කොටින්ගේ නැව් තුනක්‌ ශ්‍රී ලංකාවට රැගෙන එයි

නෝමන් පලිහවඩන සහ කීර්ති වර්ණකුලසූරිය

නාවික හමුදා දිනය (09 දා) සමරන මොහොතේ කොටි සංවිධානය සතුව තිබූ නැව් තුනක්‌ ජාත්‍යන්තර මුහුදු තීරය හරහා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව රජයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට ඊයේ පැවැසීය. මෙම නැව් තුන ශ්‍රී ලංකාවට රැගෙන එන පුවත ඉකුත් 2 වැනිදා "දිවයින" මගින් මුල් වරට හෙළි කරන ලදී.

මෙම නැව් තුනට දැඩි රැකවරණ යොදා ඇති අතර මේ පිළිබඳ වැඩි තොරතුරු ආරක්‍ෂක හේතූන් මත හෙළි නොකරන බව රජය කියයි.

කොටි සංවිධානයේ ජාත්‍යන්තර වත්කම් ශ්‍රී ලංකා රජය වෙත අත්පත් කර ගැනීමේ පළමු අදියර මෙම නැව් තුනෙන් ඇරඹූ බව රජයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවැසීය.

මෙම නැව් තුනට අමතරව තවත් නැව් තුනක්‌ ජාත්‍යන්තර මුහුදු තීරය ඔස්‌සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ක්‍රියා කරගෙන යන බව රජය කියයි.

මෙම නැව් උපයෝගි කරගෙන කොටි සංවිධානය රටවල් ගණනාවකම නීතිවිරෝධී ජාවාරම් කරගෙන ගොස්‌ ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

කොටි සංවිධානයේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරු වන කේ. පී. නොහොත් කුමරන් පද්මනාදන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ මගින් මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළි වූ තොරතුරු අනුව කොටින්ගේ ජාත්‍යන්තර දේපළ පිළිබඳ තොරතුරු අනාවරණය විය.

මේ අතර කොටි සංවිධානයේ කුඩා ගුවන් යානා කීපයක්‌ ළඟදීම මෙරටට ගෙන ඒම පිළිබඳ රජය සැලකිල්ලට ලක්‌කර ඇත.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v