
පොල්ගහවෙල පුරාණය
දුම්රිය මංසන්ධියක් පිහිටි පොල්ගහවෙල අද ලංකාව පුරා ප්‍රසිද්ධය.
එහෙත් ඉංගී්‍රසින් ලක්‌දිව දුම්රිය මාර්ග අරඹන්නට පෙර පොල්ගහවෙල
නමින් ගමක් නොවූ බව දැනගන්නට ඇත. ඉංගී්‍රසීන් අනෙකුත් මාර්ග
මෙන්ම දුම්රිය මාර්ගයද ඉදිකර වූයේ, ඒ සඳහා සුදුසු බවට ඉංගී්‍රසි
ජාතික ඉංජිනේරුවන් විසින් කුල භේදයක් නොතකා නිර්දේශකරන ලද භූමි
භාග ඔස්‌සේය. කොළඹ සිට මහනුවර දෙසට දිවෙන දුම්රිය මාර්ගය
ඉදිකිරීම සඳහා මෙන්ම, දුම්රිය ස්‌ථානයන් පිහිටුවීම සඳහාද ගල්බඩගම
නම් වූ ග්‍රාමයේ පිහිටි වෙල් (කුඹුරු) යාය ඉතා සුදුසු විය.
සාමාන්‍යයෙන් ලංකාවේ පිහිටි බොහෝ තැනක දුම්රිය ස්‌ථාන නම් කරනු
ලැබ ඇත්තේ එය පිහිටි ගමේ නමින් වුවත්, ගල්බඩගම ගමේ පිහිටුවන ලද
දුම්රිය ස්‌ථානයට එකී නම යෙදීම දුම්රිය දෙපාර්තමේන්තුවේ
නිලධාරීන්ට - විශේෂයෙන් සිංහල නිලධාරීන්ට ප්‍රශ්නයක් විය. මේ
ගමේ ඒ යුගයේ විසූයේ ආර්යයන් විසින් පහත් යයි සලකන ලද යක්‌ෂ
ගෝත්‍රික (බත්ගමකුල) මිනිසුන් බහුතරයකි. දුම්රිය දෙපාර්තමේන්තුවේ
සේවය කළ සිංහලයන් වැඩිදෙනා උසස් යයි සම්මත ආර්යයන් විය. පහත්
යයි සම්මත මිනිසුන් වෙසෙන ගල්බඩගම ගමේ නාමය දුම්රිය ස්‌ථානයට
යොදනු දකින්නට උසස් යයි සම්මත කුලයේ මිනිස්‌සු නොකැමැති වූහ. එය
ඔවුන්ගේ ඇසට අමිහිරි දසුනක් වන්නට ඇත. ඒ නිසා ඔවුහු එම දුම්රිය
ස්‌ථානය සමීපයේ පොල්ගසක් සහිත වෙලක් (කුඹුරක්) වූ හෙයින්,
පොල්ගහවෙල යන නාමය එකී දුම්රිය ස්‌ථානය සඳහා යොදන්නට උපදෙස්
දුන්හ. මෙම දුම්රිය ස්‌ථානයට පොල්ගහවෙල යන නාමය ලැබුණේ එලෙසය.
මෙකී සිදුවීම ඉතා සත්‍ය බැව් සිතන්නට මා පොළඹවන්නා වුද, මා
පෞද්ගලිකව දන්නා වුද, කරුණක් මෙසේය. දැනට වසර 40 කට පමණ පෙර,
පොල්ගහවෙල දුම්රිය ස්‌ථානය සහ අලව්ව දුම්රිය ස්‌ථානය අතර දුම්රිය
ස්‌ථානයක් නොවීය. ජනතාවගේ ඉල්ලීම මත එම ස්‌ථාන දෙක අතර, නව
දුම්රිය ස්‌ථානයක් පිහිටුවීමටත්, ඊට (දුම්රිය අනතුරු නිසා
මෑතකදී ලංකාව පුරා ප්‍රසිද්ධ) යාන්ගල් මෝදර යන නම යෙදීමටත්
දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළේය. ඊට විරුද්ධ වූ එම ප්‍රදේශයේ
වැසියෝ යාන්ගල්මෝදර නමින් ලියාපදිංචි ගමක් නොමැති බැවින්,
වළකුඹුර යන ලියාපදිංචි ග්‍රාම නාමය නව දුම්රිය ස්‌ථානයට යොදන
ලෙසට ඉල්ලුම්කරන ලදින්, එම ඉල්ලීම ඉටුවිය. කරුණු එසේ වෙද්දී,
බත්ගම කුලයේ කිසිවකු දුම්රිය දෙපාර්තමේන්තුවේ තබා, රාජ්‍ය
සේවයේවත් නොවූ අවධියක, නම් පොතේ පවා ඇත්තා වූද, ගල්බඩගම නම් වූද
ලියාපදිංචි ගමේ පිහිටුවන ලද දුම්රිය ස්‌ථානය, එවකට ලියාපදිංචි
නාමයක් නොවූ පොල්ගහවෙල බවට, ගම්වාසීන් කිසිවකුගේ දැනුමකින් හෝ
විරුද්ධත්වයකින් තොරව පත්වූ බැව් පෙනේ.
මෙම දුම්රිය ස්‌ථානය පිහිටවූ අවධියේ එම ගමේ පිහිටි සියලු ඉඩම්
සඳහන් වූයේ ගල්බඩගම ගමේ පිහිටි ලෙසටය. පසු කාලයේ ලියන ලද ඔප්පුවල
සඳහන් කරන්නට වූයේ, අදාළ ඉඩම් පොල්ගහවෙල ගමේ පිහිටි ලෙසය. පසු
කාලයේ පොල්ගහවෙල නමින් සුළු නගර සභාවක්‌ද බිsහි වූ අතර, තවත්
කාලයකට පසුව එය පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව බවට පත් විය.
අයි. ගුණරත්න
ලින්දර මාවත, පොල්ගහවෙල. |