වැඩි ඡන්ද 74 කින් හදිසි නීතිය සම්මතයි

කුෂාන් සුභසිංහ, අජිත් අලහකෝන්

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද හැත්තෑ හතරකින් ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

යෝජනාවට පක්‍ෂව ඡන්ද අනූපහක්‌ද විපක්‍ෂව ඡන්ද විසි එකක්‌ ද ලැබිණි. ඡන්දය විමසන අවස්‌ථාවේ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු සභා ගැබෙහි නොසිටියහ. එක්‌සත් ජාතික පක්‍ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනාවට විපක්‍ෂව ඡන්දය දුන්හ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v