මහවැලි නිම්නයේ උරුමය



ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්‌ මෑත කාලයේ ඇති වී වර්ධනය වූ දේශපාලන අර්බුදය නිසා එක්‌තරා කලාපයට පමණක්‌ සීමා වී පැවතුණු බව නොරහසකි. නමුත් මේ වන විට සියල්ල වෙනස්‌ව පවතියි. වඩාත් සහනශීලී සමාජ දේශපාලන වතාවරණයක්‌ යටතේ දශක ගණනාවක්‌ පුරා වසන්ව පැවැති උරුමය අධ්‍යයනය කිරීමේ අවකාශය මේ වන විට අප වෙත හිමිව තිබේ. සැබැවින්ම යම්කිසි දේශයක යටගියාව වර්තමානයටත්, අනාගතයටත් ගෙනහැර පෑම අතිශය බැරෑරුම් කටයුත්තකි. විශේෂයෙන්ම ජනවාර්ගික අර්බුද ජාතිභේද වාදී කෝලාහල වලින් අපමණ ගැහැටවලට ලක්‌වුණු අපගේ වැනි රටක ඉතිහාසය, පුරාවිද්‍යාව අධ්‍යයනය කිරීම හා අර්ථ දැක්‌වීම සියුම්ව - සුපරීක්‌ෂාකාරීව කළ යුත්තකි. මෙරට ජාතිභේදවාදී අර්බුද මෙහෙයවූ ඇතැම් අන්තවාදීහු අප රටෙහි යටගියාව තම පටු අරමුණු සාධනය කර ගනු පිණිස භාවිත කළ ආකාරය දැකගත හැකිවිය. ඔවුහු ඇතමුන් ඓතිහාසික චරිත, සිද්ධි ක්‍රියාදාමයන් මෙන්ම පුරාවිද්‍යා ස්‌ථාන දත්ත හෝ ඒ හා බැ»ණු වෙනත් දේවල් තම පටු අරමුණු සාක්‌ෂාත් කර ගැනීමට ඉතා සියුම් ලෙස උපයෝගී කර ගත්හ. එබැවින් මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මෙම ගෝත්‍රවාදී පටු සංකල්ප සමාජගත කිරීමට අපගේ යටගියාව යොදා ගැනීම කා විසින් සිදු කරන ලැබුවද එය බරපතල අපරාධයකි. විශේෂයෙන්ම වර්තමාන සංස්‌කෘතික, ආගමික හෝ දේශපාලනික පටු පරමාර්ථ සාධනය කර ගැනීමට අත්තවාදී ලෙස පූර්ව විනිශ්චයන්ට එළඹ යටගියාවේ විවිධ කරුණු උපුටාගනු දැකිය හැකිය. කාලාන්තරයක්‌ තිස්‌සේ ක්‍රමිකව විකාශනය වූ සමාජ - ආර්ථික ආයතනයන්ගේ ඵලයකි. වර්තමානය පුරාවිද්‍යාව යනු හුදු පොළව හෑරීමක්‌ නොවේ. එය අපගේ මුතුන් මිත්තන් සමග කරනු ලබන සංවේදී සංවාදයකි. එය අනෙක්‌ අතට කලාවකි. විද්‍යාත්මක නඩු විභාගයකි. මෙම ලිපිය මගින් පෙන්වා දීමට උත්සහ කරනුයේ යට කී ආකාරයට වර්ග භේදවාදී අරගලවලට යටත්ව පැවැති මහවැලි ගංගාවේ පහළ නිම්නයේ පුරාවිද්‍යාව හෙවත් විශේෂයෙන්ම වර්තමාන සෝමාවතිය රක්‌ෂිත ප්‍රදේශයේ යටගියාව සම්බන්ධවයි.

