පුලියන්කුලම කෝවිලක්‌ අසලින් දේව
ප්‍රතිමා 39 ක්‌ ගොඩගනී


දිනසේන රතුගමගේ

වවුනියාවේ පුලියන්කුලම ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසල වළ දමා තිබූ මිල කළ නොහැකි දේව ප්‍රතිමා 39 ක්‌ පුලියන්කුලමේ පොලිස්‌ නිලධාරීන් විසින් 8 දා සොයා ගෙන තිබේ. පුලියන්කුලම ගම්මානයේ වැසියන් නැවත පදිංචිය සඳහා එම ගම්මානයට පැමිණි නිසා ඔවුන්ට පළාතේ කෝවිල ශ්‍රමදානයක්‌ මගින් සුද්ධ පවිත්‍ර කොට දීමට පොලිසිය කටයුතු කරමින් සිටි අවස්‌ථාවේදී මෙම පිළිම හමුවී තිබේ.

අඩි 21/2 සිට විවිධ උස ප්‍රමාණවලින් හා විවිධ දේව රූපවලින් යුත් පිළිම 39 ක්‌ මේ වන විට පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම පිළිම සියල්ලම ඉන්දියාවේදී යන්ත්‍රානුසාරයෙන් නිපදවා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.



යුද්ධය හේතුවෙන් පිළිමවලට විනාශයක්‌ සිදුවීම වළක්‌වා ගැනීම පිණිස හෝ කිසියම් ස්‌ථානයකින් සොරාගන්නා ලද පිළිම මේ ආකාරයට වළ දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මාන්කුලම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී රන්මල් කොඩිතුවක්‌කු මහතා මෙම පිළිම පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට කරුණු ඉදිරිපත් කොට ඇති අතර පිළිම පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා අනුරාධපුරයේ සිට පුරාවිද්‍යාඥයන් පිරිසක්‌ පුලියන්කුලම ප්‍රදේශයට යෑවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සහකාර පොලිස්‌ අධිකාරි සංජීව බණ්‌ඩාර, උප පොලිස්‌ පරීක්‍ෂක අබේරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම පිළිම සියල්ල සුද්ධ පවිත්‍ර කොට ඉතා සුරක්‍ෂිතව පුලියන්කුලම පොලිසිය තුළ තැන්පත් කොට තිබේ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v