2009 දෙසැම්බර් 07 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

උණ රෝගයක්‌ පැතිර යැම නිසා
සබරගමුව සරසවිය
දෙසතියකට වැසෙයි


උණ රෝගයක්‌ පැතිර යැම නිසා සබරගමු සරසවිය ඊයේ දහවල් 12 සිට දෙසතියක කාලයකට වසා දමා ඇත. මීට පෙර නොවැම්බර් 23 වැනිදා ද උණ රෝගයක්‌ පැතිර යැම නිසා සරසවිය වසා දමනු ලැබීය.

 

නිර්පාක්‌ෂික අගමැතිකමට තවත් සරත් කෙනෙක්‌!
ලාල්
කාන්ත රහසක්‌ හෙළිකරයි

නිර්පාක්‍ෂික අගමැතිවරයෙක්‌ පිළිබඳ අදහසක්‌ ඉදිරිපත්ව ඇති බව ද ඇතැම් විට ඔහු සරත් ද සිල්වා මහතා විය හැකි යෑයි ද ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවැසීය.

81 වැනි වියට එළඹි අමරදේවයන්ට
ජනපතිගෙන් සුබ පැතුම්


පෙරේදා (05 දා) 81 වැනි වියට පා තැබූ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන්ට ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සුබ පැතූ අයුරු. අමරදේවයන්ට සුබ පැතීම සඳහා ජනපතිවරයා මහරගම පතිරගොඩ පිහිටි නිවසට ගිය අතර එම අවස්‌ථාවට ඇමැති ඩලස්‌ අලහප්පෙරුම හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ද එක්‌වූහ.



 
 
  • මැදවච්චිය සීමා මුරපළ
    සියලූ වාහන හා ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ


    මැදවච්චිය සීමා මුරපළ ඊයේ (6 දා) සිට සියලුම වාහන සහ මහජනතාව වෙනුවෙන් විවෘත කොට තිබේ.2008 පෙබරවාරි 2 වැනිදා මැදවච්චියේ සීමා මුරපල වසා දැමීමත් සමඟම එම මුරපළ හරහා ගමන් කිරීමට හැකිවූයේ රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශයේ හෝ ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරීන්ගේ ලිත අවසරයක්‌ ඇති වාහන සඳහා පමණි.

      

 
  • ජෙනරාල් ෆොන්සේකා කිසිම දේශපාලන පක්‍ෂයකට අයිති නෑ
    රට මේ යන දිශාව වෙනස්‌ කරන්න
    ජවිපෙ ජනතාවට නායකත්වය ලබා දෙනවා


    අද විධායක ජනාධිපති පදවිය රටට පිළිලයක්‌ වෙමින් බලලෝභී පදවියක්‌ බවට පත් වී තිබෙන්නේ යෑයි ද ඒ නිසා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස තරග වදින හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති පදවියට පත් වූ වහාම එම පදවිය අහෝසි කර දැමීමට කටයුතු කරන්නේ යෑයි ද ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.

  

 

 
  • ලක්‍ෂ 47 සිහිනය

    ජනාධිපතිවරණය හැරුන විට වෙන මාතෘකාවක්‌ මේ කාලයේ නැත. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ධුරය ජනරාල් ෆොන්සේකා බාරගත් සතියේ එක්‌වරම දේශපාලන උණුසුමක්‌ නිර්මාණය වුවද ගිය සතියේ එම උණුසුම තරමක්‌ අඩුවී ගිය බවක්‌ දැනෙන්නට තිබුණි. ඡන්ද දිනය වනතෙක්‌ මෙතැන් සිට සති 7 ක්‌ම තිබෙන නිසා දෙපැත්තටම තම ඡන්ද ව්‍යාපාරය වුවමනාවට වඩා කලින් උච්ඡ අවස්‌ථාවට පමුණුවා ගැනීමට අවශ්‍ය නොවූවා විය හැක. එසේ වුවද ඡන්ද ව්‍යාපාරයක ගැම්ම පවත්වාගෙන යැමේ වගකීම ඇත්තේ විපක්‍ෂයේ ප්‍රධාන අපේක්‍ෂකයාට මිස ආණ්‌ඩු පක්‍ෂයට නොවේ.

     

  


 

  

Kapruka Shopping |  News

 

Powered By -


උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.