මහවැලි ගංගාවේ පහළ නිම්නීය ප්‍රදේශ තවමත් විධිමත් පුරාවිද්‍යා අධ්‍යයනවලට එනම්, භූමිය මතුපිට විධිමත් ගවේෂණ හෝ විද්‍යාත්මක කැණීම් මේ වනතුරුත් සිදුව නැත. විශේෂයෙන්ම අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට නැගෙනහිරින්, ගිණිකොට දෙසින් හා දකුණු දිශාවෙන්ද මඩකලපුව, දිස්‌ත්‍රික්‌කයට උතුරු දෙසින්ද දළ වශයෙන් ස්‌ථානගත වන මෙම පහළ නිම්නීය ප්‍රදේශය වියළි පහත් පාරිසරික කලාපයට අයත් වේ. භූ විද්‍යාත්මක ස්‌ථානගත වීමට අනුව මෙම කලාපය උස්‌බිම් ශ්‍රෝණියත් විජයානු සංකීර්ණයක්‌ යන භූ ශ්‍රෝණි දෙකටම අයත් වේ. භූ විද්‍යාත්මක පසුබිම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කිරීමේදී පුරාතන සමාජයන්හි කෘෂිකාර්මික කටයුතුවලට පුළුල් ව්‍යාප්තික රටාව කෙරෙහි මෙකී පාරිසරික කලාපයේ දක්‌නට ලැබෙන පස (Sදසක) සෘජු බලපෑම් එල්ල කර තිබේ. රෙගෝසෝල් හා ඇලුවියල් යන දුඹුරු පැහැති ඉතා සියුම් වයනයකින් යුක්‌ත මෙම පස කෘෂි කර්මාන්තය සඳහා ඉතා යෝග්‍ය වූවකැයි තත් විෂයානුබද්ධ උගතුන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙම කලාපයේ මීටර් 3 ක්‌ පමණ ගැඹුරට යන තුරු දක්‌නට ලැබෙනුයේ වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ මහවැලි ගංගාව විසින් ඉහළ නිම්නීය ප්‍රදේශවල සිට පරිවහණය කරනු ලැබූ තැන්පතු බව මෑත කාලීන භූගර්භ සමීක්‌ෂණ මගින් අනාවරණය කර ගැනුණි. මෙම සමීක්‌ෂණවලින් මෙම කලාපයේ යකඩ, තඹ, රන්, රිදී, මිනිරන් ක්‌වාර්ට්‌සයිට්‌, නයිස්‌, ග්‍රැනයිට්‌ වැනි ඛනිජ හා පාෂාණ සම්පත් ව්‍යාප්තව තිබෙනු තවදුරටත් අනාවරණය කර ගැනුණි. ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්‌කෘතික ක්‍රියාකාරම් සඳහා මේවායින් සමහරක්‌ සෘජුවම මැදිහත්ව ඇත. ආසන්න වශයෙන් මීටර් -50-75 අතර වූ මුහුදු උසකින් යුක්‌ත මෙම ප්‍රදේශයෙහි දශක කිහිපයකට පෙර මෙරට විශිෂ්ටතම ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයකු වූ ආචාර්ය සිරාන් දැරණියගල විසින් පුරාවිද්‍යා ගවේෂණයක්‌ සිදුකර ඇත. ඒ ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙනි. එහිදී ආචාර්ය දැරණියගල කන්දකාඩු, සන්නන්කුල්ලි, මහවැලි ගඟ, පොළොන්නරුව වශයෙන් සීමිත ස්‌ථාන කීපයක්‌ ප්‍රාග් ඓතිහාසික ක්‍ෂේත්‍ර ලෙස හඳුන්වා ඇත. විශේෂයෙන්ම මධ්‍යශිලා මානවයාගේ උපකරණ නිෂ්පාදනයේදී ස්‌වාභාවික තිරුවානා විශේෂ, කහඳ පාෂාණ වැනි අමුද්‍රව්‍යවල ශේෂ වර්තමානය දක්‌වාම දක්‌නට ලැබීම මෙහිදී අපගේ විමසුමට බඳුන් විය යුතුව පවතියි. යටකී කන්දකාඩුව පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය වර්තමාන සෝමාවතිය ස්‌තූපයට කිලෝ මීටර් දෙකක්‌ පමණ නැගෙනහිරින් ස්‌ථානගතව තිබේ. එහි විනාශ වී ගිය ස්‌වභාවික ගල්ගුහා කීපයක ලක්‌ෂණ අදටත් විද්‍යමානය.

