සිංහලයේ උපත ගැන කතිකාවක්‌ ඕනෑ

විජය මුහුදු කොල්ලකරු වෙක්‌ද? යන හිසින් ජලිත අමරසිංහ මහතා විසින් අගනා ලිපියක්‌ බදාදා අතිරේකයට සපයා තිබිණි. පරගැති බවින් පිරිපුන් බොහෝ දෙනකුගේ ඇස්‌ ඇරවීමට ගත් ප්‍රබල උත්සාහයක්‌ ලෙස ඒ ලිපිය සඳහන් කිරීම සාධාරණයෑයි සිතමි.

අමරසිංහ මහතා කී පරිදිම අපේ ඉතිහාසයේ විජය නමැති මේ හොර නායකයා ගැන මුල්වරට සඳහන් වන්නේ අමිල අගයකින් යුතු අපේ ඉතිහාසය පාදා ගැනීමට මහඟු මෙහෙවරක්‌ කළ මහාවංශයේය. එහෙත් මොහුගේ සංක්‍රමණයේ කාල වකවානුවත් විජය නැමති නමේ පවතින සත්‍යතාවයත් ගැන මතභේද පවතින බවද සඳහන් කළ යුතුය.

එසේ වීමට එක්‌ හේතුවක්‌ වන්න ඇත්තේ මහාවංශ කතුවර හිමියන්ගේ අධික ආගම් ආලයත්, උන්වහන්සේගේ අභිප්‍රාය හුදෙක්‌ ඉතිහාස ග්‍රන්ථයක්‌ රචනා කිරීමට නොවීමත් විය හැක. කිසිම සීමාවකින් තොරව නිදහසේ සිතන්නට ඉඩ ලබාදෙන එම බලය යන උතුම් ගුණාංගය සහිත බෞද්ධ දර්ශනය පිළිගත් අප ඒ මහා ධර්මය ලොවට හෙළිකළ මහා කාරුණිකයන් වහන්සේගේ ගිහි කල උපත ලැබූ උතුම් ශාක්‍ය වංශයට ලේ නෑකම් ඇති අය බව කීම කතු හිමියන්ගේ අදහස වූවාට සැකයක්‌ නැත. එසේම විජයගේ පැමිණීමත් සම්බුද්ධ පරිනිර්වාණයත් එකම දිනක සිදුවීම පිළිබඳවත් යම් යම් මතවාද තිබෙන බවද අප පිළිගත යුතුය.

කලාසූරී අරිසෙන් අහුබුදුවන් පෙර එවැනි උදාර අදහස්‌ දැයට දායාද කළ කුමාරතුංග මුණිදාසයන්ද අනුප්‍රාප්තිකයකු වූ මහා කවි රැපියෙල් තෙන්නකෝන් සූරීන්ද මේ පිළිබඳව දශක පහකට පෙර ගුවන්විදුලියෙන් කළ අපේ යටගියාව පිළිබඳ හරබර දෙසුම්වලදී මේ විජයගේ පැමිණීම ගැන බොහෝ තොරතුරු කියා ඇති බව අප අසා ඇත්තෙමු.

