අපරාධ කරුවකු නොවී කලාකරුවකු වීමට මට ලැබුණු මහා සම්පත නාට්‍ය කලාවයි
ප්‍රශ්නය(- මෙතැනටම එක් විය යුත්තක් තිබෙනවා. ඒ මෙහි භාෂා භාවිතය. බොහෝම කඨෝර නමුත් කාව්‍යමය භාෂා භාවිතයක් මෙහි යොදා ගැනුණා. ඒ භාෂා ඒකමිතියක වැදගත් නොවේද? පිළිතුර(- ඒ යුගයේ මේ නාට්‍යය හොඳම නිෂ්පාදනය බවට පත් වීමට මේ කාරණා හේතු වුණා. මෙහි පෙළ හා නිෂ්පාදනය වෙනස් කළේ නැහැ. අද නාට්‍ය කලාව ගැන මා ලබන සියලු අත්දැකීම් මගේ අලුත් නාට්‍යයේයි සටහන් වෙන්නේ. මේ නාට්‍යය කෞතුක භාණ්‌ඩයක් ලෙස සමාජගත කරනවා. ප්‍රශ්නය(- ඔබ වේදිකා නාට්‍ය ශිල්පියෙක් වගේම ප්‍රතිභාපූර්ණ සිනමා ශිල්පියෙක්. මගේ ප්‍රශ්නය වන්නේ ඔබ ප්‍රකම්නය කරන ඔබ තුළ කැසකන සමාජ දේශපාලනික ප්‍රපංචයන් මුදාහරින්න හොඳම මාධ්‍ය සිනමාව ද වේදිකාවද? පිළිතුර(- වේදිකාව, මම වඩා ආදරය කරන්නේ වේදිකාවට. මොකද නාට්‍ය කලාව සජීවී කලාවක්. සජීවීව මිනිසුන් මුණගැසෙන කලාව වේදිකාව. සිනමාව අවතක්‌සේරු කරනවා නොවේ. එය හුදු තාක්‍ෂණික මාධ්‍යයක්. එය සින්තටික් ආර්ට් එකක්. වේදිකාවේදී මුණ ගැසෙන මිනිස්‌සු මා දැනුවත් කරන අතර මගෙන් දැනුවත් වෙනවා. අදටත් ලෝකේ තිබෙන ප්‍රබලම කලාව නාට්‍ය කලාවයි. එය මිය යන්නේ නෑ. කුමන කුමන පරිවර්තන සිද්ධ වුණත් කුමන කුමන තාක්‍ෂණ ප්‍රගතීන් ආවත් නාට්‍ය කලාව පවතිනවා. නාට්‍ය කලාවට තියෙනවා පවතින්න පුළුවන් ඒ තරම් සුවිශේෂ හැකියාවක්. නාට්‍යකරුවන් ලෙස අප සොයාගත යුත්තේ ඒ පවතින්න පුළුවන් හැකියාව කොයි කොයි අංශවලද තිබෙන්නේ කියා. එය කෙටියෙන් කිව්වොත් නාට්‍ය කලාවේ ඉඳලා චිත්‍රපටයට යන කොට මං හුඟක් දේවල් චිත්‍රපටයට ගෙනගොස් තිබෙනවා. නමුත් චිත්‍රපටයේ ඉඳලා නාට්‍යයට එනකොට මං කිසිවක් ගෙනැවිත් නෑ. අනෙක් පැත්තෙන් මා වෙනත් නාට්‍යකරුවන්ට වඩා වෙනස් වෙනවා. ඒ අපරාධකරුවෙක් නොවී කලාකරුවෙක් වීමට මට ලැබුණු මහා සම්පත නාට්‍ය කලාව වීම නිසායි. සාකච්ඡා කළේ - නිරෝෂන් හැඳලගේ ඡායාරූපය - නිශාන් එස්. ප්‍රියන්ත
උපාලි නිව්ස්‌පේපර්ස් ප්‍රයිවට් ලිමිටඩ් 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.