මහවැලි නදියේ පහළ නිම්නීය කලාපයේ බලංගොඩ මානවයා හෙවත් මධ්‍යශිලා මිනිසාගේ වාසස්‌ථාන ලක්‌ෂණ භූමිය මතුපිටින් කිසිසේත් අපේක්‍ෂා කළ නොහැකිය. යට කී පරිදි මහවැලියේ තැන්පතු විසින් මෙකී දත්ත වසා සිටිනවා විය හැකිය. මාධ්‍ය හා ඉහළ මහවැලි නිම්නීය ප්‍රදේශවල අදටත් දක්‌නට ඇති මධ්‍යශිලා මානවයාගෙන් පැවතෙන ප්‍රාථමික ගෝත්‍රික පිරිසගේ ජීවමාන සාධකවලට අනුව ඉතා පැරණිම අවධියකදී එම පිරිස්‌ පහළ නිම්නීය ප්‍රදේශවලට සිට ඉහළ ප්‍රදේශවල සංක්‍රමණය වී යෑයි සිතීමට අප පොළඹවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳව පොදුවේ සලකා බලනවිට අදින් වසර 1,25,000 ක්‌ තරම් ඈත අවධියකට එය ගමන් කරයි. මෙම කාලවකවානුවේ සිට මධ්‍ය ශීලා අවධිය දක්‌වාම මිනිසා ක්‍රමිකව සමාජ - තාක්‌ෂණික වශයෙන් පරිණාමය වී ඇත. මෙරට ප්‍රාග් ඓතිහාසික අවධිය ක්‍රි.පු. 1000 දී පමණ අවසන් වන බව පර්යේෂකයන්ගේ අදහසයි. එතැන් සිට මෙරට මිනිසා අයත් වනුයේ ප්‍රොටෝ ඓතිහාසික සමයටයි. පොදුවේ මෙම කාලපරාසය ක්‍රිස්‌තු පූර්ව 1000 පමණ සිට ක්‍රි.පූ. 300 දක්‌වා ගමන් කරයි. මෙම සංස්‌කෘතික අවධිය ශ්‍රී ලංකා සමාජයේ සංධිස්‌ථානයක්‌ ලෙස හඳුන්වාදීමට පුළුවන. ආචාර්ය දැරණියගල විසින් අනුරාධපුර ඇතුළු නුවර ස්‌ථාන ගණනාවක ම කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ක්‍රි.පු. 1000 දක්‌වා පැවත හා මධ්‍යශිලා සංස්‌කෘතිය මූල ඓතිහාසික සංස්‌කෘතියට හෙවත් ප්‍රෙටෝ ඓතිහාසික සමයට පරිවර්තය වී ඇති බව පෙන්වා දී ඇත. ප්‍රාථමික යකඩ යුගය. මුල් අයස්‌ සමය වශයෙන්ද හැඳින්වෙන මෙම සංස්‌කෘතික අවධිය මෙතෙක්‌ පැවත ආ මෙරට සංස්‌කෘතික ගමන් මග හාත්පසින්ම නව මාවතක්‌ කරා යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ගංගාව වනුයේද මහවැලි ගංගාවයි. එකී ගංගාවේ පහළ නිම්නීය ප්‍රදේශවලින් අනාවරණය වූ පැරණිම මානවිය ක්‍රියාකාරකම්හි ලිත සාක්‌ෂි ක්‍රිස්‌තු වර්ෂ තුන්වන සියවස තරම් ඈතට ගමන් කරයි. ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය , ජන ව්‍යාප්තිය පිළිබඳව වූ රාවණා රජුගේ ප්‍රවෘත්තිය විජයාගමනය හා පණ්‌ඩුකාභය ආදී ප්‍රකට ඓතිහාසික පුවත් අයත් වනුයේද ක්‍රි.පූ. 3 වන සියවසටත් ක්‍රි.පූ. 