සූකර උණෙන් මේ වන විට 21 දෙනකු මියගිහින්
450 කට රෝගය බෝවෙලා

ඒමන්ති මාරඹේ

ඉකුත් ජුනි මාසයේ සිට මෙරට පැතිර යන එච් 1 එන් 1 හෙවත් ඉන්ෆ්ලුවන්සා උණ හෙවත් සූකර උණ රෝගයට මේ වන විට 450 ක්‌ පමණ දෙනා ගොදුරුව ඇති අතර එම රෝගීන් 21 දෙනකු මියගොස්‌ ඇතැයි වසංගත රෝග අංශය පවසයි.

මෙසේ මියගොස්‌ ඇති අයගෙන් සිවුදෙනකු ගැබිනි මවුවරුන්ය. සූකර උණ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වනුයේ වයස අවුරුදු 21 ත් 30 ත් අතර වයස්‌ කාණ්‌ඩයේ අය බව පෙනී ගොස්‌ ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ගීතානි වික්‍රමසිංහ මහත්මිය කීවාය.

දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ පැතිර පවතින සූකර උණ රෝගය වැඩි වශයෙන්ම පැතිර යනුයේ බස්‌නාහිර පළාතේ බව ද වෛද්‍ය වික්‍රමසිංහ පැවැසුවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (08 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මෙම කරුණු අනාවරණය කළාය. මෙහිදී අදහස්‌ දැක්‌වූ මෙරට සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය ෆිර්දෝසි රුස්‌ටම් මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව සූකර උණ එන්නත් තුන්ලක්‍ෂ අසූදහසක තොගයක්‌ ලබන ජනවාරි මාසය තුළදී මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති බවයි.

මෙම එන්නත්වල ආරක්‍ෂිත බව පිළිබඳ මෙතෙක්‌ කිසිදු ගැටලුවක්‌ පැනනැඟී නොමැති බව කී වෛද්‍ය රුස්‌ටම් මේ වන විට ලොව පුරා රටවල් 40 කට එම එන්නත් මාත්‍රා මිලියන 100 ක්‌ ලබා දී ඇති බව සඳහන් කළේය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v