එතුමා සොයා බලා කියවා දැනගත් කරුණු අනුව ලාට රට හෙවත් අද ගුජරාටියේ දකුණු පෙදෙසේ භාරුකච්ඡ නම් නැව් තොටින් (පසුකාලීනව බ්‍රොaච්) රටේ දාමරික ක්‍රියා (ශෝකාම් මැරකම් ස්‌ත්‍රී දූෂණ) කළ ත්‍රස්‌තවාදී පිරිස්‌ අල්ලා එරට රජු විසින් දඩ හා දඬුවම් පමුණුවා රටින් පිටුවහල් කර ඇත. දඬුවම රටින් පිටුවහල් කිරීම වූ අතර දඩය වූයේ හඳුනාගැනීමේ පහසුවට හංවඩු ගැසීමකට සමාන හිසෙන් අඩක්‌ බූ ගා දැමීමය. මේ දාමරික පිරිස මෙසේ රටින් පිටුවහල් කර ඇත්තේ අපරාන්ත දේශයට වන අතර (පසු කලෙකත් වාලුකා කතරට හා සයිබීරියාවට පිටුවහල් කළ පිරිස්‌ ගැනද අපි හො¹කාර දනිමු) අපරාන්ත දේශවාසීන් මේ තක්‌කඩි රැළ භාර ගැනීමට නොකමැති වූ හෙයින් ඔවුනට සිදුවූයේ ආපසු නැව් නැගීS අරාබි මුහුදේ දූපත්වලට යැමය. එසේ ගිය පිරිසගෙන් එක්‌ කොටසක්‌ තම්මැන්නා පෙදෙසට ගොඩබට අතර විජය ප්‍රධාන පිරිස ඒ හොරු රැළ මිස අන් කවරෙකුවත් නොවේ.

මේ සොරු රැළ තම්මැන්නාවට ගොඩ බැසීම අහම්බයකින් සිදු වූවක්‌ නොවේ. අනාදිමත් කාලයක සිට හෙළදිව හා දඹදිව අතර පැවති වෙළෙඳ සබඳතා මගින් ඔවුන් මේ රට ගැන දැන සිටින්නට ඇත. එහෙත් මෙරට ගොඩබට පසු ඔවුන් රාක්‌ෂයන් ඔවුන්ට සිතන්නට පුරුදු කළ ආකාරයේ බිහිසුණු රකුස්‌ සමූහයක්‌ නොවන බවත් ඒ එක්‌ ගෝත්‍රයක මිනිස්‌ කැලක්‌ බවත් හො¹කාර පෙනීයන්න ඇත.

මේ වනවිට දඹදිව සිංහ, අස්‌සක, මත්ස්‍ය, ආඳ, මොනර ආදී ලෙස හඳුන්වන ලද ගෝත්‍ර මෙන් හෙළදිවේ සිටියෝ යක්‌ෂ හාග දේව යන ගෝත්‍රිකයන්ය. මින් යක්‌ යනුවෙන් හැඳින්වූයේ දැඩි සිතක්‌ ඇති තදගති ඇති ගෝත්‍රිකයන්ය. එසේ නැතිව ඉතාම සියුමැලි දිව්‍ය ශරීරයක්‌ වැනි සිරුරකින් හෙබි රාම ගැන කී බමුණන්ට අනුව අද දවසේ පවා අප සිත්හි රෝපණය කර ඇති මුඛය දෙකෙළවරින් දළ යුගළක්‌ නෙරා ආ ලබෝදරයකින් යුක්‌ත හැඩපලු ගෙතුණු කෙස්‌ කැරලිවලින් හෙබි බියකරු නේත්‍ර යුග්මයක්‌ ඇති හිතළු යක්‌ෂයන් කොටසක්‌ නොවේ. රාක්‌ෂයන් ගැන මේ බියකරු චිත්තරූප අප සිත්වල ඇන්දේ රාවණාට එරෙහි වූ බමුණන් පසු කලෙක. ආ විදේශිකයන් සේම ඔවුන් හරි සිතෙන් හෝ දැක නැති ගත් කතුවරුන් හා චිත්‍ර ශිල්පීන්ය.

