෙක මෙකී ප්‍රකාශය විකාශනය කර
ඇත්තේ කොළඹ සිටින කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය කණ්‌ඩායමක් යෑයි
අනාවරණය විය.
අප පුවත්පතේ කොටින්ට එරෙහිව පළවන තොරතුරු දිනපතාම යුරෝපා කොටි
වෙබ් අඩවියට යවන්නේ මෙකී කණ්‌ඩායම වේ. මේ අතර ස්‌විස් කොටි වෙබ්
අඩවිය ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බව දැක්‌වෙන සාවද්‍ය
ලියුම් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් වෙත යෑවීමේ
මෙහෙයුමක් ද දියත් කරනු ලැබීය. (ධචැබ කැඑඑeර එද මබ seජර්ඒරහ
ටැබ්ර්ක ඉහ aබ aබදබහපදබි ඕපසක)
මේ නිර්නාමික ලිපි රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයුමක් යෑයි
අනාවරණය වී ඇත.
මේ තත්ත්වය මැද ඔස්‌ටේ්‍රලියාවේ දේශපාලන රැකවරණ ලබාදෙන ලෙසට
තර්ජනය කරමින් ඕෂන් වයිකින් නමැති නැවේ රැඳී සිටින ව්‍යාජ ශ්‍රී
ලංකා දේශපාලන අනාථයන් හැත්තෑ අට දෙනකු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා
ඔස්‌ටේ්‍රලියානු විදේශ ඇමැති ස්‌ටීවන් ස්‌ටින් මෙරටට සම්ප්‍රාප්ත
විය.
ඔහු නීති විරෝධී සංක්‍රමණිකයන් ඔස්‌ටේ්‍රලියාවට පැමිණීම ව්‍යර්ථ
කිරීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඔස්‌ටේ්‍රලියානු
එA.බී.සී. ගුවන්විදුලිය සමග සාකච්ඡාවක් පවත්වා ඇත. මේ සාකච්ඡාවට
මෙරටින් සම්බන්ධ කරගෙන ඇත්තේ නෝර්වේ අරමුදල් මත යෑපෙන ජාතික සාම
මණ්‌ඩලය මෙහෙයවන ප්‍රධාන සාම වෙළෙන්දායි.
මෙහිදී ඔහු තම පරණ පුරුදු ප්‍රකාශයම පවසමින් ද්‍රවිඩයන්ගේ
දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා දේශපාලන විසඳුමක් දියයුතු බව
කියා සිටියේය. එසේම ද්‍රවිඩයන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යැමට
අවශ්‍යවී ඇති බවට ද මොහු සාවද්‍ය ප්‍රකාශයක් කරනු ලැබීය.
එහෙත් එA වන විට ඉන්දුනීසියානු බලධාරීන්ට එරට මුහුදු ප්‍රදේශයේ
නැව් දෙකක සිටි ව්‍යාජ ද්‍රවිඩ අනාථයන් මෙහෙය වූ තැනැත්තා
කැනඩාවේ එA. කේ. කන්නන් නම්වූ කොටි කල්ලියේ නියෝජ්‍ය නායක
සන්ජිව් කුගෙන්ද්‍රරාජා හෙවත් ඇලෙක්‌ස් බවට කැනඩා පොලිසියෙන්
තොරතුරු ලැබී තිබිණි.
කැනඩාවේ ටොරොන්ටෝ නුවර වී.වී.ටී. කල්ලිය සමග වෙඩි හුවමාරු කරගත්
ඇලෙක්‌ස්‌ව 2003 අප්‍රේල් මාසයේදී කැනඩා රජය විසින් ශ්‍රී ලංකාවට
පිටුවහල් කරන ලදී.
එහෙත් එදා පැවැති රජය කොටි සමග සටන් විරාමයකට එළඹීම නිසා
ඇලෙක්‌ස්‌ව කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණේ නැත. පසුව
ඔහු ඉන්දියාවට ගොස් ඇමරිකානු දුරකථන ඇමැතුම් මධ්‍යස්‌ථානයක සේවය
කර ඇතැයි වැඩිදුර විමර්ශනවලදී හෙළි විය.
මේ නිසා ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයේ ඇති නැව් දෙකින් එක නැවක
කොටින් රැසක් සිටින බව වාර්තා විය. මේ බව ඉන්දුනීසියාවේ ශ්‍රී
ලංකා මහ කොමසාරිස් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි විසින් මෙරට
ආරක්‍ෂක බලධාරීන්ට වාර්තා කරන ලදී.
මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කරද්දී මාණ්‌ඩලික ප්‍රධානි
සරත් ෆොන්සේකාගේ ඉල්ලා අස්‌වීම සම්බන්ධයෙන් දෙස් විදෙස් ශ්‍රී
ලාංකිකයන් අතර දැඩි කුතුහලයට තුඩු දුන් සිද්ධියක් විය. මෙයට
හේතු වූයේ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයන් හා ස්‌විස්
යුරෝපා කොටි වෙබ් අඩවි විසින් ජනාධිපති හා ජනරාල් අතර ගැටුමක්
ඇතිවී තිබෙන බවට පෙන්නුම් කිරීමය.
ජනරාල්වරයා තම ඉල්ලා අස්‌වීමේ ලිපිය ජනාධිපතිවරයාට යෑවීමට පැය 24
කට පෙර ඉන්දීය හින්දුස්‌ථාන් ටයිම්ස් පුවත්පත පුවතක් පළ කරමින්
මේ මස අවසානය වන විට ජනරාල් ඉල්ලා අස්‌වන බව සඳහන් කිරීමය.
මෙහිදී තවත් පුදුමාකාර සිද්ධියක් වාර්තා විය. එA ඕනෑම කෙනකුට
යුද්ධ කරන්න පුළුවන් යෑයි පැවසූ විපක්‍ෂයේ දේශපාලනඥයකු
ජනරාල්වරයාට උපදෙස් දෙමින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු
ඉල්ලා අස්‌නොවන ලෙස කියා සිටීමයි.
එA අතර මැයි 22 දා සිට ජනරාල්වරයාව යුද අපරාධකරුවකු කිරීම දැඩි
උත්සාහයක් ගත් ජර්මනියේ ඡේ.ඩී.එස්. කණ්‌ඩායම හා ඔවුන්ට සම්බන්ධ
මඩ වෙබ් අඩවිය එකවරම ජනරාල් වෙනුවෙන් කිඹුල් කඳුළු සැලීමට
ක්‍රියාකර ඇත.
මෙලෙස ජනරාල්වරයා ඉල්ලා අස්‌වීමට සම්බන්ධ පුවත යුරෝපා කොටි ජාලය
වෙත පැතිර ගියේ විදුලි වේගයෙනි. ස්‌විස් හා යුරෝපා කොටි වෙබ්
අඩවි තම සතුට දරාගත නොහැකිව තවදුරටත් ගිනි ඇවිලීමේ පුවත් විටින්
විට විකාශනය කළහ.
කොටි සමූල ඝාතනය කිරීමට උරදුන් ජනරාල්වරයා තම ඉල්ලා අස්‌වීම
ජනාධිපති වෙත භාරදීමට පෙර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී ශ්‍රී
කාන්තා මෙලෙස පවසා තිබිණි. "අපේ සාමාජිකයන්ගේ මතකය කෙටි නැත. අපේ
රටේ සිදුවූයේ කුමක්‌ද යන්න අපි දන්නෙමු"යි පැවසීමෙන් ද්‍රවිඩ
දේශපාලනඥයන්ගේ අරමුණ සනාථ විය.
මෙයට දෙවසරකට පෙර මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නේ අපේ මල්ලි
(ප්‍රභාකරන්) යටතේ යෑයි පැවසුවේද මේ ශ්‍රීකාන්තායි.
මේ අතර පසුගිය බදාදා පැවැති සාකච්ඡාවේදී තමා ජනරාල්ගේ ඉල්ලා
අස්‌වීම හා ඔහු දේශපාලනයට පැමිණීම ගැන විරෝධයක් නැතැයි
ජනාධිපතිවරයා විසින් ජනරාල් වෙත පවසා ඇත. එහෙත් ඔබ පරාජය
වූවායින් පසු ආපසු මා වෙතට පැමිණිය හැකි යෑයි ජනාධිපතිවරයා කියා
සිටියේය.
මේ අතර ජනරාල්වරයා සිය ඉල්ලා අස්‌වීමට තුඩුදුන් කරුණු 17 ක්
ජනාධිපති වෙත යෑවූ ලිපියේ සඳහන් කර තිබිණි.
මෙලෙස දෙසැම්බර් 1 වැනිදා සිට ඉල්ලා අස්‌වන බව ජනරාල්වරයා විසින්
ප්‍රකාශ කර කැලණි රජමහා විහාරය වෙත ගොස් ඇත. රජය සමග තමාගේ
ප්‍රශ්නයක් නැති බවත් දේශපාලනයට එන්නේද යන්න මෙතෙක් තීරණය කර
නැති බවත් ජනරාල්වරයා පවසා ඇත.