1000 ටත් අතරටය. එනම් මෙරට ප්‍රාථමික යකඩ යුගයටය. සෝමාවතිය රක්‌ෂිත ප්‍රදේශයේ එනම් පහළ මහවැලි නිම්නීය ප්‍රදේශයේ ක්‍රි.ව. 3 වන සියවස තරම් ඈතම අවධියට අයත් වන බ්‍රාහ්මි ලෙන් ලිපි කීපයක්‌ අනාවරණය වී තිබීම අපගේ සාකච්ඡාවට ඉතා වැදගත් සාධකයකි. ශ්‍රී ලංකාවේ ප්‍රකට වංසකතාවලින් හුවා දැක්‌වෙන පරිදි බුදුන් වහන්සේගේ ලංකාගමනය සිදුව ඇත්තේද මූල ඓතිහාසික යකඩ සංස්‌කෘතිකයට අයත් ජනයා මෙරට විසූ අවධියෙහිය. මහවැලි ගංගාවේ ආරම්භකම ස්‌ථානය ආශ්‍රිතව සිරිපතුල් සටහනත් මධ්‍ය ප්‍රදේශයේදී මහියංගන ථූපයත් පහළම නිම්න ප්‍රදේශවලදී සෝමාවතීය සේරුවාවිල වැනි මහා ආගමික මධ්‍යස්‌ථානත් ගොඩනැඟීම කෙරෙහි ඊට පෙර අවධිවලදී මෙකී නිම්නීය ප්‍රදේශවල ව්‍යාප්තව පැවැති සමාජ- ආර්ථික ප්‍රවණතාවයන් ඉතා ප්‍රබල සාධකයක්‌ වූවාට සැක නැත. ඒ මහවැලි නදියේ පහළ නිම්නයේ විශේෂ සමාජ කණ්‌ඩායම් මුල් ඓතිහාසික සමයේ සිට විසූ බවට කන්දකාඩු, කුරුණෑකල්ලු, ආදි ලෙන් ලිපි සාක්‌ෂි සපයයි. කන්දකාඩු ලෙන් ලිපියේ පරුමකවරුන්ගේ පරම්පරා තුනක්‌ සඳහන් කර තිබේ. අපගේ ප්‍රස්‌තුතය සම්බන්ධයෙන් ගත් විට මෙකී ලෙන් ලිපිය කරුණු කිහිපයක්‌ම නිසා සුවිශේෂි වේ. ඉන් පළමු වැන්න නම් "පරුමක යන නාමය සඳහන් වීමයි. මෙම පරුමක යන්න නිල නාමයක්‌ බවත් ඔවුන් එකල සමාජයේ සමාජ ආර්ථිකමය වශයෙන් ඉහළ ස්‌ථරයක්‌ නියෝජනය කළ බවත් විශේෂයෙන්ම ඛණිජ සම්පත්වල හෝ එම සම්පත්වල ඒකාධිකාරය හෙබවූ පිරිසක්‌ වශයෙනුත් හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම මේ සඳහා දක්‌ෂිණ භාරතීය ආභාෂයක්‌ පවතින බව සිත්‍රම්පලම්, රඝූපති, සුදර්ශන් සෙනවිරත්න, වැනි උගතුන් පෙන්වා දී ඇත. ලිපියෙහි අන්තර්ගත, බ්‍රාහ්මිය නොවන සංකේත (භදබ -ඊර්යපස Sහපඉදක) මීළග වැදගත්කමයි. මෙම සංකේත ප්‍රොටෝ ඓතිහාසික යුගයට අයත් සුසාන ක්‍ෂේත්‍ර..(ඊමරස්‌ක Sසඑe) ආශ්‍රිතවද දක්‌නට ලැබීම මෙහිදී ඉතා වැදගත් කරුණකි. මෙබඳු සංකේත ඒ ඒ පවුල්වලට, වෙළෙඳ ශ්‍රෝණිවලට හෝ ගෝත්‍රවලට අයත්වූ සංකේත වීමට පුළුවන. මහවැලි ගංගාවේ පහළ නිම්නීය ප්‍රදේශයේ අනාවරණය වූ කුරුණෑකල්ලු ලෙන් ලිපියද මෙහිදී අතිශය වැදගත් වේ. එහිදී පරුමක යන්න සඳහන්ය. ඊටත් වඩා වැදගත් අන්තර්ගතය වනුයේ "තබර වෙළු" යන සඳහනයි. මෙම තබර යන්න තඹ නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ වූවත් බවට උගතහු