සම්මා සම්බුදු රජුන්ගේ පළමු ලංකා ගමනේදී මහියංගනේ වැඩ සිට බුද්ධ ශරීරයෙන් ගිණිදැල් මවා යකුන් ගිරි දිවයිනට බියකර පලවා හැරි බව අපේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන්ය. බොහෝ විහාරස්‌ථානවල අති බිහිසුණු රූපකායකින් යුතු රකුසන් රැලක්‌ බුදු සිරුරෙන් විහිදෙන ගිණිදැල් දැක බියපත්ව පලා යන හැටි දක්‌වා ඇත. තුන්ලෝකාග්‍ර වූ මහා කරුණා නිධාන වූ සම්බුදු රදුන්ට මෙයටත් වඩා කළ අවමනක්‌ තවත් ඇතිද, මිනිසුන් යකුන් මතු නොව කුරා කුහුඹියකුට පමණක්‌ නොව ක්‍ෂුද්‍ර ජීවියකුට (පෙරාපැන් බීමෙන්) පමණක්‌ නොව පොළවේ වැවෙන ගහ කොළට පවා හිංසාවක්‌ නොවන පරිදි ආදර්ශයෙන්ම ලොවට සෙත සෑදූ මහා කාරුණිකයන් වහන්සේ වෙනත් රටකට පැමිණ රකුසන් ඵළවූවායි කීම මොළය කළඳක්‌ ඇත්තෙකුට පිළිගත හැකි දෙයක්‌ද?

කුමන කරුමයක්‌ නිසා හෝ අපට මේ පරගැති චිත්තය නම් තාම ඉවත් කර ගන්නට නොහැකි වී ඇත. දහසක්‌ උපහැරණ දිය නමුදු අංශ තුන හතරක මේ සැසඳීම වුව ඊට ප්‍රමාණවත් යෑයි සිතමි.

විජයත් අපට සිංහලයකු කරන්න අප උත්සුක වූණේ ඉන්දියාවෙන් ආ බැවිනි. සාධාරණීය කරණය සඳහා යොදා ගත්තේ ශාක්‍ය වංශයට ඇති ඈත නෑකමය. සම්බුදු රදුන්ම නජම්ජා වසලෝහෝතියි දේශනා කළද ශාක්‍ය වංශයට ළඟින් යැමේ පින හේතුකොට ගෙන අපට පීතෲ ඝාතක එකකුගේ, සිය එකකුස උපන් සොයුරියව පාවා ගත් එකකුගේ, පුතු බවත් දරුණු මං පහරන්නෙකු පල් සොරකු බවත් හිස අඩක්‌ බූ ගා රටින් පිටුවහල් කළ අයකු බවත් අමතක වීය.

කුවණ්‌ණාගේ සහය ගෙන නිරායුධ රටවැසි යක්‌ෂ ගෝත්‍රිකයන් මර්දනය කර විජය නම් චෞරයා ඒ පෙදෙසේ රජකම අයිතිකර ගනී. අනුන්ගේ රටකට පාවී අවුත් රටේ කුමරියක්‌ මුලා කර කළ මේ වැඩය සැබවින්ම පල් හොරකුගේ චරිතය නැවත එළිදැක්‌වීමක්‌ නොවන්නේද?

වසර ගණනක්‌ ගිය පසු තම දෙදරුවන්ද ළමා වයසට පත්වූ පසුයි විජයට කුවණ්‌ණගේ ගෝත්‍රය මදිකමක්‌ වන්නේ. හෙතෙම ඉන්දියාවෙන් කුල කුමරියක්‌ යෑයි කියනා "විජායි" නැමැත්තිය ගෙන්වාගෙන රාජ පද ප්‍රාප්ත වේ. නමුදු විජායි වඳ ස්‌ත්‍රියක්‌ වන්නීය. තවත් තුරුම්පුවක්‌ ගසන විජය මහ රැජන ලෙස විජායි සිටියදී අවශේෂ රැජින ලෙස කුවණ්‌ණම සිටිය හැකි බව ඉන්දීය ක්‍රමයට කියයි. අන්ධවූ ආලය නිසා ජාතියට ෙද්‍රdaහි වුවද හෙළ ගති සිරිත් ඇති කුවණ්‌ණා කුමරිය ඒ ඉල්ලීම තුච්ඡ කොට සලකා තම දෙදරුවන්ද කැටිව නෑයින් වෙත යයි. නියම යක්‌ ගතිය හෙවත් තද ගතිය මනාව ඔප්පුවන්නේ මෙතනදීය. රට ජාතිය පාවාදී අසරණව එන කුවණ්‌ණා කුමරියට ඥතිත්වයට වඩා ජාති හිතෛෂී භාවය, දේශප්‍රේමය ඉහළ බව පෙන්වමින් ඉතිරි යක්‌ෂ ගෝත්‍රික මිනිසුන් කුවණ්‌ණා හෙවත් කුවේණිය. මරා දමනු ලබන්නේය. (කුවණ්‌ණා යනු දුඹුරු නැතහොත් කලු සමක්‌ ඇත්තිය යන්නය.)

