නන්දිමිත්‍ර ඒකනායක ආණ්‌ඩු පක්‍ෂයේ අසුන් ගනී

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

එක්‌සත් ජාතික පක්‍ෂයේ මාතලේ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායක මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයේ අසුන් ගත්තේය. දිනට නියමිත කටයුතු ආරම්භ කිරීමට පෙර විශේෂ ප්‍රකාශයක්‌ කළ නන්දිමිත්‍ර ඒකනායක මහතා සභාව මැදින් ආණ්‌ඩු පක්‍ෂය වෙත ගොස්‌ පළමු පෙළ සිටි අගමැතිවරයාට ද ආචාර කරමින් පළවැනි පේළියේ හිස්‌ව තිබූ අසුනක හිඳ ගත්තේය.

විපක්‍ෂයේ සිට ආණ්‌ඩු පක්‍ෂය වෙත ගමන් කරද්දී විදුලිබල ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරියට පැමිණ ඒකනායක මහතාව වැළඳගත්තේය. මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ සිටි මන්ත්‍රීවරු සියලු දෙනා අත්පොළසන් දෙමින් නන්දිමිත්‍ර ඒකනායක මහතාව පිළිගත්හ.

පක්‍ෂය මාරු කිරීමට පෙර විශේෂ ප්‍රකාශයක්‌ කළ නන්දිමිත්‍ර ඒකනායක මහතා මෙසේ කීය.

මම දීර්ඝ කාලයක්‌ විපක්‍ෂයේ අසුන්ගෙන සිටියා. මවුබිමට ආදරය කරන මිනිසකු ලෙස යුද්ධය ජයගෙන සිටින මේ මොහොතේදී රට ගමන් කරන දිශාව බලා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළට සහය දෙන්න මං ආණ්‌ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කළා.

ඒකනායක මහතා ආණ්‌ඩු පක්‍ෂයට යද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිනාසෙමින් එදෙස බලා සිටියහ.

එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී ඇලික්‌ අළුවිහාරේ මහතාගේ අභාවය නිසා හිස්‌වූ අසුනට නන්දිමිත්‍ර ඒකනායක මහතා පත්ව සිටී.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v