2009 දෙසැම්බර් 09 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනය තහනම්

අධිකරණ නිලධාරීන්, සන්නද්ධ සේවාවල නිලධාරීන්, පොලිස්‌ නිලධාරීන්, ග්‍රාමසේවා ඇතුළු
සාම නිලධාරීන්, බන්ධනාගාර
නිලධාරීන්, රජයේ සේවයේ
නියුක්‌ත මාණ්‌ඩලික හෝ
අධීක්‍ෂණ නිලධාරීන් හා මැති
වරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවයේ
නියුතු නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් භුක්‌ති විඳීමට හිමිකමක්‌ නැති බව චක්‍ර
ලේඛයක්‌ නිකුත් කරමින්
දිශානායක මහතා සඳහන්
කරයි.

 



වවුනියාවේ පුලියන්කුලම ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසල වළ දමා තිබූ මිල කළ නොහැකි දේව ප්‍රතිමා 39 ක්‌ පුලියන්කුලමේ පොලිස්‌ නිලධාරීන් විසින් 8 දා සොයා ගෙන තිබේ.


පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව වැඩි ඡන්ද තිස්‌ පහකින් සම්මත වේ
රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කරමින් පාර්ලිමේන්තුව අක්‍රීය කිරීමට කටයුතු කරන බව විපක්‍ෂයේ සංවිධායක පැවැසීය.


  
 
  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන
    ක්‍රමවේදය වහා රටට හෙළි කරන්න

    - ඇමැති පාඨලී රණවක
    විපක්‌ෂය අවස්‌ථාවාදී සන්ධානයකට එකතු වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. මේ අයට කිසිම එකඟතාවක්‌ නැහැ. ඇත්තේ වියවුලක්‌ පමණයි. සරත් ෆොන්සේකා මහතා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරෙන් ඉවත් වූයේ බලයක්‌ නැතැයි පවසමින්. නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ජනාධිපති ධුරය බල රහිත වීමක්‌ සිදුවෙනවා.
     
  • තම පක්‍ෂය සැමවිටම දිනන අපේක්‌ෂකයාට
    සහාය පළකරනවා

    ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති
    දමිළ ජනතාවගේ උරුමය ආරක්‌ෂා කර දීමටත් එම ජනතාවට සහන ලබාදීමටත් වත්මන් ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර ඔහු නැවත පත්වූ පසු තමන්ට ඇති ප්‍රශ්න සාකච්ඡා කරගත හැකි බව ද මුත්තු සිවලිංගම් මහතා සඳහන් කර සිටියේය.

 

 


 
  • මහවැලි නිම්නයේ උරුමය
    ක්‍රි.පූ දෙවන ශත වර්ෂය පමණ වනවිට ඉතා පැහැදිලි ලෙසම මෙම පහළ නිම්නීය ප්‍රදේශය ආශ්‍රිතව නාගරික සමාජයක්‌ බිහිව තිබූ බවට සාධක සාහිත්‍ය මූලාශ්‍රවලින්ද අනාවරණය වේ. පැරණි මහවැලි නදිය දෙපස සෝමාවතිය ස්‌තූපය වැනි මහා විහාර සංකීර්ණත්, සෙසු විහාර ඉතා පුළුල්වත් ඉදිකිරීම් කෙරෙහි බලපාන්නට ඇත්තේ පූර්ව ඓතිහාසික යුගයේ පටන් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක සමාජ ආර්ථික පසුබිමයි.

  

  


 
  • සුසන්තිකාට ඔලිම්පික්‌ රිදී පද්කකම
    පිරිනැමීමේ තීරණය අද

    සිඩ්නි ඔලිම්පික්‌ උළෙලේදී ජෝන්ස්‌ විසින් දිනාගන්නා ලද පදක්‌කම් ආපසු පවරා ගැනීම පිළිබඳ මූලික එකඟතාවකට (ජාත්‍ය න්තර ඔලිම්පික්‌ කමිටු ප්‍රධානීන්) පැමිණ සිටියද අද ස්‌විට්‌සර්ලන්තයේ ලොසැන්හි ඇරඹීමට නියමිත ජාත්‍යන්තර ඔලිම්පිsක්‌ කමිටු විධායක සභාවේ දෙදින සැසිsයේදී එම තීරණය නිsල වශයෙන් ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇත.

  

Kapruka Shopping |  News

උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -