|
|
|
|

රුවල් බිඳී ගිය නෞකාවේ.... !
අප පසුවන්නේ දවසින් දවස උණුසුම් වන විස්‌මිත පුවත්වලින් හා
නාට්‍යමය ජවනිකාවලින් පිරුණු දේශපාලන හා සමාජ ප්‍රහසනයක්
නරඹමින්දැයි කෙනෙකුට හැඟී යන්නේ නම් අපි පුදුම නොවන්නෙමු. සිදුවන
දේවල් එතරම්ම විස්‌මය දනවයි. මවිතයට පත් කරවයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා විශ්‍රාම යැමට අවසර ඉල්ලීම අද බොහෝ
දෙනෙකුගේ අවධානයට යොමුවූ මාතෘකාවකි. එතෙර ජනමාධ්‍යවල මෙන්ම බී.
බී. සී. ලෝක සේවයද එම පුවත වාර්තා කර තිබිණි. තිස්‌වසරක
ත්‍රස්‌තවාදය අවසන් කර ප්‍රභාකරන් වනසා දැමූ මහින්ද රාජපක්‌ෂ
ජනාධිපතිවරයාගේ කීර්තිමත් දේශපාලන න්‍යාය පත්‍රයෙහි ප්‍රබලම
ක්‍රියාන්විතයෙහි මෙහෙයුම් බර උර දරා සිටි එක් ප්‍රබල
භූමිකාවක් ජෙනරාල් සරත් ෆොන්සේකාට හිමිවිය. "ජනාධිපති, ආරක්‍ෂක
ලේකම්, හමුදාපති යන සමකෝණී ත්‍රිකෝණයෙහි ප්‍රබල පාදයක් බවට පත්ව
සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා සිය ඡන්ද ලකුණ බවට පත් කර ගැනීමට අද
විපක්‍ෂයට හැකිවී තිබේ.
කෙසේ හෝ වේවා ජෙනරාල් සරත් ෆොන්සේකාට පුරවැසියකු ලෙස තිබෙන නිදහස
හා අයිතියට කිසිවකුට හරස් විය නොහැකි බව අපිද පිළිගනිමු. එහෙත්
ජෙනරාල්වරයාගේ විශ්‍රාම යැම බටහිර ඇතැම් මාධ්‍යවලට මෙන්ම දෙමළ
ඩයස්‌පෝරාව කුල්මත් කිරීමට හේතු වූයේ කෙසේද යන්න අපට ගැටලුවකි.
බටහිරයෝ තවමත් මේ රට වැනසීමට මඟක් සොයමින් සිටින්නෝය. මේ රට
අස්‌ථාවර කර ඔවුන්ගේ දුෂ්ට අරමුණු සපුරා ගැනීමේ මනදොල සපුරා
ගැනීමට ඔවුහු තවමත් මාන පලමින් සිටිති. යුරෝපයේ කොටි නායකයන්ට
ජෙනරාල්ගේ විශ්‍රාම යැම උත්තේජනයක් වී තිබේ නම් එයද විමසිලිමත්ව
අවධානය යොමු කළ යුත්තකි.
කෙසේ හෝ වේවා ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්‌ෂයේ එක්‌සත් සන්ධානයේ
පොදු අපේක්‍ෂකයා බවට පත් කර ගැනීම තුළ තවත් කරුණක්‌ද අපි දකිමු.
එනම් මේ රටේ පැරණිම දේශපාලන පක්‌ෂයක් මෙන්ම දිගු කලක් වරින්වර
මේ රට පාලනය කළ එජාපයට අද ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ මහතාට
මුහුණට මුහුණ සටනක් දීමට තරම් ප්‍රබල පෞරුෂයකින් හෙබි
නායකත්වයක් නැති වීමයි. එම දේශපාලන ගරා වැටීම කුමක් වුවත් එය
මේ රටේ දේශපාලනයට සිදු කරන යහපත කුමක්‌ද යන්න අපට නොතකා හැරීමට
ඉඩ නැත. අපි ඒ දෙස බලා සිටිමු.
අනෙක් කරුණ නම් ජ.වි.ප. ය මැදිවී සිටින අර්බුදයයි. ශ්‍රීලංකාවේ
එකම වම තමන් බව අභිමානයෙන් පවසන ජ.වි.ප. යද සිය කීර්තිමත්
දේශපාලන ඉතිහාසයට පිටුපාමින් දක්‍ෂිණාංශික එජාපය සමඟ එක ගෙයි
කෑමට සූදානම් වීම තවත් පුදුමයකි. දැනට ඔවුන් විසින් කරන ලද
හැඟවීම වන්නේද ජෙනරාල් ෆොන්සේකා පොදු අපේක්‍ෂකයකු ලෙස අනුමත කරන
බවය·
කෙසේ හෝ අද මේ දකුණ සහ වම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
සම්බන්ධයෙන් ද එකඟතාවකට පැමිණ ඇති සෙයකි.
අනෙක් කරුණ නම් විපක්‌ෂයේ ප්‍රබල සටන් පාඨය බවට පත්ව තිබෙන
විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ උද්ඝෝෂණයයි. විධායක
ජනාධිපතික්‍රමය මේ රටට පහළ වූ සිතූ පැතූ සම්පත් සාදා දෙන කප්
රුකක් සේ හැඳින්වූ එජාපයම අද එය විනාශයක් ලෙස දැකීම දෛවයේ
සරදමක් වැන්න.
අපි පසුගිය සතියේ මෙම තීරුවෙහි එම ක්‍රමයේ සාධනීය ලක්‍ෂණ මෙන්ම
නිෂේධනීය ලක්‍ෂණ සැකෙවින් දැක්‌වීමු. නැවත සිහිපත් කිරීමට ඇත්තේ
එක් දෙයක් පමණි. රටක ව්‍යවස්‌ථාව යනු වැස්‌සට ගහන මැස්‌සක්
නොවේ. දේශපාලනඥයන්ගේ කූට අරමුණු උදෙසා බිහිවූ පමණක් නොව වරින්වර
සංශාaධනයන්ද සිදු කළ 1978 ව්‍යවස්‌ථාව වෙනුවට අභිනව
ව්‍යවස්‌ථාවක් රටට වුවමනාවී තිබේ.
බ්‍රිතාන්‍යයේ ලිත ව්‍යවස්‌ථාවක් නැත. එහෙත් ප්‍රබල දේශපාලන
සම්ප්‍රදායක් ඇත. ජනතාව තුළද නිවැරදි දේශපාලන බුද්ධියක් ඇත.
නිදහසින් පසු වසර 60 ක් ගෙවී ගියත් අප තවමත් පසුවන්නේ දේශපාලන
කාන්තාරයකට වඩා දේශපාලන අගාධයක බව අපේ විශ්වාසයයි.
අපේ දේශපාලනයේ නූතන අවධිය වඩාත් නොදියුණු හා දුගඳ හමන අත්දැකීම්
වලින් පිරී තිබෙන බව ද කිව යුතුය. අපේ දේශපාලනඥයා බලන්නේ ඊළඟ
ඡන්දය ගැනය. එහෙත් රාජ්‍ය තාන්ත්‍රිකයා බලන්නේ ඊළඟ පරපුර දෙසය.
මේ රට භාර ගැනීමට ඊළඟ පරපුර සබුද්ධික කළ යුතුය.
ජනතාවගෙන් ලැබෙන බලය සිය උරුමයක් නොව තාවකාලික භාරකාරත්වයක් බව
විචක්‌ෂණ දේශපාලනඥයන් විසින් තේරුම් ගත යුතුය. අද මේ රට දේශපාලන
සරණාගතයන්ගේ කඳවුරක් බවට පත් කරන ලද්දේ ඒ යථාර්ථය නොදත් දේශපාලන
විකටයන් විසිනි.
තතු මෙසේ හෙයින් අද දේශපාලනඥයන්ට වඩා ජනතාවත් මේ රටේ විද්වතුන්
හා මහනාහිමිවරුන් හා අනෙක් ආගමික නායකයන්ද විමසිල්ලෙන් සිටිය
යුතු බව අපි කියමු. ඒ සඳහා අභිනව දේශපාලන සංවාදයක්‌ද රටට
අවශ්‍යවී තිබේ. නැතහොත් මේ රට රුවල් බිඳී ගිය නෞකාවක් මෙන්
සාගරයේම අතරමංවී ගිලී යනු නොවැළැක්‌විය හැකිය. |
|
|
|