වැට්‌ බදු ආපසු ගෙවීම් ප්‍රමාදය
වළක්‌වන්න විශේෂ ඒකකයක්‌

ශ්‍යාම් නුවන් ගනේවත්ත

වැට්‌ බදු ආපසු ගෙවීම් ප්‍රමාදය වළක්‌වන්න විශේෂ ඒකකයක්‌ ආරම්භ කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල් මහින්ද මැදගොඩ මහතා පැවසීය.

ප්‍රමාදයට ලක්‌ව ඇති ආපසු ගෙවීම් කඩිනමින් ගෙවීමට මේ ඒකකය හරහා පියවර ගන්නා බවද දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්වරයා සඳහන් කළේය.

දැනට ප්‍රමාද වී ඇති සියලු වැට්‌ බදු ආපසු ගෙවීම් දෙසැම්බර් 31 දිනට පෙර ගෙවීමටත්, අඩුපාඩු සහිත ඉල්ලීම් සම්බන්ධයෙන් දැනුම් දීම් කිරීමටත් නියමිත බවද ඒ මහතා කීය.

මේ අනුව 2010 වසරේදී අලුතින් සිදු කරන වැට්‌ බදු ආපසු ගෙවීම් සම්බන්ධයෙන් පමණක්‌ සලකා බැලීමට අපේක්‍ෂා කෙරෙන බවද දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්වරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් 0113009400, 0112302251, 0112302098 සහ 0113009011 යන දුරකථන අංකවලින් වැඩිදුර විමසීම් කළ හැකිය.

මේ තොරතුරු අනාවරණය වූයේ පසුගියදා නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට නියෝජ්‍ය කොමසාරිස්‌ ජනරාල් එච්. බී. එA. සෙනෙවිරත්න, නියෝජ්‍ය කොමසාරිස්‌ එම්. ඡේ. ගුණසිරි සහ නියෝජ්‍ය කොමසාරිස්‌ මල්ලිකා සමරසේකර යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v