ජලිත අමරසිංහ මහතා සඳහන් කළ පරිදි විජයගේ තාත්තා අධම ක්‍රියාවන් කළ අයෙකි. ඔහුගේ පුතා (විජය) ද නොට්‌ටිගෙ පුතකු නොවන්නේ අප්පා කළ දේට නොදෙවෙනි දේ කළ නිසාය. හෙතෙම සිය රටේ සිsටියදී දූෂණද භීෂණද හොරකම්ද මැරකම්ද මහා පරිමාණයෙන් කර ජනතා ශාපයට ලක්‌ව රාජ උදහස ලැබ 700 ක්‌ තරම් වූ තම නඩය සමගම අඩක්‌ හිස බූ ගෑමකට ලක්‌ව රටින් පිටුවහල් කරනු ලබයි.

ඉන්පසු වෙනත් රටකට ගොඩබැස එරට කුමරියක්‌ රවටා හෝ රැවටී. කරකාර බැඳගෙන වසරක පමණ ඇවෑමෙන් රටතොට තරමක්‌ හැඳින බිරිඳගේ උපදෙස්‌ හා උපකාර ගෙන නිර්ලඡ්ජිත ලෙස නිරායුධව අවා මඟුලකට රැස්‌වෙන රටවැසියන් වටකොට මරා දමා රජය පැහැර ගනී. වසර ගණනකට පසු කුලය ගැන කියා තමන්ට දාව දරු දෙදෙනකුත්, රටක්‌ රාජ්‍යයක්‌ සිරිකර දුන් තම බිරිඳ පලවා හැර තම රටින් බිරිඳක්‌ ආනයනය කර ගනී. තම ලෙයින් උපන් දරු දෙදෙනා පන්නා ගැනීම රාජ්‍යය ලබා දුන් බිරිය පන්නා ගැනීම රජකු තබා සාමාන්‍ය මිනිසකුටත් හොබිනා දෙයක්‌ද?

මේ ලාට බලය වැඩිකල් මෙරට ර¹ පවතින්නේ නැත. රජ පවුලේ කුමරියක කුස තුළ ස්‌වදේශික නායකයකුට දාව ඉපිද යකුන් හා නයින් අතරේ වැඩෙන රාජකීය කුමරකු අද දක්‌වා තරම් පහළ නොවුන මහ ඇදුරකුගේ උපදෙස්‌ මත මුළු ලාට රටපුරම වනසා හෙළ රජු බවට පත්වී මුළු රටම පළමු වරට එක්‌සේසත් කරයි. අද දියුණුයෑයි කියන ජාතීන් කොළ අතු ඇන්ද කාලේ ලොවම විස්‌මිත කරවන වාපි කර්මාන්තයෙන් නගර නිර්මාණයෙන් යහපත් පාලනයෙන් වසර 70 ක්‌ පෙළහර පෑ ඒ කුමරුවාණෝ "පඬු අබා" නම් වේ.

සිංහලේ උපත වූ ඒ රාජ සමය ගැන නැවත කතිකාවකට කාලය එළැඹ ඇති බව නම් තුන් හෙළේ පුරා විසිරී සිටින දෑ හිතකාමී සියලු ජනයා ඒකමතිකව පිළිගන්නවා ඇත.

හෝමාගම - ආර්. සී. වතුහේන

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v