වසර තුනකදී දෙහිවල සත්වෝද්‍යානයේ
සතුන් 200 ක්‌ මිය ගිහින්


කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි සතුන් දෙසිය දෙනකු පසුගිය වසර තුන තුළදී මරණයට පත්ව ඇතැයි ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආයුෂ නිමවීමෙන් හා ලෙඩ රෝග වැළඳීමෙන් මෙම සතුන් මරණයට පත්ව ඇතැයි කී ලොකුගේ මහතා 2006 වසරේදී සතුන් 95 ක්‌, 2007 වසරේදී සතුන් 94 ක්‌ සහ 2008 වසරේදී සතුන් 11 ක්‌ මිය ගොස්‌ ඇතැයි ද කීය.

අදාළ වසර තුන තුළදී දෙහිවල සතුන් වත්තේ අලුතෙන් සතුන් හතළිස්‌ පස්‌ දෙනෙකු ඉපදී ඇතැයි ද පිටරටින් සතුන් දෙසිය හැත්තෑ හතර දෙනෙකු ගෙනැවිත් ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු අට දෙනෙක්‌ සහ සෙසු කාර්ය මණ්‌ඩලයේ හාරසිය අනූහත් දෙනෙකු සිටින බව ද කී ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඉහත වසර තුනේදී සතුන්වත්තේ ආදායම රුපියල් කෝටි පනස්‌ තුනක්‌ බව ද වියදම රුපියල් කෝටි සියයක්‌ යෑයිද කීය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v