පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ
සහල් මෝල් 300ක්‌ වැසී ගිහින්


කරුණාරත්න ගමගේ - පොළොන්නරුව

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සහල් මෝල් 300 කට අධික ප්‍රමාණයක්‌ මේ වන විට වැසී ගොස්‌ ඇත.

සහල් නිපදවීම සඳහා ප්‍රමාණවත් තරම් වී තොග තමන් සතුව නොමැතිවීම මෙම සහල් මෝල් වැසීයැමට හේතුව බව මෝල් හිමියෝ කියා සිටිති.

පසුගිය යල කන්නයේ වී අස්‌වනුවලින් එක්‌රැස්‌ කර ගත් වී තොග සියල්ල බොහෝ සහල් මෝල්වල අවසන්වීමත් සමඟ මෙසේ සහල් මෝල් වැසී තිබේ.

පොළොන්නරුව දැනට සහල් නිපදවීමේ නිරතව සිටිනුයේ මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනකු පමණක්‌ බව ද වැසුණු මෝල් හිමියෝ පවසති.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යැමට ද මෙම නිෂ්පාදනය අඩුවීම බොහෝදුරට බලපා ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v