සෞදියේ පාලමක්‌ යට සිටින ශ්‍රී ලාංකිකයන්
ගෙන්වා ගැනීම බාලගිරි දෝෂය වගේ කල්යයි

රන්ජන් රාමනායක

නෝමන් පලිහවඩන

සවුදි අරාබියේ ජෙඩා නගරයේ පාලමක්‌ යට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම බාලගිරි දෝෂයක්‌ බවට පත්නොකරන ලෙස සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායක රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් ඉල්ලා සිටී.

එම ශ්‍රී ලංකිකයන් පිරිස සති ගණනාවක්‌ තිස්‌සේ අන්ත අසරණව මෙසේ පාලම යට ජීවත්වෙන අතර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම කතාබහට පමණක්‌ ලක්‌වී තිබෙන බවද ඒ මහතා පවසයි.

මෙම ශ්‍රී ලාංකිකයන්ට සෞඛ්‍ය ප්‍රශ්න තදින් බලපා තිබෙන අතර සමහරු දැනටමත් විවිධ රෝගවලට ලක්‌වී තිබෙන බවද රන්ජන් රාමනායක මහතා කීවේය.

මෙම පිරිස අතර ගැබිනි කාන්තාවන් පස්‌දෙනකු සිටින බවද හෙතෙම සඳහන් කළේය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v