කොටින්ගේ ප්‍රධානතම ඉලක්‌කය වූ ජනරාල්වරයා සිය මාණ්‌ඩලික
ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්‌වීම පිළිබඳ විමර්ශනය කිරීමේදී
ඉන්දියාවේ රන්දෙවොල අරක්‌ගත් ජනරාල් අරුන්විද්‍යාට අත්වූ ෙ€දනීය
ඉරණම සිහිපත් කළ යුතුය. සික් බෙදුම්වාදී ත්‍රස්‌තයන් විසින්
අරක්‌ගත් රන්දෙවොල බේරාගැනීමට මෙහෙයුම දියත් කළේ අරුන්
විද්‍යායි. එහිදී සික් ත්‍රස්‌ත නායක බිරෙන්ද්‍රවාලා ඇතුළු
ත්‍රස්‌ත කණ්‌ඩායම සමූල ඝාතනය විය. පසුව සික් සංවිධානය ජනරාල්
විද්‍යාට සමාව දෙන බව පවසා ඔහුගේ මෙහෙයුම අමතක කරන බව කියා
සිටියේය. එහෙත් වසරකට පසු සික් ත්‍රස්‌තයන් දෙදෙනකු විසින්
නවදිල්ලිsයේදී ජනරාල්ව ඝාතනය කෙරිණි. මේ අතර වන්නි මෙහෙයුම නතර
කර කොටි බේරාගැනීමට උත්සාහ කළ ද්‍රවිඩ දේහපාලකයකු වූ මනෝ ගනේෂන්
නමැත්තා තමිල්නාඩු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් තම පක්‍ෂය
ජනරාල් ෆොන්සේකා වෙත ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර ඊට
ප්‍රතිචාරයක් දෙන්නැයි දැක්‌වූ බව පවසා ඇත.
ජනරාල්ගේ නම පොදු අපේක්‍ෂකයා ලෙස යෝජනාවීමත් සමගම සියලුම ද්‍රවිඩ
නායකයන් මැරුනු නිහඬතාවයක් පළ කළා. මේ නිසා අපි නියම වෙලාවේදී
සරත් ෆොන්සේකා සහ ද්‍රවිඩ ජනතාව මැයෙන් ජාතික සංවාදයක් ආරම්භ
කරනවා යෑයි මනෝ ගනේෂන් තවදුරටත් පවසා ඇත.
මෙහිදී මනෝ ගනේෂන්ගේ කවුද කියා කිවයුතුද? ජනරාල්ට ප්‍රශ්න යොමුකර
ඔහුගෙන් පිළිතුරු ඉල්ලා සිටීම ජනරාල් වෙත කරන අවමානයක් නොවේද?
දැන් ජනරාල් ගනේෂන් වැන්නකුට ප්‍රතිචාර දැක්‌විය යුතුද?.
මෙලෙස කොටි සමූල ඝාතනය කළ හමුදා ජනරාල්වරයා මාණ්‌ඩලික ප්‍රධානි
ධුරයෙන් ඉල්ලා අස්‌වීම සතුටුදායක පුවතක් වූයේ කොටි ජාලයටයි.
ඔවුහු කෝවිල්වලට ගොස් බෙර වයමින් ප්‍රීති ඝෝෂා කර ඇත. එසේම
ඇතැම් යුද හමුදා නිලධාරීන්ද ප්‍රීතියට පත්වී ඇතැයි වාර්තා විය.
මෙහිදී මතුවන ප්‍රශ්නය නම් ජනරාල්වරයා සතුරන්ගේ උගුලට ගොදුරුවිය
යුතුද යන්නයි. කොටි සමග එක්‌ව ක්‍රියා කළ නෝර්වීජියානු
මාධ්‍යවේදී පෝල් රෙප්ස්‌ඩෝල් ගැන මේ සතියේ හෙළි විය. මොහු සහ
කොටි ගමන් ගත් බෝටුවට නාවික හමුදාව එල්ල කළ ප්‍රහාරයේදී ඔහු
මුහුදට පැන දිවි ගලවාගෙන ඇත.
මේ කොටි ආධාරකරුවා තාලිබාන් කණ්‌ඩායම විසින් අත්අඩංගුවට ගෙන රඳවා
ගැනීමෙන් පසු නෝර්වේ රජය විසින් පෙරේදා මුදාගෙන තිබේ.
මේ අතර කළු කොටි ඝාතකයන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරවලදී මියගිය
සිවිල් වැසියන්ගේ ඥතීහු ඇමරිකානු අධිකරණය හමුවේ කොටි හිතවාදී
ව්‍යාපාරික රාඡ් රාජරත්නම්ට එරෙහිව නඩු පැවරීම නිසා ඔහු කලබලයට
පත්වී ඇත. මේ හේතුවෙන් මෙකී කොටි ආධාරකරු මෙරට ඇති ඔහුගේ රුපියල්
බිලියන 15 ක වත්කම් විකුණා දැමීමට තීරණය කර තිබේ.
