මුම්බායි ටෙස්‌ට්‌ තරගය
ශ්‍රී ලංකාව නැවතත් ඉනිමක පරාජයකට ඇද දැමූ ඉන්දියාව
ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීමේ හිණිපෙත්තට

ශ්‍රී ලංකාව සිව්වැනි තැනට


අසේල විතාන ඉන්දියාවේ මුම්බායි සිට


ඉන්දියානු කණ්‌ඩායමේ තුන් ඉරියව් දක්‍ෂතා හමුවේ කිසිදු සටනක්‌ නොදැක්‌වූ ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති තුන්වැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන්ද ඉනිමක සහ ලකුණු 24 ක අන්ත පරාජයක්‌ ඊයේ (06 දා) ලැබීය. ඒ අනුව තරග 3කින් සමන්විත ජායිපේ ටෙස්‌ට්‌ තරගාවලිය 2-0 ක්‌ ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත්විය.


අදාළ තරගාවලි ජයත් සමග ඉන්දියාව අයි. සී. සී. ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්හිs පළමු ස්‌ථානයට පැමිණීමට සමත්වූ අතර තරගාවලියට පෙර එහි දෙවැනි ස්‌ථානයේ පසුවූ ශ්‍රී ලංකාව සිව්වැනිs ස්‌තානයට පත්විය.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්‌ට්‌ තරගාවලිවලදී ඉන්දියාව විසින් වාර්තා කළ 5 වැනි ටෙස්‌ට්‌ තරගාවලි ජයග්‍රහණයද මෙය වේ.


අහමදාබාද්හි පැවැති දෙවැනි ටෙස්‌ට්‌ තරගයෙන් ඉනිමක සහ ලකුණු 144 කින්ද මෙම තරගයේ ඉනිමක සහ ලකුණු 24 කින්ද ඉන්දියාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව මෑත කාලයේ ලැබූ දරුණුතම ටෙස්‌ට්‌ තරගාවලි පරාජය සටහන් කළේය.


මෙම තරගයේදී ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 333 ක දැවැන්ත ඉලක්‌කයක්‌ ලැබුණද ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීමකිsන් තොරව ක්‍රීඩා විලාශය හේතුවෙන් සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 309 ක්‌ පමණි.


ශ්‍රී ලංකා පිතිකරු ලැයිsස්‌තුවේ නම් දැරූ පිතිකරුවන් එක පිට එක දැවීS යද්දී සියලු බර කර මත තබාගත් නායක සංගක්‌කාර සටන්කාමී ශතකයක්‌ (137) ලබා ශ්‍රී ලංකා පරාජය පමා කිරීමට සමත්විය. පෙරේදා (05 දා) දිනය පුරා කඩුල්ල රැක ගනිමින් ලකුණු 133 ක්‌ ලබා සිටි සංගක්‌කාර ඊයේ දිනයේ යවන ලද පළමු පන්දු වාරයේදීම සහීර් ඛාන් විසින් දවා ගැනීමත් සමග ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් ගැලවීමට තිබූ මග ඇහිරී ගියේය. මිනිත්තු 349 ක්‌ කඩුල්ල ආරක්‍ෂා කරමින් පන්දු 261 කදී හතරේ පහර 20 ක්‌ සහ එක්‌ හයේ පහරක්‌ සමග සංගක්‌කාර වාර්තා කළ ශතකය (137) ඔහුගේ 21 වැනි ටෙස්‌ට්‌ ශතකය වෙයි. සංගක්‌කාරගේ ඉනිමට සහයෝගය දැක්‌වූ ආරම්භක පිතිකරු තරංග පරණවිsතාන දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 90 ක සබඳතාවක්‌ ගොඩනැගීමට සමත්විsය. එහිදී මිනිත්තු 179 ක්‌ කඩුල්ලේ රැඳී සිටි පණවිsතාන පන්දු 144 කට මුහුණදී හතරේ පහර 8 ක්‌ සමග ලකුණු 54 ක්‌ ලබා ගත්තේය.


දෙවැනි ඉනිමේද විනිසුරුවරයාගේ දුර්වල තීරණයක්‌ මත ලකුණු 16 කට තිලකරත්න ඩිල්ෂාන්ට පිටියෙන් ඉවත්වීමට සිදුවීම ශ්‍රී ලංකා කණ්‌ඩායමට දැඩි ලෙස බලපෑවේය. හර්බජාන් විසින් යවන ලද පන්දුවකට පා ආවරණය යොදා පිළිගත් අවස්‌ථාවේ ඩැරල් හාපර් විනිසුරු එය දැවී යැමක්‌ ලෙස සටහන් කළද රූපවාහිනීS ප්‍රතිරූපණ වලින් පවා එය නොදැවී යැමක්‌ ලෙස සටහන් විය.


ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු ලකුණු 25 ක්‌ තුළදී මහේල (12), සමරවීර(00) සහ මැතිව්ස්‌(05) දැවී යැම ශ්‍රී ලංකා පිලේ පරාජයට බෙහෙවින් බලපෑවේය. අනතුරුව ප්‍රසන්න සහ සංගක්‌කාර හය වැනි කඩුල්ල සඳහා ලකුණු 64 ක්‌ද සංගක්‌කාර සහ කුලසේකර අතර 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 70 ක සබඳතාවක්‌ පිහිටුවීම මත ශ්‍රී ලංකාවට 5 වැනි දිනය දක්‌වා තරගය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබිණි. නමුත් දිනයේ පළමු පැය ඇතුළත අවසන් කඩුලු 4 දවා ගැනීමට ඉන්දියානු පන්දු යවන්නෝ සමත්වූහ.


ශ්‍රී ලංකා දෙවැනි ඉනිsම බිඳ දැමීමේ පුරෝගාමියා වූ සහීර් ඛාන් ලකුණු 72 ට කඩුලු 5 ක්‌ බිඳ දැමූ අතර ඔහු විසින් කඩුලු 5 ක්‌ දවාගත් 8 වැනි අවස්‌ථාවද එය වෙයි.


අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස විරේන්ද්‍ර ෂෙවාර්ග් සම්මාන ලැබීය. ඉන්දියාව සමග අවසන් ටෙස්‌ට්‌ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නා වූ මුරලිදරන් හටද විශේෂ සම්මානයක්‌ මුම්බායි ක්‍රිකට්‌ සංගමය විසින් පිරිනැමීය.


මෙම ටෙස්‌ට්‌ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ ටෙස්‌ට්‌ තරගාවලිsය ලබන 2010 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.


20-20 තරගවල මුරලිව විවේක ගන්වයි


මේ අතර මුත්තයියා මුරලිsදරන් ඉන්දියාව සමග පැවැත්වෙන 2020 තරග දෙකේ විවේක ගැන්වීමට නියමිතව ඇත. පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන අතරතුර ඔහුගේ ඇඟිල්ල සුලු තුවාලයකට ලක්‌වීම සහ එක්‌දින තරගාවලියට ඔහුගේ සේවය බලාපොරොත්තුවෙන් මුරලිට විවේක ලබාදී තිබේ.




ලකුණු පුවරුව


ශ්‍රී ලංකාව පළමු ඉනිම 393 යි


ඉන්දියාව පළමු ඉනිම 726


ශ්‍රී ලංකාව දෙවැනි ඉනිsම


තරංග පරණවිතාන ක.මු.කළා ප.ශ්‍රීෂාන්ත් 54


තිලකරත්න ඩිල්ෂාන් ක.මු.කළා ප.හර්බජාන් 16


කුමාර සංගක්‌කාර ඇ.දෝනි ප.සහීර් 137


මහේල ජයවර්ධන ඇ.දෝනි ප.සහීර් 12


තිලාන් සමරවීර ඇ.ලක්‌ෂ්මන් ප.සහීර් 00


ඇන්ජලෝ මැතිව්ස්‌ ඇ.දෝනි ප.ඕජා 05


ප්‍රසන්න ජයවර්ධන ක.මු.කළා ප.ඕජා 32


නුවන් කුලසේකර ඇ.ලක්‌ෂ්මන් ප.සහීර් 19


රංගන හේරත් ඇ.ඕජා ප.සහීර් 03


මුත්තයියා මුරලිදරන් ඇ.දෝනි ප.හර්බජාන් 14


චානක වෙලගෙදර නොදැවී 00


අතිරේක 17


එකතුව පන්දුවාර 100.4 කදී ලකුණු 309


කඩුලු වැටීම-1-29, 2-119, 3-135, 4-137, 5-144, 6-208, 7-278, 8-282, 9-307


පන්දු යෑවීම - හර්බජාන් 34.3-5-80-2 ඕජා 23-4-84-2 සහීර් 21-4-72-5 ශ්‍රීෂාන්ත් 13-4-36-1 ෂෙවාර්ග් 9-2-24-0

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.