පාසල් පෙළපොත් බෙදාදීමේ
ජාතික උළෙල අද යාපනේදී


නිලන්ත මදුරාවල

ලබන වසර සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය පෙළපොත් බෙදාහැරීමේ ජාතික උත්සවය යාපනය වෙම්බඩි උසස්‌ බාලිකා විදුහලේදී අද (09 වැනිදා) පෙරවරුවේ උත්සවාකාරයෙන් පැවැත්වේ.

මෙම උත්සවයට සමගාමීව සියලුම පාසල්වල පෙළපොත් බෙදාහැරීම සඳහා වැඩසටහන් සකස්‌ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස්‌ දී ඇත.

පාසලේ පොදු රැස්‌වීමක්‌ කැඳවා පෙළපොත් ප්‍රදානය සංකේතවත් කිරීම, මනා සැලකිල්ලකින් යුතුව පෙළපොත් පරිහරණය කළ සිසුන්ට සහතික ප්‍රදානය කිරීම, පෙළපොත් හොඳින් පරිහරණය කිරීම පිළිබඳ උපදෙස්‌ ලබාදීම යන අංග මෙම වැඩසටහනට ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇත.

යාපනයේ පැවැත්වෙන ජාතික උළෙල සජීවීව විකාශය කිරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එම ජාතික වැඩසටහන නැරඹීමට හෝ සවන්දීමට සිසුන්ට අවස්‌ථාව සලසන ලෙස ද අමාත්‍යාංශය උපදෙස්‌ දී තිබේ.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වෙන අතර අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති එස්‌. සචිත්තානන්දන් හා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්‌ ජනරාල් ජයන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වෙති.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v