කොටින්ට ඩොලර් මිලියන පහක් දුන් රාජරත්නම් රත්ගම ප්‍රදේශයේ
සුනාමි අනාථයන්ට ගැලියන් නිවාස සංකීර්ණය නමින් නිවාස සමූහයක්
ඉදිකර දෙමින් ද්විත්ව රංගනයක යෙදුණි.
එහෙත් තමන්ට පිහිට වූයේ කොටි ත්‍රස්‌තවාදය පෝෂණය කරන්නකු යෑයි
ඔවුහු දැන සිටියේ නැත. එසේ වුවත් මේ නිවාස සංකීර්ණයේ හිටපු
තැපැල් ස්‌ථානාධිපතිවරයකු කළ ප්‍රකාශයක් කොටි වෙබ් අඩවියක පළ
විය. රාජරත්නම් ජීවත්වන බුදුන්වහන්සේ බවත් නිවාස සංකීර්ණයේ
මාර්ගයට ගැලියන් නම යෙදීමට බල කරන බවත් එම ප්‍රකාශයේ සඳහන් විය.
කොටි ඝාතක සමාගමේ ආධාරකරුවකු සිහිපත් කිරීම සඳහා පාරවල් නම්
කිරීමට ඉදිරිපත්වී ඇති තැනැත්තකු පිළිබඳ මෙලෙස අනාවරණය වෙද්දී
හිටපු නාවික හමුදාපතිවරයා සහ වත්මන් නාවික හමුදාපති අතර ගිනි
ඇවිලීමේ මෙහෙයුමක් දියත් වී තිබිණි. එA කොළඹ ටාඡ් හෝටලයේ පැවැති
රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් එල්ල කරන නාවික තර්ජනවලට
ප්‍රතිචාරය දැක්‌වීමේ සමුළුවට හිටපු නාවික හමුදාපතිට ඇරයුම්
නොකිරීමයි. මේ සමුළුව සංවිධානය කර තිබුණේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ
ක්‍රමෝපායන් පිළිබඳ කාර්යාලය හා ඉන්දියාවේ නැෂනල් මැරිටයිම්
පදනමයි.
මෙම ඉන්දීය නැෂනල් මැරිටයිට් පදනම හිටපු නාවික හමුදාපතිට එකී
සමුළුවට ඇරයුම් කර නොතිබුණත් මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ගිනි
අවුළුවන්නෝ ඊට නාවික හමුදා මූලස්‌ථානය වගකිවයුතු බවට ප්‍රචාරය
කළහ. මෙම සතිය තුළ මෙවන් තොරතුරු හෙළිවෙද්දී කොළඹ කොටි හිතවාදීන්
යළිත් වරක් කම්පනයට පත්වූ සිද්ධියක් වාර්තා විය. එA මින්නේරිය
වැව ආශ්‍රිත කැලෑවේ සැඟවී සිටි නැගෙනහිර කොටි හමුදා නායකයා වූ
රාම් අල්ලා ගැනීමයි. මේ ත්‍රස්‌තවාදියාව අල්ලා ගැනීම සඳහා
ආරක්‍ෂක බලධාරීහු විශේෂ හමුදා කණ්‌ඩායම් කීපයක් යොදවා තිබිණි.
මේ අතර ඕස්‌ටේ්‍රලියාවට පැමිණි බ්‍රිතාන්‍ය තානාපතිවරයකු වූ
ඩේස් බ්‍රවුංග් එරට ද්‍රවිඩ ප්‍රජාව සමග සාකච්ඡාවක් පැවැත්වීය.
මෙහිදී ඔහු කියා සිටියේ වෙනම රාජ්‍යයකට ඉඩක් නැති නිසා එකම
විකල්පය රජය සමග දේශපාලන විසඳුමකට යැම බවයි.
ඉන්දීය බලධාරීන් විසින් පසුගිය කාලයේ මෙරටට ලබාදුන් වරගා (සාගර)
සහ ජහුනා (සයුරළ) නමැති යුද නැව් දෙක ආපසු මෙරටට දෙන ලෙස ඉන්දීය
බලධාරීන් ඉල්ලීමක් කළ බවට ද මේ සතියේ ප්‍රචාරය විය. එහෙත්
ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් එවැනි ඉල්ලීමක්
කර නැතැයි හෙළිවිය.