මත පළ කරති. දුටුගැමුණු රජු විසින් මහා ථුපය (රුවන්වැලි සෑය) ඉදි කිරීමේදී අවශ්‍ය වූ තඹ ලබාගෙන ඇත්තේ තඹවිට නම් ගමෙනි. (මහාවංශය 28-16-17) මෙම තඹ නිධිය ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රකට සේරුවාවිල තඹ තැන්පතුවයි. ක්‍රිස්‌තු පූර්ව දෙවන සියවස වන විට තඹ කර්මාන්තය මෙකී ප්‍රදේශයේ වඩාත් ප්‍රකටව පැවැති බවට "තබර වෙළු" යන්න නිදර්ශනයකි.

පහළ මහවැලි නදී නිම්නීය ප්‍රදේශවල ක්‍රිස්‌තු පූර්ව 2-3 සියවස්‌වලට අයත් යට කී අභි ලේඛන අනාවරණය වීම තුළින් එකීකලාපයේ සංස්‌කෘතික ක්‍රියාකාරකම් පිළිබඳව වූ ඉතිහාසය වඩාත් පුළුල් පසුතලයක්‌ කරා යොමු කරවයි. ක්‍රිස්‌තු පූර්ව 3 වන සියවසේදී පමණ ලියවී ඇතැයි සිතිය හැකි යටකී බ්‍රාහ්මී ලෙන් ලිපි දෙකෙන් හෙළිදරව් කෙරෙන සමාජීය තත්ත්වය හුදකලාව හෝ ක්‍ෂණිකව බිහි වූවකැයි සිතීමට නොහැකිය. ඒ සඳහා තවත් ශත වර්ෂ කීපයකම පසුබිමක්‌ ඉවහල් වූ බව නිසැකය. එසේ නම් එම කාලවකවානුවෙහි සමාජ ය අයත් වනුයේ මුල් යකඩ යුගයට හෙවත් ක්‍රි.පූ. 3 වන සියවසෙන් ඔබ්බටය.

සෝමාවතිය රක්‌ෂිතය අයත් වනයට දැක්‌වූ පහළ මහවැලි නිම්නීය ප්‍රදේශ ආශ්‍රිතව යම්කිසි ප්‍රොaටෝ ඓතිහාසික චිත්‍රණයක්‌ ඉස්‌මතු කළ හැකි පුරාවිද්‍යාත්මක සාක්‌ෂිද අනාවරණය වී තිබේ. 2009.09.07 වැනි දින සෝමාවතිය ස්‌තූපයට බටහිර ප්‍රදේශයේ මහ වනය තුළ කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණවලදී ඉතා විශාල ප්‍රමාණයේ යබොර කුට්‌ටි සහිත පුළුල් පුරා ක්‍ෂේත්‍රයක්‌ අනාවරණය කර ගැනුණි. ඒ අවට ප්‍රදේශයෙහි පුළුල්ව විහිද ගිය ඓතිහාසික අවධියේ විවිධ ඉදිකිරීම් වලට අයත් ශේෂද විය. ඊට අමතරව ජනාවාස ගොඩනැඟිලි ද අනාවරණය කර ගැණුනි. මෙම ගොඩනැඟිලිවල හමු වන මැටි බඳුන් (බෙහෝ විට රතු බඳුන් හෝ කළු රතු බඳුන් හෝ කළු බඳුන් වීමට ඉඩ තිබේ. ඒවායේ වර්ණය, දීප්තිය, ගැටිතිවල ස්‌වභාවය අනුව මෙරට මුල්ම මැටි බඳුන් හා බොහෝ දුරට සැසඳෙන බව දක්‌නට ලැබිණි. පැරණි මහවැලි නදියේ නිම්නීය ප්‍රදේශවල ස්‌ථාන ගත වන මෙම පුරාවිද්‍යා ක්‍ෂේත්‍රවල මතුපිට දත්ත ඵලෙසය. මේවා ආශ්‍රිත විධිමත් පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කළහොත් නිසැක ලෙසම ප්‍රොaටෝ ඓතිහාසික සමය හා සැසඳෙන තොරතුරු අනාවරණය කරගනු හැකි වනු ඇත.

