ජොන්ස්‌ටන්ට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌

පියසේන දිසානායක

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට එ. ජා. ප. ය තීරණය කර ඇත.

ප්‍රසිද්ධියේ පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු පක්‍ෂ විනය නීති රීති කඩ කරමින් පසුගිය දින කිහිපය තුළ ඔහු කටයුතු කිරීම නිසා මෙම තීරණය ගත් බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවැසීය.

දැනට විදේශගතව සිටින පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ මේ පිළිබඳව පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v