රජයට තර්ජන කරන නැගෙනහිර
සංවිධානයක නායකයා වහා අල්ලන්න

නැගෙනහිර හමුදා නායකයන්ට නියෝගයක්‌

කීර්ති වර්ණකුලසූරිය

රජයේ සහ ආර්ථික මර්මස්‌ථානවලට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇති ජනතා විමුක්‌ති හමුදාව නමින් හඳුන්වා ගත් නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන රහස්‌ සංවිධානයක්‌ හා එකී නායකයා යෑයි පවසන කෝනස්‌ නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නැයි ආරක්‍ෂක බලධාරීන් නැගෙනහිර හමුදා නායකත්වයට නියෝග කර ඇත.

තමන් යටතේ 300 ක පිරිසක්‌ ද අවතැන්වූවන්ගේ කඳවුරුවල සිට මුදාහැරි 5000 ක්‌ ද සිටින බවට කෝනස්‌ නමැත්තා පවසා තිබේ.

මේ අතර ආරක්‍ෂක ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසුවේ මෙවන් කණ්‌ඩායමක තොරතුරු රජය වෙත ලැබී තිබෙන බවයි.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v