ක්‍රි.පූ දෙවන ශත වර්ෂය පමණ වනවිට ඉතා පැහැදිලි ලෙසම මෙම පහළ නිම්නීය ප්‍රදේශය ආශ්‍රිතව නාගරික සමාජයක්‌ බිහිව තිබූ බවට සාධක සාහිත්‍ය මූලාශ්‍රවලින්ද අනාවරණය වේ. පැරණි මහවැලි නදිය දෙපස සෝමාවතිය ස්‌තූපය වැනි මහා විහාර සංකීර්ණත්, සෙසු විහාර ඉතා පුළුල්වත් ඉදිකිරීම් කෙරෙහි බලපාන්නට ඇත්තේ පූර්ව ඓතිහාසික යුගයේ පටන් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක සමාජ ආර්ථික පසුබිමයි. විශේෂයෙන්ම පාලි සාහිත්‍ය මූල්‍යාශ්‍ර වල එන සේරු, ලෝණ හා සෝම යන නගර සියල්ලම ස්‌ථානගත වනුයේ මහවැලි පහළ නිම්නීය ප්‍රදේශවලය. ත්‍රිකුණාමලය වරාය (ගෝකණ්‌න) ආශ්‍රිතව පැරණි අවධින් හි සිදු කෙරෙණු භාණ්‌ඩ ආයාත හා නිර්යාත (ආනයන හා අපනයන) කිරීම්වලදී මෙම පහළ නිම්න ප්‍රදේශ මගහැර යා නොහැක්‌කේ ප්‍රමුඛ මහවැලි ගංගාව ප්‍රවාහන මාධ්‍යයක්‌ව පැවැති බැවිණි. අතිරික්‌ත නිෂ්පාදන මුදල් ඒකක, භාෂාව, උපයෝගිතාව, ඉල්ලුම හා සැපයුම යනාදී කරුණු රාශියක්‌ම මත බිහිවූ පැරණි නාගරික සමාජ මහවැලි පහළ නිම්නයේ භූමිය මතුපිටින් කිසිසේත්ම අපේක්‌ෂා නොහැකිය. වසර දහස්‌ ගණනක්‌ මහවැලි ගංගාව පිටාර ගැලීමෙන් එකි දත්ත විශාල වශයෙන් වැසී යැම මීට හේතුවයි. සමකාලීන ජනාවාස ඒකක අතර අෙන්‍යාaන්‍ය සබඳතා ගොඩනගා ගැනීමේදී මෙකී කලාපයේ පිහිටීම සුවිශේෂි වැදගත්කමක්‌ උසුලයි. ප්‍රදේශයෙන් අනාවරණය වන තඹ, යකඩ, මිනිරන් ආදිය ප්‍රයෝජනයට ගැනීමට අදාළ වූ සමාජයීය තාක්‌ෂණය පිළිබඳව මෙම කලාපයෙන් ඉඟි ලැබේ.

