විපක්‍ෂ විරෝධතා මැද
පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව
වැඩි ඡන්ද තිස්‌ පහකින් සම්මත වේ


කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

පාර්ලිමේන්තු රැස්‌වීම ජනවාරි 05 දා තෙක්‌ කල් තැබීම සඳහා ආණ්‌ඩු පක්‍ෂය විසින් ගෙන ආ යෝජනාව ඊයේ (08 දා) වැඩි ඡන්ද තිස්‌ පහකින් සම්මත විය. දෙසැම්බර් මාසය සඳහා එක දිනක්‌ එනම් ඊයේ පමණක්‌ පාර්ලිමේන්තු රැස්‌වීම් පවත්වා ඉදිරි දිනවල නොපැවැත්වීමට ආණ්‌ඩුව විසින් කරනු ලැබූ යෝජනාවට විපක්‍ෂය විරෝධතාව දැක්‌විය.

එම නිසා කථානායක වි. ජ. මු. ලොකුබණ්‌ඩාර මහතා එම යෝජනාව පිළිබඳ සභාවේ කැමැත්ත විමසීය. ඒ සඳහා ඡන්දයක්‌ අවශ්‍ය බව ජනතා විමුක්‌ති පෙරමුණේ කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

යෝජනාවට පක්‍ෂව ඡන්ද අසූනවයක්‌ද විරුද්ධව ඡන්ද පනස්‌ හතරක්‌ද ලැබිණි.

මෙම සතියේ ඉදිරි දිනවල පාර්ලිමේන්තුව රැස්‌ නොවීමට රජය ගත් තීරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශකර ඒකාධිපතිවාදය කරා ගමන් කිරීමක්‌ බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කරමින් පාර්ලිමේන්තුව අක්‍රීය කිරීමට කටයුතු කරන බව විපක්‍ෂයේ සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවැසීය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v