ප්‍රදේශයෙන් අනාවරණය වූ කටාර සහිත ලෙන්ද මෙහිදී තවදුරටත් විමසුමට බඳුන් කළ යුතුව පවතියි. යකඩ තාක්‌ෂණය භාවිත කිරීමට පෙර මෙරට මානවයා තම වාසස්‌ථාන ලෙස කටාර රහිත ස්‌වභාවික ගල්ගුහා භාවිත කළහ. යකඩ භාවිතයෙන් අනතුරුව ඔවුහු පරිසරය මෙල්ල කර ජයගැනීමේදී කටාර සහිත ලෙන් තම වාස භූමි ලෙසට පත්කර ගත්හ. ප්‍රාථමික සමාජයන්හි නිර්මිත පරිසරය පිළිබඳව අදහසක්‌ ද මේ තුළින් ලබාගත හැකිය. මේවා මෙරට මුල් යකඩ යුගයේ මානව වාසස්‌ථාන වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෙම ලෙන් වල කටාර සමීපයේ අක්‌ෂර කොටා පිදීම බුදු දහමේ ආගමනයත් සමග ආරම්භ වන්නට ඇත. ඒ ඒ ලෙනෙහි අයිතිකරු හෝ අයිතිකාරිය මේවා සිවු දෙස භික්‌ෂු සංඝයාට පූජාකර ඇත. මෙම කරුණු වලින් පෙන්වා දිය හැක්‌කේ මහවැලි පහළ නිම්නයේ පුරණතම මානව වාසස්‌ථාන පිළිබඳව ඉඟි ලැබෙන බවයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය, මානව ගමන් මග ස්‌ථාන කේන්ද්‍රීයව හෝ පුද්ගල කේන්ද්‍රීයව විකාශනය නොවුණි. එය පුළුල් වපසරියක තිරස්‌ හා සිරස්‌ පසුබිමක්‌ පෙන්නුම් කරයි. විශේෂයෙන්ම රේ‚ය ව්‍යාප්තියක්‌ දක්‌නට නොලැබෙන අතර එහි දක්‌නට ලැබෙනුයේ ප්‍රසාරණය වූ සමාජ රටාවකි. මෙරට මුල්ම පාලන ඒකකය ලෙස වංසකතා හුවාදක්‌වන අනුරාධපුර රාජ්‍ය බිහිවූ මුල්ම වකවානුවේදීත් එහි මධ්‍ය අවධිය වන විටත් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සමාජ ස්‌ථාපිත වනු අනාවරණය වී තිබේ. අනුරාධපුර ප්‍රධාන නගරය විශේෂයෙන්ම පරිපාලන කටයුතු මෙහෙයවූ න්‍යෂ්ටික ප්‍රදේශය වූවද එයට සාපේක්‌ෂකව විවිධ සාධක පදනම් කර ගනිමින් තවත් නගර රැසක්‌ බිහි වනු පෙනේ. සෝමාවතිය රක්‌ෂිත ප්‍රදේශය අයත් වන මහවැලි පහළ නිමිනීය ප්‍රදේශවලද අනුරාධපුර නගරය සක්‍රියව පැවැති වකවානු වන විට වඩාත් පුළුල් ලෙස පැතිර ගිය ජනාවාස සාධක දක්‌නට ලැබීම මෙහිදී සැලකිය යුතු කරුණක්‌ වන්නේ එහෙයිනි.

ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය පිළිබඳව මහාවංස මිථ්‍යාව අනුව මෙරට මුල්ම සංස්‌කෘතික ජන කණ්‌ඩායම විජය ප්‍රමුඛ පිරිසයි. විජය ප්‍රමුඛ ජන කණ්‌ඩායම මෙහි පැමිණෙන විට සිරිසවත්ථුපුර, ලංකාපුර යනාදි නගර පැවැති බව වංසකතාකරුම පවසයි. නගර යනු හුදු නිර්මාණයක්‌ නොවේ. නගරයක්‌ බිහි වීම කෙරෙහි කාලාන්තරයක්‌ තිස්‌සේ වර්ධනය වූ සමාජ - ආර්Zථික ප්‍රවණතාවයන් ඉවහල් වනු අයුරු යට දක්‌වන ලදී. කරුණු මෙසේ හෙයින් විජය මෙරටට පැමිණෙන විට මෙහි විසූ ස්‌වදේශික ජන පිරිස්‌ නාගරික මට්‌ටමේ සමාජ පවත්වා ගැනීමට සමත්ව සිටියහ. කෘෂිකාර්මික කටයුතු සරල ජල කළමනාකරණය, සත්වයින් හීලෑ කිරීම, සංකේතාත්මක භාෂාවක්‌ භාවිත කිරීම. සුසාන, ක්‍රම භාවිතය ආදිය මෙකල සමාජයේ ක්‍රියාකාරකම්වලින් සමහරකි. සැබැවින්ම විජය අයත් වනුයේ ඉන්දියාවේ දෙවන නගරායණයේ සමාජයටය. ඔහු මෙරට පැමිණෙන විට මෙරට ජනයා මූලික නගර කෙරේ තම අවධානය යොමු කරමින් සිටි බව සිතිය හැකිය. ඔහු විසින් කරන ලද්දේ මෙරට පැවැති නගර කීපයක්‌ යටත් කර ගැනීමක්‌ විය හැක්‌කේ ස්‌වදේශීක ජන ප්‍රධානීන් පසුකාලීනව විවිධ නිල නාමයන්ගෙන් සමාජ ගතවීම නිසාය.

මහවැලි පහළ නිම්නයේ ඓතිහාසික ක්‍රියාකාරකම් ඉතා පුළුල් ආකාරයෙන් සිදුව ඇත. විශේෂයෙන්ම සෝමාවතිය රක්‌ෂිතය හා ඉන් ඔබ දිවෙන වනගත ප්‍රදේශවල ඓතිහාසික යුගයේ මානව ක්‍රියාකාරකම් බහුලව දැකිය හැකිය. අනුරාධපුර මුල්ම අවධියේ පටන් පොළොන්නරුව රාජ්‍ය අවධියට අයත් පුරාවිද්‍යා ශේෂ, ක්‍ෂේත්‍ර ලිත මුලාශ්‍ර- සෙල්ලිපි අනාවරණය වීම මෙහිදී තවදුරටත් වැදගත් වේ. ඓතිහාසික යුගයේ අනුරාධපුර විසූ ප්‍රධාන පාලකයාගේ අවධානය යොමු වීමට මෙකී පහළ නිම්නීය ප්‍රදේශ පුළුල් ජනගහණයකින් යුත්ත වී තිබේ. මහවැලි පහළ නිම්නයේ යටගියාව අපගේ ඉතිහාසය හෝ පුරාවිද්‍යා අධ්‍යයනයන් කරා ඉතා විධිමත් ලෙස තවමත් ඇතුලත්ව නොමැති බවත් දක්‌නට ලැබෙන අතර මෙරට ස්‌වභාවික විශාලතම වරාය ඇසුරු කරන මෙම කලාපය පිළිබඳව අවබෝධයක්‌ යථොක්‌ත කරුණුවලින් ලැබෙන අතර ඉදිරි කාලවලදී විද්‍යාත්මක පුරාවිද්‍යා අධ්‍යයන සිදු වුවහොත් අපගේ මෙම චිත්‍රණය වඩාත් පුළුල් පසුතලයක්‌ කරා යොමු කළ හැකි වනු ඇත. එසේම මහවැලි නිම්නයේ පහළ භූමි භාගයන්හි සීඝ්‍රයෙන් සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලදී එකී කලාපයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳව අවබෝධයක්‌ ලබා සිටීම අතිශය වැදගත්ය. එසේ නොමැති වුවහොත් පහළ මහවැලි නිම්නයේ උරුමය සදාකාලිකවම අපගේ රටට. අනාගත පරපුරට අහිමි වනු ඇත.

මැදමහනුවර ධම්මසිරි හිමි

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v